යහපත් අනුශාසනාදායක වූ මාතාවන් (ලතින්: Mater boni consilii) යනු, ඉතාලියේ රෝමයට නුදුරින්, වර්තමානයේ ජෙනසානෝ හි දහතුන්වන සියවසේ අගුස්තීනු දේවස්ථානයෙන් හමු වූ ආශ්චර්යමත් යැයි පැවසෙන සිතුවමකින් පසුව, කන්‍ය මරිය තුමියට ලබා දී ඇති නාමයකි.
මෙම සිතුවම සෙන්ටිමීටර 40 සිට 45 දක්වා (අඟල් 16 සිට 18 දක්වා) ප්‍රමාණයෙන් යුත් රූපය බිත්තර කටුවකට වඩා ඝනකමකින් තොර තුනී ප්ලාස්ටර් තට්ටුවක් මත නිර්මාණය කරන ලද බිතු සිතුවමකි. ශතවර්ෂ ගණනාවක් පුරා, සාන්තුවරුන් සහ ශුද්ධෝත්තම පියතුමන්ලා අතර යහපත් අනුශාසනාදායක වූ මාතාවන් කෙරෙහි භක්තිය වර්ධනය වූ අතර, එය පිළිබඳ සඳහනක් ලොරේටෝ හි ලිටානි වෙත එකතු වූ අතර මෙම භක්තිය ලොව පුරා පැතිර ගියේය. යහපත් අනුශාසනාදායක වූ මාතාවන්ගේ මංගල්‍යය අප්‍රේල් 26 වන දින සමරනු ලබයි.
5 වන සියවසේදී, III වන සික්ස්ටස් පාප්තුමාගේ පාලන සමයේදී, රෝමයට දකුණින් කිලෝමීටර් 48 (සැතපුම් 30) පමණ දුරින් පිහිටි ජෙනසානෝ නගරය, වර්තමානයේ සැන්ටා මරියා මැගියෝර් ලෙස හඳුන්වන රෝමානු බැසිලිකාව සඳහා එහි ආදායමෙන් විශාල කොටසක් දායක කර ඇත. එයට අගය කිරීමක් වශයෙන්, ජෙනසානෝ හි සැන්ටා මරියා නමින් දේවස්ථානයක් ඉදිකරන ලද අතර පසුව 1356 දී අගුස්තීනු නිකායට එය භාර දෙන ලදී. ජෙනසානෝ දේවස්ථානය ජනප්‍රිය වන්දනා ස්ථානයක් බවට පත් විය. බොහෝ සුව කිරීම් එහි සිදු වන බව පැවසේ. වන්දනාකරුවන්ගේ අධ්‍යාත්මික අවශ්‍යතා සඳහා සේවය කිරීමට අගුස්තීනු නිකායික පියවරුන්ට ආරාධනා කරන ලද අතර ඔවුන් අද දක්වාම එහි සේවය කරනු ලබයි.
සම්ප්‍රදායට අනුව,ක්‍රි.ව. 1467 දී ඇල්බේනියාවේ කුඩා පල්ලියකින් මෙම භක්තිය ආරම්භ වූ බව කියනු ලැබේ. මෙම දේවස්ථානයේ ළදරු ජේසුතුමන් සමඟ සිටින අප ස්වාමිදූගේ පැරණි සිතුවම තිබී ඇති අතර එය පැමිණියේ කොහෙන්දැයි ගමේ කිසිවෙකු දැන සිටියේ නැත.
තුර්කි ජාතිකයන් ඇල්බේනියාව ආක්‍රමණය කිරීම නිසා බොහෝ ගම්වැසියන් පලා යමින් සිටියහ. ජෝර්ජියෝ සහ ඩි ස්කාල්විස් යන තරුණයන් දෙදෙනෙක් නිතරම යාච්ඤා කිරීමට පල්ලියට ගියහ. මරිය තුමීගේ සිතුවමේ නිරූපණය කර ඇති පරිදි ඔවුන් මරියාවන් කෙරෙහි විශේෂ භක්තියක් ඇති කර ගත් අතර එය විනාශ වනු ඇතැයි කනගාටු විය. එක් රාත්‍රියක ඔවුන් දේවස්ථානයේ යාඥා කරමින් සිටියදී ඔවුන් දෙදෙනාම නින්දට වැටුණු අතර මරියාවන් තමන්ට රටින් පිටව යන ලෙස අණ කළ බව සිහිනයෙන් දකින ලදි. එම සිතුවම ද තුර්කි ජාතිකයන්ගෙන් බේරීමට පිටත්ව යන බවත්, ඔවුන් සිතුවම කොහේ ගියත් එම බැතිය අනුගමනය කළ යුතු බවත් ඇය පැවසුවාය.
උදෑසන සිතුවම බිත්තියෙන් වෙන් වී සුදු වලාකුළකින් වැසී ගියේය. සිතුවම ඔවුන්ව වෙරළට ගෙන යන විට ඔවුහු ඒ පසුපස ගියහ. ඉන්පසු ඔවුන් ඉතාලි වෙරළට ළඟා වන තෙක් ජලය හරහා එය අනුගමනය කරමින් ගමන් කරන ලදි. දින කිහිපයකට පසු වලාකුළ සහ චිත්‍රය අතුරුදහන් විය. ජෝර්ජියෝ සහ ඩි ස්කාල්විස් දෙදෙනා ජෙනසානෝ හි පැරණි අගුස්තිනු ශාන්ත මරියා දේවස්ථානය සොයා ගන්නා තෙක් ඔවුන් සිතුවම පිළිබද සෙවීමට පටන් ගත්හ.
වර්ෂ 1467 දී, ශාන්ත මාක් තුමාගේ මංගල්‍යය සඳහා වූ උත්සව මධ්‍යයේ, නගර වැසියන්ට හදිසියේම "විශිෂ්ට සංගීතය"ක් ඇසුණි. එවිට දේවස්ථානයේ නිම නොකළ බිත්තිය මත අද්භූත වලාකුළක් බැස ඇති බව කියනු ලැබේ. මිනිසුන් ඉදිරියෙහි, වලාකුළ විසුරුවා හරින ලද අතර, කන්‍යා මරිය තුමියගේ සහ ක්‍රිස්තු ළදරුවාගේ, වඩා ඝනකමක් නැති සහ අඟල් දහඅටකට නොවැඩි හතරැස් බිතු සිතුවමක් දර්ශනය විය. එය ආශ්චර්යමත් ලෙස ඇල්බේනියාවේ ස්කුටාරි හි දේවස්ථානයකින් වැඩම කර ඇති බවට බොහෝ දෙනා විශ්වාස කළහ.
අප ස්වාමිදූගේ පින්තූරය මුලින් "La Madonna del Paradiso" ලෙස හැඳින්වූ අතර දැන් එය "Madonna del Buon Consiglio" (යහපත් අනුශාසනාදායක වූ මාතාවන් ) ලෙස හැඳින්වේ.
1864 දී IXවන පියුස් පාප් වහන්සේ කළාක් මෙන් 1630 දී VIII උර්බන් පාප් වහන්සේ ස්වර්ගයේ රැජිනගේ ආරක්ෂාව ඉල්ලා සිටි බව පැවසේ. ඇයගේ භක්තිය පිළිබඳ කීර්තිමත් විශ්වාසිකයන් අතර ශාන්ත ඇලෝසියස් ගොන්සාගා, ශාන්ත ඇල්ෆොන්සස් ලිගුරි, ශාන්ත ජෝන් බොස්කෝ සහ භාග්‍යවර ස්ටීවන් බෙලෙසිනි වේ.
1957 සිට 1959 දක්වා කාලය තුළ සිදු කරන ලද ප්රතිසංස්කරණයකදී උපදේශන ලද කලා ප්‍රවීණයන් යෝජනා කරන්නේ මැඩෝනාගේ රූපය වරක් බිත්තිය ආවරණය කරන ලද විශාල බිතු සිතුවමක කොටසක් වූ අතර පසුව එය ප්ලාස්ටර් වලින් ආවරණය කළ බවයි. ඔවුන් විශ්වාස කරන්නේ මෙම බිතු සිතුවම පහළොස්වන සියවසේ මුල් භාගයේ චිත්‍ර ශිල්පී ජෙන්ටයිල් ඩා ෆැබ්රියානෝගේ නිර්මාණයක් විය හැකි බවත්, එය පස්වන මාටින් පාප්තුමාගේ (1417-1431) කාලයේ දී සිතුවම් කර ඇති බවත්ය.
මෙම භක්තිය ජාත්‍යන්තරව ව්‍යාප්ත කිරීමට අගුස්තීනු නිකාය දායක විය. 1753 දී XIV වන බෙනඩික්ට් පාප් වහන්සේ යහපත් අනුශාසනාදායක වූ මාතාවන්ගේ දැහැමි සංගමය පිහිටුවන ලදී. ධාර්මික සංගමයේ සාමාජිකයෙකු වූ XIII ලියෝ පාප්තුමා මෙම භක්තියට දැඩි ලෙස බැඳී සිටියේය.
1903 අප්‍රේල් 22 වන දින, XIII ලියෝ පාප් වහන්සේ විසින් ලොරේටෝ හි ලිටානියේ "Mater boni consilii" මෙම ආමන්ත්‍රණය ඇතුළත් කරන ලදී. 1939 දී, XII පියුස් පාප් වහන්සේ යහපත් අනුශාසනාදායක වූ මාතාවන්ගේ මාතෘක රැකවරණය යටතේ තබමින්ව යාඥාවක් සම්පාදනය කරන ලදි.
වසර ගණනාවක් පුරා, විවිධ ආයතන මරියාවන්ට ගෞරවයක් වශයෙන් යහපත් අනුශාසනාදායක වූ මාතාවන් යන නාමය යටතේ නම් කර ඇත. මෙම ආයතනවලට විද්‍යාලයක්, උසස් පාසල් සහ පල්ලි ඇතුළත් වේ.
ශාන්ත මාර්ක්ගේ උත්සවයට පසුදින යහපත් අනුශාසනාදායක වූ මාතාවන්ගේ මංගල්‍යය එනම් අප්‍රෙල් 26 දින සමරනු ලැබේ.
යහපත් අනුශාසනාදායක වූ මාතාවන් ශාන්ත පීටර් ක්ලේවර්ගේ මිෂනාරි සහෝදරියන්ගේ, නාම සාන්තුවරිය වේ ඒලෙසම ජාතික කතෝලික කාන්තා කවුන්සිලයේ සහ කැනඩාවේ කතෝලික කාන්තා ලීගයේ නාම සාන්තුවරිය ලෙසද මෙතුමිය නම් කර ඇත.
0 Comments