꧁☆༒☬✟✟ 2022 මාර්තු 26 ✟✟☬༒☆꧂

 



                                 2022 මාර්තු 26 සෙනසුරාදා චතාරික කාලයේ තුන්වන සතිය            


පළමු කියවීම  ‌   හොසියා6:1-6

1“එන්න; අපි සමිඳාණන් වහන්සේ වෙත හැරී යමු; අප ඉරාදැම්මේ උන් වහන්සේ ය; අප සුව කරන්නේත් උන් වහන්සේ ය; අපට පහර දුන්නේත් උන් වහන්සේ ය; අපේ තුවාළ බඳින්නේත් උන් වහන්සේ ය. 2දෙදිනකට පසු උන් වහන්සේ අප ප්‍රාණවත් කරන සේක; තුන් වන දා අප නැඟුටුවන සේක. එවිට අපි උන් වහන්සේ ඉදිරියෙහි ජීවත් වන්නෙමු. 3අපි සමිඳාණන් වහන්සේ දැන හැඳින ගැනීමට වීර්ය කරමු. හිරු උදා වෙන සේ නිසැක ව ම උන් වහන්සේ අප වෙත පැමිණෙන සේක. වර්ෂාව මෙන්, පොළොව තෙමන මෝසම් වැසි මෙන් නිසැක ව ම උන් වහන්සේ අප වෙත පැමිණෙන සේකැ”යි සෙනඟ කියති.
4“අහෝ! එප්‍රායිම්වරුනි, මම නුඹලාට කුමක් කරම් ද? අහෝ! ජුදාවරුනි, මම නුඹලාට කුමක් කරම් ද? නුඹලාගේ ප්‍රේමය අලුයම මීදුම වැනි ය; වහා නැති වී යන පිනි වැනි ය. 5එබැවින් මම විනිශ්චයය ද විනාශයේ පණිවුඩය ද රැගත් මාගේ දිවැසිවරයන් ඔබට විරුද්ධ ව එව්වෙමි. මාගේ සෙනඟගෙන් මා බලාපොරොත්තු වන දේ සක්සුදක් සේ පැහැදිලි ය. 6මම පූජාවලට වඩා කරුණාවට කැමැත්තෙමි; දවන යාග පූජාවලට වඩා දෙවියන් වහන්සේ පිළිබඳ අවබෝධයට කැමැත්තෙමි.”


පිළිතුරු ගීය ගිතාවලිය   51:3-4, 18-19, 20-21AB

3මාගේ අපරාධ මම මැනැවින් දනිමි.
දිවා රෑ දෙක්හි මාගේ පාප මට සිහි වේ.
4 ඔබට විරුද්ධව, ඔබට පමණක් විරුද්ධ ව මම පව් කෙළෙමි;
ඔබ හමුවෙහි මම නපුර කෙළෙමි.
එබැවින් ඔබේ තීන්දුව සාධාරණ ය;
ඔබේ විනිශ්චය යුක්ති සහගත ය. 16 ඔබ පුද පඬුරුවලට රිසි නැත;
ඔබ ඒවාට රිසි නම්, මම ඒවා ඔබට පුදන්නෙමි.
දවන යාග පූජාවලට ද ඔබ රිසි නොවන සේක.
17දෙවිඳුන් ප්‍රිය පඬුර නම්, බිඳුණු හදවතකි.
දෙවිඳුනි, ඔබ තැළුණුබිඳුණු සිතක් ඉවත නොදමන සේක.
18සියොන් ගිරට ඔබ කරුණාව පා සෙත සැලසුව මැනව;
ජෙරුසලමේ කොටු පවුරු යළි ඉදි කළ මැනව.
19එකල, දවන යාග පූජා වන නියමිත පඬුරුවලට ඔබ ප්‍රිය වන සේක.
එවිට ඔබේ පුදසුන මත ඔව්හු ගව පූජා පුදන්නෝ ය.

සුබාරංචියට පෙර ගීතාවලිය95:8

8 “පාළුකරයේ මස්සා නම් ස්ථානයේ සිටි දවසේ දී මෙන් ද මෙරිබා නම් ස්ථානයේ දී මෙන් ද ඔබේ සිත් දැඩි කර නොගන්න.

සුබාරංචිය ලූක් 18:9-14

9තමා ධර්මිෂ්ඨ යයි සිතමින්, අන් හැම දෙන හෙළා දුටු ඇතැම් අයට උන් වහන්සේ මේ උපමාව ද වදාළ සේක. 10“මිනිසුන් දෙදෙනෙක් යාච්ඤාව පිණිස දේව මාලිගාවට නැඟී ගියහ; එක් කෙනෙක් පරිසිවරයෙකි; අනික් තැනැත්තා අයකැමියෙකි. 11පරිසිවරයා නැඟී සිට පසෙකට වී තනියම යාච්ඤා කරමින්, ‘දෙවියන් වහන්ස, මා අන් මිනිසුන් මෙ‍න් වස්තු ලෝභී, වංචනික, කාමමිථ්‍යාචාරී තැනැත්තකු නොවන බැවින් ඔබට තුති පුදමි. මම මේ අයකැමියා වැන්නෙක් ද නොවෙමි. 12සතියකට දෙවරක් උපවාස කරමි; මා උපයන සියල්ලෙන් දහයෙන් කොටස දෙමි’යි කී ය. 13එහෙත් අයකැමියා ඈතින් සිට ස්වර්ගය දෙස ඇස් ඔසවා බලන්නට වත් නොසිතා, තමාගේ ළයට ගසාගනිමින්, ‘දෙවියන් වහන්ස, පව්කාර වූ මා හට කරුණා කළ මැනවැ’යි කී ය. 14 මෙ‍ය මම ඔබට කියමි; දමිටු යයි ගණන් ගනු ලැබ ගෙදර ගියේ පරිසිවරයා නොව, මේ අයකැමියා ය. තමා ම උසස් කරගන්නා හැම දෙන ම පහත් කරනු ලබති; තමා ම පහත් කරගන්නා උසස් කරනු ලබන්නේ ය.”





Post a Comment

0 Comments