උත්ථාන සමයේ තුන්වන සතිය
බ්‍රහස්පතින්දා
පළමුවන කියවීම ක්‍රියා 8 : 26-40
අපෝස්තුඵවරුන්ගේ ක්‍රියාපොතෙන් ගත් පාඨයෙකි.
26එකල සමිඳාණන් වහන්සේගේ දූතයෙක් පිලිප්ට කතා කොට, “නැඟිට දකුණු දෙස ජෙරුසලමේ සිට ගාසාවට බසින පාරට යන්නැ”යි කී ය. එය කාන්තාර පාරකි. 27ඔහු එහි ගියේ ය. එවිට එතියෝපීය රටවැසියන්ගේ කන්දකී නම් බිසව යටතේ බොහෝ බලය ඇත්තා වූ ද ඇගේ මුළු වස්තුවේ අධිකාරී වූ ද එතියෝපීය නපුංසකයෙක් වන්දනාව පිණිස ජෙරුසලමට ගොස් 28ආපසු යන විට, තමාගේ රථයෙහි හිඳ, දිවැසිවර යෙසායාගේ පොත කියවමින් සිටියේ ය. 29එවිට ආත්මයාණන් වහන්සේ පිලිප්ට කතා කොට, “ඔබ ඉදිරියට ගොස් රථයට ළං ව ගමන් කර එක්වන්නැ”යි වදාළ සේක. 30පිලිප් ඔහු ළඟට දිවගොස් ඔහු යෙසායා දිවැසිවරයාගේ පොත කියවනු අසා, “ඔබ කියවන දේ ඔබට තේරෙන්නේ දැ”යි ඇසී ය. 31“යමෙකු මඟ පෙන්නුවොත් මිස මට තේරුම්ගත හැක්කේ කෙසේ දැ”යි ඔහු පිළිතුරු දී, රථයට නැඟී තමා සමඟ හිඳගන්නට පිලිප්ගෙන් උදක් ම ඉල්ලී ය. 32 ඔහු කියවමින් සිටි ශුද්ධ ලියවිලි පාඨය මෙසේ ය:
දේව වාක්‍යය එසේය.
පිළිතුරු ගීය ගීතාවලිය 66 : 8-9, 16-17, 20
පිළිතුර ලෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ප්‍රීති ඝෝෂා පවත්වන්න.
8ජනතාවෙනි, අපේ දෙවිඳුන් හට ආසිරි පතන්න;
සාධුකාරය
ආලේලූයා ආලේලූයා
තෝමස් ඔබ මා දුටු බැවින් අදහා ගත්තෙහිය. නුඳුටු නමුත් අදහා ගන්නෝ
භාග්‍යවන්තයෝ” යයි ස්වාමින් වහන්සේ වදාළ සේක.
ආලේලූයා
සුබාරංචිය ජොහන් 6 : 44-51
සුවිශේෂක ජොහන්තුමන් විසින් ලියන ලද දේව වාක්‍යය නම් මෙසේය.
4මා එවා වදාළ පියාණන් වහන්සේ තමන් වෙත ඇද ගන්නා අයෙකුට මිස, අන් කිසිවෙකුට මා වෙතට පැමිණිය නොහැකි ය. මම අන්තිම දවසේ දී ඔහු උත්ථාන කරන්නෙමි. 45 ‘සියල්ලෝ ම දෙවියන් වහන්සේ විසින් උගන්වනු ලබති’යි දිවැසාවලියෙහි ලියා ඇත. දෙවියන් වහන්සේට සවන් දී, උන් වහන්සේගෙන් ඉගෙනගත් සියල්ලෝ ම මා වෙත එති. 46දෙවියන් වහන්සේ වෙතින් පැමිණි තැනැන් වහන්සේ හැර, අන් කිසිවෙකු දෙවියන් වහන්සේ දැක ඇතැ යි මෙයින් අදහස් නොකරමි, උන් වහන්සේ පමණක් පියාණන් වහන්සේ දැක ඇත. 47ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, අදහන්නාට සදාතන ජීවනය ඇත. 48ජීවනදායක ආහාරය මම ය. 49ඔබේ පියවරු කාන්තාරයේ දී මන්නා කෑහ; එහෙත් ඔව්හු මියගියහ. 50මෙය වනාහි, ස්වර්ගයෙන් බැස එන ආහාරය බැවින් එයින් පෝෂණය වන කිසිදු මිනිසෙක් නො මැරෙන්නේ ය. 51ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක ආහාරය මම ය. යමෙක් මේ ආහාරයෙන් වැළඳුවොත්, ඔහු සදහට ම ජීවත් වන්නේ ය. මා විසින් දෙනු ලබන ඒ ආහාරය මාගේ මාංසය වේ. මා එය දෙන්නේ ලෝකයාගේ ජීවනය පිණිස ය”යි වදාළ සේක.
සුවිශේෂ වාක්‍යය එසේය
0 Comments