✟✟ 𝟚𝟘𝟚𝟛 මාර්තු 17 ✟✟

 


පළමුවන කියවීම හොසියා 14:2-10

2සමිඳාණන් වහන්සේ වෙත හැරී අවුත් මේ යාච්ඤාව උන් වහන්සේට ඔප්පු කරන්න: “අපේ සියලු අපරාධවලට කමා වී අපේ යාච්ඤා කරුණාවෙන් පිළිගත මැනව. එවිට අපි පොරොන්දු වූ පරිදි ඔබට ප්‍රශංසා කරන්නෙමු. 3අප ගළවන්න අසිරියාවට නොහැකි ය: යුද්ධ රථ වාහනවලට අප ආරක්ෂා කළ නොහැකි ය. මින්පසු කිසි කලෙක අතින් තැනූ දේව රූප අමතා, ‘ඔබ අපේ දෙවියෝ ය’යි නොකියමු. ස්වාමීනි, අනාථ අයට ඔබ වහන්සේ දයානුකම්පාව දක්වන සේක.”
ඉශ්රායෙල්ට නව ජීවනයක්
4“මම ඔවුන්ගේ අපක්ෂපාතකම සුව කරමි;
මාගේ මුළු සිතින් ඔවුන්ට ප්‍රේම කරමි.
මන්ද, ඔවුන් කෙරේ මාගේ උදහස පහ වී ගොස් ඇත.
5ඉශ්රායෙල්ට මම පිනි මෙන් වන්නෙමි.
ඔවුන් මානෙල් මෙන් පිපෙනු ඇත;
ලෙබනොන්හි ගස් මෙන් මුල් අදිනු ඇත.
6ඔවුන්ගේ අතු විහිදී යයි;
ඔලීව ගස් මෙන් හොබනේ වෙයි;
ලෙබනොන්හි මෙන් සුවඳ පතුරයි.
7ඔවුන් යළිත් ආපසු පැමිණ මාගේ සෙවණෙහි වසනු ඇත;
උයනක් සේ සමෘද්ධ වී මිදි වැලක් සේ පල දරනු ඇත;
ලෙබනොන්හි මිදියුස මෙන් කීර්තිමත් වනු ඇත.
8එප්‍රායිම් සෙනඟට දේව රූපවලින් තවත් වැඩක් ඇද් ද?
නුඹලාට පිළිතුරු දී නුඹලා ආරක්ෂා කරන්නේ මම ය.
මම කිසි කලෙක නොමැලවෙන දේවදාර ගසකි.
නුඹලාගේ රැකවරණය මම ය.
නුඹලාගේ සියලු ආසිරිවලට උල්පත මම ය.”
9මෙහි ලියා ඇති දේ ප්‍රඥාවන්තයෝ තේරුම්ගනිත් වා! බුද්ධිමත්තු දැනගනිත් වා! සමිඳාණන් වහන්සේගේ මාර්ගය සෘජු ය; ධර්මිෂ්ඨයෝ ඒ මාර්ගයෙහි ගමන් කරති. එහෙත්, පව්කාරයෝ එහි පැකිළ වැටෙති.

පිළිතුරු ගීය ගීතාවලිය 81:6C-8A, 8BC-9, 10-11AB, 14 AND 17

     පිළිතුර මම ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ය: මාගේ හඬට සවන් දෙන්න.

        “මම ඔබේ කරෙන් බර ඉවත් කෙළෙමි;

ඔබේ අත් දෙක කූඩා ඇදීමෙන් නිදහස් කෙළෙමි.
7 විපතේ දී ඔබ අඬගැසුවහු ය;
මම ඔබ නිදහස් කෙළෙමි.
මම අහස් ගිගුරුමේ සිට ඔබට පිළිතුරු දුන්නෙමි.
මෙරිබා දිය උල්පත ළඟ දී මම ඔබ සෝදිසි කෙළෙමි.
8අහෝ මාගේ සෙනඟෙනි!
මා ඔබට විරුද්ධ ව අනතුරු අඟවන විට මට සවන් දෙන්න;
 පිළිතුර මම ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ය: මාගේ හඬට සවන් දෙන්න.
අහෝ ඉශ්රායෙල්වරුනි!
ඔබ මට සවන් දෙන්නහු නම්, කොපමණ යහපත් ද?
9 ඔබ අතර බොරු දෙවි දේවතාවන් නොසිටිය යුතු ය;
විදේශීය දෙවි දේවතාවන් හට නමස්කාර නොකළ යුතු ය.
 පිළිතුර මම ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ය: මාගේ හඬට සවන් දෙන්න.
10මිසරයෙන් ඔබ මුදා, ඔබ පිටතට ගෙනා දෙවි සමිඳාණෝ මම වන්නෙමි.
ඔබේ මුව හොඳින් විවර කරන්න;
එවිට මම ඔබ පෝෂණය කරන්නෙමි.
11එහෙත්, මාගේ සෙනඟ මාගේ හඬට සවන් නුදුන්නෝ ය.
ඉශ්රායෙල්වරු මට කීකරු නො වූ හ.
 පිළිතුර මම ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ය: මාගේ හඬට සවන් දෙන්න.
4එවිට මම ඔවුන්ගේ සතුරන් වහා පරාජය කරන්නෙමි;
ඔවුන්ගේ එදිරිකාරයන්ට විරුද්ධ ව මම පහර දෙන්නෙමි.
16එතුමාණෝ ඉස්තරම් ධාන්‍යයෙන් ඔබ පෝෂණය කරන සේක.
වන මී පැණියෙන් මම ඔබ සෑහීමට පත් කරන්නෙමි.”
 පිළිතුර මම ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ය: මාගේ හඬට සවන් දෙන්න.

සුබාරංචියට පෙර මතෙව් 4:17

  පසුතැවී සිත් හරවා ගන්න; ස්වර්ග රාජ්‍යය ආසන්න ය” 

සුබාරංචිය මාක් 12:28-34




Post a Comment

0 Comments