✟✯✯ ශු. පැට්‍රික් මුනිතුමා ✯ ✯ ✟

 



අයර්ලන්තයේ ආරක්ෂක මුනිවරයා හා නාමසාන්තුවරයා ලෙස සැලකෙන මෙතුමා මිථ්‍යාදෘෂ්ටික ඇදහිලිවන්තයින් විසු අයර්ලන්තය තුළ සත්‍යාගමේ ගිනිසිළුව දල්වාලන්නට ප්‍රබල දායකත්වයක් දැක්වූ තැනැත්තා වේ.

ක්‍රි.ව. 385 දී රෝම පාලනයට නතුව පැවති බ්‍රිතාන්‍යයේ උපත ලැබු මෙතුමාගේ පියා රෝම වැසියකි. මව ශු. මාර්ටින් තුමාගේ නෑයකි. වයස 16දි මෙතුමාව අයර්ලන්ත නාවිකයන් පිරිසක් විසින් පැහැර ගන්නා ලදී .වසර 06 ක් පුරා අයර්ලන්තයේ එඬේරෙකු ලෙස ජිවත් වූ අතර එම කාලයේදී යැදුමට හා භාවනාවට මුල් තැනක් ලබා දුනි. දිනක් මෙතුමා ලද අනාවරණයක් හේතුවෙන් කොල්ලකරුවන්ගෙන් මිදී ආපසු සිය මවුබිමට ඒමට මෙතුමාට හැකිවිය.

මෙලෙස වදකයන්ගෙන් මිදී සිය මවුබිමට පැමිණ සිය පවුලේ අයවලූන් සමග සතුටින් කාලය ගෙවද්දී දින කීපයක් මෙතුමා කෙරේ අනාවරණයන් ලද අතර ” වික්තෝරියස් ” නමින් තමාව අමතන බවද මෙතුමාට ඇසුණි. ඔවුන්ගේ ඉල්ලීම වුයේ ” ශුද්දවූ සේවකයාණනි , අප සමග එක්වන්නැ ” යි යනුවෙනි.

පූජාප්‍රසාදි තුමෙක් වීමේ පරම අභිලාසයෙන් පුජක වරම් ලබා ගත් මෙතුමා බාධක කම්කටොලූ මැද දක්ෂ දේශනාවාදීයෙක් විය. අවුරුදු 40 දී රාජගුරු පදවීයට මෙතුමා පත්විය.

එක් දිනක් විශාල ජනකායක් ටාරා නම්වූ ගමේ ස්ලෙන් නම් කදු මුදුනට රැස්ව සිටි අතර එහිදී මෙතුමා ශූද්ධ ත්‍රිත්වය පිළිබද ගැඹරු දේවධර්මයක් සරලව ඉදිරිපත් කරමින් ශම්රොක් පත්‍රයක් ගෙන විග්‍රහ කර දුන්නේය.” මේ බලන්න .......නටුව එකයි........එක සමාන කොළ...... තුනයි...........එක ස්වභාවයි. තුන්දෙනා වහන්සේලා ........ත් මේ වගේ එක ස්වභාවයි .........” මෙම ඉගැන්වීම අසා ගෝත්‍රික පිරිසක් මෙතුමා විජ්ජාකරුවෙකු බවත් තමන්ගේ යක්ෂ මන්ත්‍ර ප්‍රතික්ෂේෂේප කිරීම නිසා කුපිතව මෙතුමාව මරා දමන්නට උත්සහ දරන ලදි . එහෙත් ශු. පැට්‍රික්තුමා ප්‍රබල දේව ඇදහිල්ලෙන් යුතුව ශූද්ධ ත්‍රිත්වය පිළිබදව ගැබුරින් ම ජනතාව දැනුවත් කළේය .

එකල අයර්ලන්තය පාලනය කල ලියෝගර් රජතුමාද ශු. පැට්‍රික්තුමා කෙරේ පැහැදී නිදහසේ කිතුදහම ප්‍රචාරය කරන්නට අවකාශය ලබා දෙන ලදි. මේ සදහා රජතුමා තම නිල මුද්‍රාව ද මෙතුමන්ට ලබාදුන් අතර තම පුර්ණ අනුග්‍්‍ර ද නිරතුරුව ලබා දුන්නේය. පුරා වසර 07ක් ම දැඩි වෙහෙස ගෙන මිසදිටු අයර්ලන්තය සත්‍යාගමික රටක් බවට මෙතුමා පත්කළේය.

බොහෝ පෙළහැර පාමින් අනෙක විද දුක්කරදර මැද මෙතුමන් හා සිය අනුගාමික පිරිස සමග ධර්මදුත මෙහෙවරේ යෙදුනි. ක්‍රි.ව. 461 දී පාප්තුමා ධර්මදුතවරු පිරිසක් මෙතුමාගේ සහයට එවූ අතර එතැන් පටන් රට පුරා කන්‍යාරාම , පාඨශාලා , තාපසාරාම රාශියක් තනනු ලැබිය.

මේනිසාම කිතුදහම සීඝ්‍රයෙන්පැතිර ගිය අතර ක්‍රිස්තියානි ධර්මය දැඩි ලෙස ප්‍රසිද්ධ වී ධනවත් කුල පවුල් වලින් තරුණ තරුණියෝ බොහොමයක් තාපසාරාම කරා ආහ. සමහර රජ කුමරාවරු පවා පැවිදි විය. වරක මෙතුමා කදු මුදුනකට නැග , යැදුමක සිටි අවස්ථාවක සර්පයෝ රාශියක් එතැනට එන්නට වූ අතර මෙතුමාද උන්ව විසිරුවා හැර මුහුද කා ඇදි යන්නට අණදුන් අතර උන්ද විසුරුවා යන ලදි. වර්තමාන අයර්ලන්තයේ සර්ප උවදුරු දුරුව පවතින අතර අදත් සර්පයින්ගේ උවදුරු හා තර්ජන හමුවේ මෙතුමාගේ යැදුම් පිහිට පතා ජනතාව යාච්ඤාකරනු ල බයි. ක්‍රි .ව. 493 මාර්තු 17 වන දින මෙතුමා අවුරුදු 120 ක් ආයු වළදා ස්වර්ගස්ථ විය. වර්තමානයේත් අයර්ලන්තයේ ආරක්ෂක මුනිවරයා ලෙස මෙතුමාව නම් කර ඇත.

Post a Comment

0 Comments