✟✯🌷ශු. එලිසබෙත් ඈන් සිටන් මුනිවරිය 🌷✯ ✟



ශාන්ත එලිසබෙත් ඈන් සිටන් ඇමරිකා එක්සත් ජනපදයේ දයාවේ පැවිදි සහෝදරියන්ගේ නිකායේ නිර්මාතෘවරිය වේ. ඇය 1774 අගෝස්තු 28 වන දින නිව් යෝර්ක් නගරයේ උසස් සමාජ පරිසරයකට හිමිකම් කියූ දෙමාපියන්ට දාව උපත ලැබුවාය.

ඇගේ පියා, ආචාර්ය රිචඩ් බේලි කොලොම්බියා විද්‍යාලයේ ව්‍යුහ විද්‍යාව පිළිබඳ පළමු මහාචාර්යවරයා වූ අතර නිව් යෝර්ක් වරායේ සෞඛ්‍ය නිලධාරියා ලෙස ද ඔහු කළ සේවය කළේය. ඇගේ මව, කැතරින් චාල්ටන්, ස්ටැටන් අයිලන්ඩ් හි ඇංග්ලිකන් දේවගැතිවර‌යෙකුගේ දියණියක . එලිසබෙත්ට වයස අවුරුදු තුනේදී  ඇගේ මව මිය ගිය අතර ඇය සහ තවත් කුඩා සොහොයුරියන් දෙදෙනෙකු පියා සමග තනිවිය.

එලිසබෙත් 1794 ජනවාරි 25 වන දින ශාන්ත පාවුළු එපිස්කෝපල් දේවස්ථානයේදී විලියම් මැගී සෙටන් සමඟ විවාහ විය. ඔහුගේ පියා මිය ගිය විට, ඔවුන් විලියම්ගේ අර්ධ සහෝදර සහෝදරියන් හත්දෙනාගේ භාරකාරත්වය මෙන්ම පවුලේ ආනයන ව්‍යාපාරය භාර ගත්හ. විලියම් මූල්‍ය ගැටලුවලට හසු වූ අතර පසුව ක්ෂය රෝගයෙන් මිය ගියේය.  ඒ් 1803 දෙසැම්බර් මාසයේදී ඉතාලියේ පීසාහිදී ඔහුගේ ව්‍යාපාරික මිතුරන්ගෙන් උපකාර ලබා ගැනීමට උත්සාහ කරන අතරතුරදීය. ඉතාලියේ කතෝලික සභාව පිළිබද දැන ගැනීමෙන් පසු එලිසබෙත් නිරාහාරව සිට දේවාශිර්වාදය සහ මගපෙන්වීම පතා යාච්ඤා කළාය. අවසානයේදී, 1805 මාර්තු 14 වන දින අළු බදාදා දින, ඇයව කතෝලික සභාවට පිළිගන්නා ලදී.

ඇගේ මෙම සභා වෙනස් කිරීම ඇගේ රෙපරමාදු නෑදෑයන් සහ මිතුරන් අතර කුණාටුවක් බඳු වූ අතර ඇගේ මූල්‍ය දුෂ්කරතා තවත් වැඩි විය. 1806 ජනවාරි මාසයේදී, එලිසබෙත්ගේ තරුණ සහෝදරිය වන සිසිලියා සිටන් දැඩි ලෙස රෝගාතුර වූ අතර, කතෝලිකයෙකු වීමට ඇයගේ ආශාව ගැන එලිසබෙත්ට පැවසුවාය. සිසිලියාගේ තීරණය දැනගත් විට, ඔවුන්ට තවත් තර්ජන එල්ල විය. ව්‍යවස්ථාදායකය විසින් සිටන් ප්‍රාන්තයෙන් නෙරපා හරින ලදී. සුවය ලැබීමෙන් පසු සිසිලියා රැකවරණය සඳහා එලිසබෙත් වෙත පලා ගිය අතර කතෝලික සභාවට ඇයව පිළිගන්නා ලදී.

එලිසබෙත් 1808 දී බැල්ටිමෝර් ප්‍රදේශය වෙත සංක්‍රමණය වූ අතර, කතෝලික ආගමට හරවාගත් අයෙකුගේ සහාය ඇතිව, ශාන්ත මරියා විද්‍යාලයෙන් සැතපුම් දෙකක් දුරින් ගොවිපලක් මිලදී ගන්නා ලදී. එලිසබෙත් අගරදගුරු කැරොල් සහ ඇගේ දියණිය ඇනා ඉදිරියේ පෞද්ගලිකව පොරොන්දු ලබා ගත්තාය.

1810 දී, ශාන්ත වින්සන්ට් ද පෝල්ගේ පැවිදි සහෝදරියන්ගේ නීති රීති ප්‍රංශයේදී ලබා ගැනීමට බිෂොප් ෆ්ලෙජට් පත් කරන ලදී. එහි  සමහර වෙනස් කිරීම් සහිතව, 1812 ජනවාරි මාසයේදී අගරදගුරු කැරොල් විසින් අනුමත කරන ලද අතර එය සම්මත කරන ලදී. මහත්මිය. එලිසබෙත්ගේ කැමැත්තට නොමැතිව වුවද ඇයව ප්‍රධාන ශ්‍රේෂ්ඨාධිපති මව්තුමිය ලෙස පත් කරන ලදි.  ඇගේ දරුවන් රැකබලා ගැනීමට ඇයට සිදු වුවද ඇය සිය කාර්යයන් නොපිරිහෙලා ඉටු කරන ලදි. බොහෝ දෙනෙක් ඇගේ කණ්ඩායමට එකතු විය. එලිසබෙත් ගේ දියණිය වන ඇනා ද එම පිරිසට ඇතුළත්ව සිටි අතර, ඇගේ පුහුණු කාල අතරතුර (1812 මාර්තු 12) මිය ගිය නමුත්, ඇයගේ මරණ මංචකයේදී ඇගේ පොරොන්දු ලබා දීමට අවසර ලැබුණි. එලිසබෙත් සහ තවත් දහඅට දෙනෙක් 1813 ජූලි 19 වන දින තම පොරොන්දු  භාර දෙමින් පැවිදි දිවියට ඇතුළත් විය.

1819 දී තුන්වන වතාවට ඇය ප්‍රාදේශාධිපති මව්තුමිය ලෙස තේරී පත් වූ විට, ඇය එයට විරෝධය දැක්වූ නමුත්, ඇය තවත් වසර දෙකක් සදහා එම තනතුරට පත් විය. අවසානයේ පෙනහළු ආසාදනයකට ගොදුරු වී ඇය 1821 ජනවාරි 4 වන දින මේරිලන්ඩ් හි එමිට්ස්බර්ග්හිදී මිය ගියාය.

1880 දී කාදිනල් ගිබන්ස් (එවකට අගරදගුරු) ඇයව ශාන්තුවරයට පත් කිරීම සඳහා පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේය. එලිසබෙත් ඈන් සිටන් 1963 දී භාග්‍යවරයට එස වූ අතර 1975 සැප්තැම්බර් 14 දින ඇයව සාන්තුවරභාවයට ඔසවන ලදී. 

Post a Comment

0 Comments