✟✟ 𝟚𝟘𝟚𝟛 ජනවාරි 6 ✟✟

 


පළමු කියවීම 1 ජොහන් 5:5-13

5ලෝකයෙන් ජයගත හැක්කේ, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් යයි අදහන තැනැත්තාට මිස අන් කවරෙකුට ද?
පුත්‍රයාණන් පිළිබඳ ත්‍රිවිධ සාක්ෂිය
6ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ, වතුර හා රුධිරය කරණකොටගෙන පැමිණි තැනැන් වහන්සේ ය. එසේ පැමිණියේ වතුර පමණක් නොව වතුරත් රුධිරයත් ඇතිව ය. මෙය සත්‍ය බවට ආත්මයාණන් වහන්සේ සාක්ෂි දරන සේක. මන්ද, ආත්මයාණන් වහන්සේ සත්‍යය වන බැවිනි. 7එබැවින් සාක්ෂි තුනක් ඇත: 8ආත්මයාණන් වහන්සේ, වතුර හා රුධිරය යන මේ තුන ය. මේ සාක්ෂි තුන අතරේ එකඟත්වයක් ඇත. 9අපි මනුෂ්‍යයන්ගේ සාක්ෂිය පිළිගනිමු. එහෙත් දෙවියන් වහන්සේගේ සාක්ෂිය ඊට වඩා බලගතු ය. දෙවියන් වහන්සේගේ ම සාක්ෂිය නම්, සිය පුත්‍රයාණන් පිළිබඳ ව දුන් සාක්ෂිය වේ. 10දෙවියන් වහන්සේගේ පුත්‍රයා අදහාගන්නාට තමා තුළ ම සාක්ෂිය ඇත. දෙවියන් වහන්සේ අදහානොගන්නා, උන් වහන්සේ තමන් පුත්‍රයාණන් පිළිබඳ ව දී ඇති සාක්ෂි විශ්වාස නොකරන බැවින්, උන් වහන්සේ බොරුකාරයෙකු කරයි. 11 ඒ සාක්ෂිය නම්, දෙවියන් වහන්සේ අපට සදාතන ජීවනය දුන් බවත්, ඒ ජීවනය තම පුත්‍රයාණන් තුළ ඇති බවත් ය. 12පුත්‍රයාණන් වහන්සේ පිළිගත් තැනැත්තාට මේ ජීවනය ඇත. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් නොපිළිගත් තැනැත්තාට ඒ ජීවනය නැත.
13මෙය මා ඔබ වෙත ලියා එවන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් අදහන ඔබ හැමට සදාතන ජීවනය ඇති බව ඔබ නිසැක ව දැනගන්නා පිණිස ය.

පිළිතුරු ගීය ගීතාවලිය 147:12-13, 14-15, 19-20

පිළිතුර එම්බා ජෙරුසලම! සමිඳුන්ට ප්‍රශංසා කරන්න.

12එම්බා ජෙරුසලම!
සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
සියොන් ගිර, තිගේ දෙවිඳුන්ට ප්‍රශංසා කරන්න.
13මන්ද, එතුමාණෝ තිගේ වාසල් දොරටුවල අගුල් සවිමත් කළ සේක;
තිගේ දරුවන්ට ආශීර්වාද කළ සේක.
පිළිතුර එම්බා ජෙරුසලම! සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
14තිගේ සීමා තුළ සාමය සිදු කරන සේක;
ඉස්තරම් තිරිඟු පිටියෙන් තෘප්තියට පමුණුවන සේක.
15එතුමාණෝ ස්වකීය ආඥාව පොළොවෙහි ඉම දක්වා යවන සේක.
එතුමන්ගේ වචන යුහු ව පැතිර යයි.
පිළිතුර එම්බා ජෙරුසලම! සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
19එතුමාණෝ ජාකොබ්ට සිය වචනය ද ඉශ්රායෙල්ට සිය පණත් සහ නියමයන් ද ප්‍රකාශ කරන සේක.
20එතුමාණෝ වෙන කිසි ජාතියකට මෙසේ නොකළ සේක.
ඔව්හු එතුමන්ගේ නියමයන් දැන නොගත්තෝ ය.
සමිඳුන්ට ප්‍රශංසා වේ වා!
පිළිතුර එම්බා ජෙරුසලම! සමිඳුන්ට ප්‍රශංසා කරන්න.

ආලේලූයියා මාක් 9:6

තවද වලාකුළක් නැඟී ඔවුන් සිසාරා පැතිරිණි. එවිට, “මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; මොහුට සවන් දෙන්නැ”යි වලාකුළෙන් හඬක් නික්මිණි

සුබාරංචිය මාක් 1:7-11  ලූක් 3:23-38 ලූක් 3:23, 31-34, 36, 38

7ඔහු දේශනා කරමින්, “මට වඩා ආනුභාව සම්පන්න උතුමාණන් කෙනෙක් මට පසුව එති; නැමී, එතුමාණන්ගේ පා වහන් පටි මුදන්නට පවා මම නොවටිමි; 8මම වතුරෙන් ඔබ බව්තීස්ම-ස්නාපනය කෙළෙමි; එහෙත් උන් වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් ඔබ බව්තීස්ම-ස්නාපනය කරන සේකැ”යි කී ය.
9එසමයෙහි ජේසුස් වහන්සේ ගලීලයේ නාසරෙත්හි සිට වැඩම කර, ජොහන් විසින් ජොර්දාන් ගඟෙහි බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ සේක. 10උන් වහන්සේ දියෙන් ගොඩ නැඟෙත් ම ස්වර්ගය විවර වී, ආත්මයාණන් වහන්සේ පරෙවියෙකු මෙන්‍ තමන් පිට බැස එනු දුටු සේක. 11 තවද, ස්වර්ගයෙන් නික්මුණු හඬක්, “ඔබ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; ඔබ කෙරේ ඉතා ප්‍රසන්න වී සිටිමි”යි පැවසී ය.
ලූක් 3:23-38 
23ජේසුස් වහන්සේ සිය සේවය අරඹන විට අවුරුදු තිහක් පමණ වයස් ව සිටි සේක. උන් වහන්සේ ජෝසෙප්ගේ පුත්‍රයා යයි ඔව්හු සිතූ හ. ජෝසෙප් හේලීගේ පුත්‍රයා ය, 24ඔහු මත්තාත්ගේ පුත්‍රයා ය, ඔහු ලෙවීගේ පුත්‍රයා ය, ඔහු මෙ‍ල්කීගේ පුත්‍රයා ය, ඔහු ජන්නයිගේ පුත්‍රයා ය, ඔහු ජෝසෙප්ගේ පුත්‍රයා ය, 25ඔහු මත්තාතියස්ගේ පුත්‍රයා ය, ඔහු ආමොස්ගේ පුත්‍රයා ය, ඔහු නාහුම්ගේ පුත්‍රයා ය, ඔහු එස්ලීගේ පුත්‍රයා ය, ඔහු නග්ගයිගේ පුත්‍රයා ය, 26ඔහු මායත්ගේ පුත්‍රයා ය, ඔහු මත්තාතියස්ගේ පුත්‍රයා ය, ඔහු සෙමෙ‍යින්ගේ පුත්‍රයා ය, ඔහු ජෝසෙප්ගේ පුත්‍රයා ය, ඔහු ජෝදාගේ පුත්‍රයා ය, 27ඔහු ජොවානන්ගේ පුත්‍රයා ය, ඔහු රෙසාගේ පුත්‍රයා ය, ඔහු සෙරුබ්බාබෙල්ගේ පුත්‍රයා ය, ඔහු ෂෙයල්තියෙල්ගේ පුත්‍රයා ය, ඔහු නේරයිගේ පුත්‍රයා ය, 28ඔහු මෙ‍ල්කිගේ පුත්‍රයා ය, ඔහු අද්දිගේ පුත්‍රයා ය, ඔහු කෝසම්ගේ පුත්‍රයා ය, ඔහු එල්මාදම්ගේ පුත්‍රයා ය, ඔහු ඒර්ගේ පුත්‍රයා ය, 29ඔහු ජෝෂුවාගේ පුත්‍රයා ය, ඔහු එළියේශර්ගේ පුත්‍රයා ය, ඔහු ජෝරයිම්ගේ පුත්‍රයා ය, ඔහු මත්තාත්ගේ පුත්‍රයා ය, ඔහු ලෙවීගේ පුත්‍රයා ය, 30ඔහු සිමියොන්ගේ පුත්‍රයා ය, ඔහු ජූදාගේ පුත්‍රයා ය, ඔහු ජෝසෙප්ගේ පුත්‍රයා ය, ඔහු ජෝනාම්ගේ පුත්‍රයා ය, ඔහු එලියාකිම්ගේ පුත්‍රයා ය, 31ඔහු මෙ‍ලියාගේ පුත්‍රයා ය, ඔහු මෙ‍න්නාගේ පුත්‍රයා ය, ඔහු මත්තතාගේ පුත්‍රයා ය, ඔහු නාතන්ගේ පුත්‍රයා ය, ඔහු දාවිත්ගේ පුත්‍රයා ය, 32ඔහු ජෙස්සේගේ පුත්‍රයා ය, ඔහු ඕබෙද්ගේ පුත්‍රයා ය, ඔහු බෝවස්ගේ පුත්‍රයා ය, ඔහු සල්මොන්ගේ පුත්‍රයා ය, ඔහු නාෂොන්ගේ පුත්‍රයා ය, 33ඔහු අම්මිනාදාබ්ගේ පුත්‍රයා ය, ඔහු අද්මික්ගේ පුත්‍රයා ය, ඔහු අර්නීගේ පුත්‍රයා ය, ඔහු හෙස්රෝම්ගේ පුත්‍රයා ය, ඔහු පෙරෙෂ්ගේ පුත්‍රයා ය, ඔහු ජූදාගේ පුත්‍රයා ය, 34ඔහු ජාකොබ්ගේ පුත්‍රයා ය, ඔහු ඊසාක්ගේ පුත්‍රයා ය, ඔහු ආබ්‍රහම්ගේ පුත්‍රයා ය, ඔහු තේරාගේ පුත්‍රයා ය, ඔහු නාහෝර්ගේ පුත්‍රයා ය, 35ඔහු සෙරුග්ගේ පුත්‍රයා ය, ඔහු රෙව්ගේ පුත්‍රයා ය, ඔහු පලගේගේ පුත්‍රයා ය, ඔහු ඒබර්ගේ පුත්‍රයා ය, ඔහු ෂෙලාගේ පුත්‍රයා ය, ඔහු කායිනන්ගේ පුත්‍රයා ය. 36ඔහු අර්පක්සද්ගේ පුත්‍රයා ය, ඔහු ෂෙම්ගේ පුත්‍රයා ය, ඔහු නෝවාගේ පුත්‍රයා ය, ඔහු ලාමෙ‍ක්ගේ පුත්‍රයා ය, 37ඔහු මෙ‍තුසෙලාගේ පුත්‍රයා ය, 38ඔහු ඒනොක්ගේ පුත්‍රයා ය, ඔහු ජාරෙද්ගේ පුත්‍රයා ය, ඔහු මාලෙලෙයීල්ගේ පුත්‍රයා ය, ඔහු කේනාන්ගේ පුත්‍රයා ය, ඔහු ඒනොෂ්ගේ පුත්‍රයා ය, ඔහු සෙත්ගේ පුත්‍රයා ය, ඔහු ආදම්ගේ පුත්‍රයා ය, ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය.

ලූක් 3:23, 31-34, 36, 38
23ජේසුස් වහන්සේ සිය සේවය අරඹන විට අවුරුදු තිහක් පමණ වයස් ව සිටි සේක. උන් වහන්සේ ජෝසෙප්ගේ පුත්‍රයා යයි ඔව්හු සිතූ හ. ජෝසෙප් හේලීගේ පුත්‍රයා ය
31ඔහු මෙ‍ලියාගේ පුත්‍රයා ය, ඔහු මෙ‍න්නාගේ පුත්‍රයා ය, ඔහු මත්තතාගේ පුත්‍රයා ය, ඔහු නාතන්ගේ පුත්‍රයා ය, ඔහු දාවිත්ගේ පුත්‍රයා ය, 32ඔහු ජෙස්සේගේ පුත්‍රයා ය, ඔහු ඕබෙද්ගේ පුත්‍රයා ය, ඔහු බෝවස්ගේ පුත්‍රයා ය, ඔහු සල්මොන්ගේ පුත්‍රයා ය, ඔහු නාෂොන්ගේ පුත්‍රයා ය, 33ඔහු අම්මිනාදාබ්ගේ පුත්‍රයා ය, ඔහු අද්මික්ගේ පුත්‍රයා ය, ඔහු අර්නීගේ පුත්‍රයා ය, ඔහු හෙස්රෝම්ගේ පුත්‍රයා ය, ඔහු පෙරෙෂ්ගේ පුත්‍රයා ය, ඔහු ජූදාගේ පුත්‍රයා ය, 34ඔහු ජාකොබ්ගේ පුත්‍රයා ය, ඔහු ඊසාක්ගේ පුත්‍රයා ය, ඔහු ආබ්‍රහම්ගේ පුත්‍රයා ය, ඔහු තේරාගේ පුත්‍රයා ය, ඔහු නාහෝර්ගේ පුත්‍රයා ය,
36ඔහු අර්පක්සද්ගේ පුත්‍රයා ය, ඔහු ෂෙම්ගේ පුත්‍රයා ය, ඔහු නෝවාගේ පුත්‍රයා ය, ඔහු ලාමෙ‍ක්ගේ පුත්‍රයා ය,
8ඔහු ඒනොක්ගේ පුත්‍රයා ය, ඔහු ජාරෙද්ගේ පුත්‍රයා ය, ඔහු මාලෙලෙයීල්ගේ පුත්‍රයා ය, ඔහු කේනාන්ගේ පුත්‍රයා ය, ඔහු ඒනොෂ්ගේ පුත්‍රයා ය, ඔහු සෙත්ගේ පුත්‍රයා ය, ඔහු ආදම්ගේ පුත්‍රයා ය, ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය.

Post a Comment

0 Comments