✟✯✯ ශු. ෆ්‍රැන්සිස් සේවියර් මුනිතුමා ✯ ✯ ✟

 



 ක්‍රි ව. 1506 අප්‍රේල් මස 7වන දින ස්පාඤ්ඤයේ නවාරා හි වංශවත් පවුලක සේවියර්  මාලිගයේ දී පවුලේ අවසාන පිරිමී දරුවා ලෙස මෙතුමා උපත ලබන ලදි. 1512 දී අරගොන්හි රජු සහ කැස්ටිලයේ රීජන්ට් වූ ෆර්ඩිනන්ඩ් වසර 18ක් පුරා පැවති යුද්ධයක් ආරම්භ කරමින් නවාරේ ආක්‍රමණය කළේය. ඉන් වසර තුනකට පසුෆ්රැන්සිස්ගේ පියා මිය ගියේ ෆ්රැන්සිස්ට වයස අවුරුදු නවයේදී පමණි. 1525 දී ෆ්‍රැන්සිස් පිරිස් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබීම සඳහා පැරීසියට පිටත්ව ගියේය.

විශ්ව විද්‍යාලයේ දී මෙතුමා ජේසු නිකායේ නිර්මාතෘවරයා වන ඉග්නේෂස් ලොයොලා මුනිතුමා සමග එකම කාමරයේ ජීවිත් වීමේ අවස්ථාව ලැබිණි. එවකට 38 වියේ සිටි ඉග්නේෂස් ලොයොලා මුනිතුමා 23 හැවිදිරිදි ෆ්‍රැන්සිස්ට ඉදිරිපත් ක ළ ප්‍රශ්නය වුයේ ‘ඔබ මුළු ලෝකයම ලබාගත්තත් ඔබ ඔබේ ආත්මය නැති කර ගනී නම් ඉන් ඵලක් ඇද්ද’’ යන්නය.  ඉග්නේෂස් ලොයොලා සමඟ එක්ව තම දිවිය දිළීදුන්ට උපකාර කිරීමට සහ දේව සේවය සඳහා කැප කිරීමට මෙතුමා තීරණය කරන ලදි.

මෙතුමා 1530 දී ශාස්ත්‍රපති උපාධීය ලබා ගත් අතර 1534 අගෝස්තු 15වන දින ඉග්නේෂස් ලොයොලා තුමා තවත් තරුණයන් හත දෙනෙකු සමග පාප්තුමා මුණගැසී පෞද්ගලිකව පැවිදි පොරොන්දු ලබා දී ශු දේශයේ දූත සේවය දියත් කිරීමට පොරොන්දු විය. ෆ්‍රැන්සිස් ද මේ හත්දෙනා අතර සිටියේය.  1537 ජුනි 24 දින මෙතුමා පූජකවරය ලබා ගත්තේය. 1540 දී මොවුන්ගේ පැවිදි හවුල වන ‘ජේසු නිකාය’ යට සභා අනුමැතිය ලැබිණි.

පාප්තුමා විසින් පෘතුගාලයේ රජුගේ ඉල්ලීම මත ඈත පෙරදිග ඉන්දියාව තෙක් ආගමික හා සුබසාධක කටයුතු සඳහා පූජාප්‍රසාදිවරයෙක් නම් කළ නමුත් ඔහු දැඩි සේ රෝගාතුර වීමන නිසා ඒ වෙනුවට ෆ්‍රැන්සිස්ව නම් කරන ලදි. මෙතුමා 1542 දී දීර්ඝ සහ අසීරු ගමනකින් පසු ඉන්දියාවට පත් කළ නව පෘතුගාල ආණ්ඩුකාරවරයා වූ මාටින් අපෝන්සු සමග ඉන්දියාවේ ගෝව නුවරට සැපත් විය.

ගෝව නගරයේ දී එහි රදගුරුතුමා හමුවූ මෙතුමා එතුමාගේ ද උපදසේ මත එහි සිටි දිළීඳුන්ට රෝගීන්ට උපස්ථාන කිරීම අරඹන ලදි. ඉන්පසු ධර්මදූත කටයුතු කොචින් නගරය දක්වා ව්‍යප්ත කිරීම කරන ලද අතර මලක්කාව, කොමරින් තුඩුව, ජපානය ආදී ප්‍රදේශවලට ද ගෝවේ සිට ධර්මදූත කටයුතු සිදු කරන ලදි. ''සංචාරක පියතුමා" යන නාමය මෙතුමාට පටබැඳුණි.

නැගෙනහිර ප්‍රදේශවල ඉතා දුෂ්කරව ධර්ම දූත කාර්යයේ නිරත වූ මෙතුමා චීනයට අයත් දූපතක් වූ  සැන්ග්චුආන් දූපතේ දී උණ රෝගය වැළඳීමෙන්1552 දෙසැම්බර් 3වන දින මිය ගියේය. මිය යන විට මෙතුමාගේ වයස අවුරුදු 46 ක් විය.

මෙතුමාගේ සිරුර රළු මිනි පෙට්ටියක තැන්පත් කර විශාල ප්‍රමාණයක් හුණු දමා කන්දක් යට වැළලුව බව කියැවේ.(හුණු දමන්නේ සිරුර නරක්වීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමටය) මාස දෙකහමාරකට පමණ පසු එනම් 1553 පෙබරවාරි 13 වන දින නෞකාව නැවත යාත්‍රා කිරීමේ කාලය පැමිණි විට පියතුමාගේ සිරුරේ ඇට කටු ඉන්දියාවට යැවීමට මිනී පෙට්ටිය විවෘත කරන ලදි. එහෙත් අපේක්ෂා කළ පරිදි ඇටකටු සහිත ඇට සැකිල්ලක් දක්නට නොලැබුණු අතර පියතුමාගේ සිරුර මේ මොහොතේ මිය ගිය කෙනෙකුගේ මෙන් ඉතා හොඳ තත්ත්වයෙන් පැවතිණි. එසේම ඉන් මිහිරි සුවඳකි වහනය වන්නට ද පටන් ගෙන තිබිණි. මෙයින පුදුමයට පත් පිරිස සිරුර පරීක්ෂා කිරීමට කකුලේ කුඩා තුවාලයක් සිදු කළ විට ඉන් පිරිසිදු රුධිරය වහනය වීමට පටන් ‌ගත්තේය.පුදුමයට පත් පිරිස පියතුමාගේ සිරුර යළි පෙට්ටියට දමා නෞකාවට භාර දෙනලදි.

1553 මාර්ත 27 වන දින මලක්කාවට නෞකාව සේන්දු වූ විට අලංකාර උත්සවයකින් එම මිනී පෙට්ටිය '' ගෙන ගොස් විවෘත කර බලා නැවත පල්ලියේ භූමදාන කරන ලදි.

දේහය මෙවර භූමදාන කරනු ලබන්නේ ඝන රෙද්දකින් ඔතා තෙත බරිත පස් මත මිනී පෙට්ටියක් නොමැතිව හිසට කුඩා කොට්ටයක් තබා මුහුණ රෙදි කැබැල්ලකින් ආවරනය කිරීමෙන් පසුවය. මිනී වල දේහයට වඩා කුඩා වූ නිසා සිරුර බලෙන් ඇතුළු කොට ඔබා පස් දමා තද කරනලදි. මේ අවස්ථෘවේ දී සිරුරෙහි බෙල්ල කැඩී තුවාල සිදුවූ අතර ඉන් සුවදවත් රුධීරය පිටවිය.

එම වසරේම අගෝස්තු මස සේවියර් පියතුමාගේ හොදම මිත්‍රයෙක් වූ ජෝන් ඩි බර්ස් නමැති පියතුමා මලක්කාවට පැමිණ පියතුමාගේ දේහයට ගෞරවනීය භූමදානයක් දීම සදහා නැවත දේහය ගොඩ ගන්නා ලදි. අපරික්ෂාකාරී අන්දමින් තෙත පස්මත මාස 5ක් පමණ සිරුර පැවතිය ද සිරුර කිසිසේත්ම නොදිරා පැවති බව දක්නට ලැබුණි. එසේම ජෝන් පියතුමා සිරුර පිළිබද පහත අන්දමින් සටහනක් දමා ඇත.''පස් දමා තද කරන විට තියුණු ගලක කොනක් වැදීම නිසා මුහුණේ වම් පස ගැඹූරු තුවාලයක් ඇතිවී ඇති අතර නාසය තැලී හීරී ඇත මුහුණ ආවරණය කළ රෙදි කැබැල්ල සහ හිසට තැබූ කුඩා කොට්ටය ලෙයින් නැහැවී ඇත. ශරීරය ඇතුළෙ සිදුවී ඇති තුවාල නිසා රුධිරය මුවින් පිටවී ඇත" (කැතලික් මැසෙන්ජර් 1931/12/01)

1553 දී නැවත ගෞරවාන්විතව ගෝවට ගෙනෙන ලද සේවියර් පියතුමාගේ නොදිරූ සිරුර බොම් ජේසු බැසිලිකාවේ ගෞරවාන්විතව තැන්පත් කරනලදි. වසර 10කට වරක් මෙතුමාගේ සිරුර මහජනතාවට නැරඹිමට විවෘත කරන අතර අද දක්වාම එය සිදුකෙරේ.

 


Post a Comment

0 Comments