✟✯✯ කුරුසියේ ශු. ජුවාම් මුනිතුමා✯ ✯ ✟

 

මෙතුමා ක්‍රි.ව. 1542 ජුනි 24 වන දින ස්පාඤ්ඤයේ අවිලා හී උපත ලැබුවේය. අධ්යාපනය හදාර නිසි වයස සපිරූ විට අප ස්වාමි දුවගේ රෝහලේ හෙද නිලධාරියෙකු ලෙස සත් වසරක් සේවය කරමින් එම ආයතනයේ යහපත උදෙසා සිඟා කමින් මුදල් රැස් කර දීමට මෙතුමා සමත් විය. උසස් විද්‍යාලයක අධ්යාපනය හැදෑරීමට අවස්ථාවක් උදාවූ බැවින් මූලික උසස් අධ්‍යාපනය නිමා කරමින් 1563 දී 'කාමලයිට්' නිකායට ඇතුළු වූ අතර විශ්ව විද්යාලයෙන් දර්ශන වාදය හා දේව ධර්මයද හදාරා 1567 පූජක වරම් දිනා ගත්තේය.



මෙතුමා ගැඹුරු යාච්ඤාවට ඉතා පිපාසයෙන් උන් අතර සරල හා අල්පේච්ඡ දිවියක් ගත් කරමින් සිටියේය.අවිලා හී සා: තෙරේසා තුමියගේ 'කාමලයිට්' ප්රතිසංස්කරණයන් පැවදි සොයුරියන් අතර පමණක් නොව පැවදි සොයුරන් අතරටත් ව්යාප්ත කිරීමට මෙතුමා සම්බන්ධ වුනු අතර 1568 නොවැම්බර් 28 දින ප්රථම ප්රතිසංස්කරණවාදී පාවහන් විරහිත 'කාමලයිට්' තාපස වරුන්ගේ 'කාමලයිට්' තාපසාරාමය පිහිටුවීමට ජුවාම් තුමා සමත් වුනේය.මෙහිදී 'කුරුසියේ ජුවාම්' ලෙස නම වෙනස් කරමින් අන්ත දිළිඳු කම, අල්පේච්ඡතාවය,දැඩි උද්යෝගය මත සාංඝික ජීවිතයට ඇතුලු වූවේය.
සාධාරණීකරණය නොකල ප්රතිසංස්කරණය දිනෙන් දින සඵල වූවත් මෙම නිකායේ සහෝදර තාපසයින්ගේ ලිහිල් තාපස ජීවිතයට බාධා කරන කෙනෙකු ලෙස සිතා මාස නවයක් පටු සිර මැදිරියක රඳවා ශාරීරික මානසික තාඩන පීඩන වලට ලක් කරනු ලැබූහ.කුරුසියේ අත්දැකීම තුල සිටියාවූ මෙතුමාව පීඩා වලින් කලබල කිරීමට නොහැකි වූහ.
සාහිත්ය ග්රන්ථ කිහිපයක්ම රචනා කල අතර මෙතුමන් ගෙවූ අඳුරු කාලයේදී වූවත් මෙතුමන්ගේ අධ්යාත්මය දිදුලන කාලයක් බවට පත් කළේය. "කාර්මේල් කන්දේ නැගීම" (Ascent of Mount Carmel) "ආත්මයේ අඳුරු රැය" ( Dark Night of the Soul ) "ප්‍රේමයේ ජීවමාන ගිනි සිළුව" (The Living Flame of Love) ඔහුගේ කෘතින් අතර ජනප්‍රිය කෘති වේ.

අධ්යාත්මිකව ඉහල තලයක ජීවත් වීමට නම් මේ ලෝකයේ තෘප්තිය , වස්තු මායාව, පිලිගැනීම් හා තනතුරු සෙවීම් අත හැර දමා සැමවිටම අපගේ මාංශය නොපිනවන, ඉතා අසීරුම හා තමන්ව මැඩ පවත්වන සුළු දේ තෝරා ගත යුතු බවත්, ආත්මය දෙවියන් වහන්සේ සමඟ ඒකාත්මික වන්නේ විශ්වාසයේ දීමනාවෙන් පමණක් බවත් ''අධ්යාත්මිකව සියල්ල අත් පත් කර ගැනීම සඳහා කිසිවක් ඔබ සන්තකව තබා නොගන්න'' යනුවෙනුත් මෙතුමා අපට පෙන්වා දෙන්නේය.
49 හැවිරිදි මෙතුමා සිරගෙදර සිටියදීම දැඩි ලෙස රෝගාතුරු වූ මෙතුමා ගීතාවලියේ ගීතිකා කොටසක් හොඳ සිහි නුවනින් යුතුව උච්චාරණය කරමින් ජේසු සමිඳාණන් කළ ලෙස '' ඔබ වහන්සේගේ හස්තයට මාගේ ආත්මය බාර ගත මැනවි'' යි මුමුණමින් ක්රි.ව. 1591 දෙසැම්බර් 14 වන දින ස්වර්ගස්ථ විය. ක්රි.ව. 1592 වන විට නැවුම්ව නොදිරා තිබූ මෙතුමන්ගේ දේහය ස්පාඤ්ඤයේ සෙගෝවියා නුවරට ගෙන ගිය අතර ක්රි.ව. 1675 දී 10 වන ක්ලෙමන්ට් ශුද්ධෝත්තම පියාණන් විසින් භාග්යයවරයට ඔසවන ලදී. ක්රි.ව. 1726 දී 13 වන බෙනදික්ත ශුධෝත්තම පියාණන් විසින් ශුද්ධවරයට ඔසවනු ලැබූ අතර එම වර්ශයේම එනම්, ක්රි.ව. 1726 නොවැම්බර් 26 දින මෙතුමාව ශු.සභා ආචාර්ය වරයෙකු ලෙස 11 වන පියුස් ශුද්ධෝත්තම පියාණන් විසින් ප්රකාශ කරනු ලැබූහ.

Post a Comment

0 Comments