✟✯🌷ශු. ‌ලුසී මුනිවරිය 🌷✯ ✟

 


ශාන්ත ලුසී යනු සිසිලියේ සිරාකූස් හි ජීවත් වූ  කන්‍යාවක් සහ ප්‍රාණ පරිත්‍යාගශීලි මුනිවරියකි. ඇගේ මංගල්‍යය දෙසැම්බර් 13 වන දින සමරනු ලැබේ. සම්ප්‍රදායට අනුව, ශාන්ත ලුසී උපත ලැබුවේ 283 වර්ෂයේදී ධනවත් සහ වං දෙමාපියන්ට දාව ය. ඇගේ පියා රෝම සම්භවයක් ඇති අයෙක් වූ නමුත් ඔහු ඉක්මණින් මරණයට පත් වූ නිසා  ග්‍රීක පරම්පරාවකට අයත් වූ  ඇයගේ මව සමග ලුසී ජීවත් විය.

බොහෝ මුල් දිවි පිදූවන් මෙන්, ලුසී ද තම කන්‍යාභාවය දෙවියන් වහන්සේට කැප කර ඇති අතර, ඇය බලාපොරොත්තු වූයේ ඇගේ ලෞකික භාණ්ඩ සියල්ල දුප්පතුන්ගේ සේවය සඳහා කැප කිරීමට ය.

ඇගේ මව ඇය වෙනුවෙන් විවාහයක් සූදානම් කළ නමුත් වසර තුනක් ඇය විවාහය කල් දැමීමට සමත් විය. ලුසී ශාන්ත අගතාගේ සොහොන් ගෙය අසල යාච්ඤා කළේ ඇගේ ඇදහිල්ල ගැන මවගේ අදහස වෙනස් කරන ලෙසයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇගේ මවගේ දිගුකාලීන රක්තපාත රෝගය සුව වූ අතර, දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වීමට ලුසීගේ ආශාවට මව එකඟ විය.

ලුසීගේ ප්‍රතික්‍ෂේප කළ මනාලයා වන පැස්චසියස්, ලුසී කිතුනුවකු ලෙස හෙළා දුටුවේය. ආණ්ඩුකාරවරයා ඇයව බලහත්කාරයෙන් ගණිකා වෘත්තියට යොමු කිරීමට සැලසුම් කළ නමුත් මුරකරුවන් ඇයව රැගෙන ඒමට ගිය විට, ඔවුන් ඇයව ගවයන් කණ්ඩායමක් අතරට දැමූ විට පවා ඇයට අනතුරකි සිදු නොවුණි. ඒ වෙනුවට ඇයව මරා දමන ලෙස ආණ්ඩුකාරවරයා නියෝග කළේය.

ඇගේ දෑස් උගුල්ලා දැමීම ඇතුළු බිහිසුණු වධ හිංසාවලින් පසුව, ඇයව ගිනි තැබූ දර මිටිවලින් වට කර ඇත, නමුත් ගින්න ඉක්මනින් මැකී ගියේය. ඇයට පීඩා කරන්නන්ට එරෙහිව ඇය අනාවැකි කී අතර, පසුව කිනිස්සකින් ඇණණ ඇයව මරා දමන ලදී. ඇයගේ දේහය මිහිදන් කිරීමට සූදානම් වන විට ඇයගේ දෑස් යථා තත්ත්වයට පත් වී ඇති බව සොයා ගන්නා ලදි.

Post a Comment

0 Comments