✟✟ 𝟚𝟘𝟚𝟚 දෙසැම්බර් 14 ✟✟


 

පළමුවන කියවීම යෙසායා 45:6C-8, 18, 21C-25

මම සමිඳාණන් වහන්සේ ය, මා හැර අන් දෙවි කෙනෙක් නැත.
7ආලෝකය දෙන්නේ මම ය;
අන්ධකාරය දෙන්නේත් මම ය;
සැපත දෙන්නේ මම ය;
විපත දෙන්නේත් මම ය.
මේ සියල්ල කරන්නේ ස්වාමීන් වන මම ය.
8එම්බා අහස් තලය!
වැසි වලාකුළක් මෙන් දැහැමිකම වස්වන්න.
ගැළවීම හටගන්න පිණිස පොළොව විවර වේ වා!
විමුක්තියේ මල් ද එහි පිබිදේ වා!
ස්වාමීන් වන මම මෙය සිදු වන්න සලස්වන්නෙමි.”
18සගලෝ මැවූ, පොළොව සාදා එය නිම කළ, පාළු ඉඩමක් ලෙස නොව, විසුමට තැනක් ලෙස පොළොව මැවූ එක ම දෙවි වන සමිඳාණෝ මෙලෙස වදාරන සේක:
“මම සමිඳුන් වෙමි;
හුදෙක් මා හැර අන් දෙවි කෙනෙක් නැත.
මා හැර අන් දෙවි කෙනෙක් නැත.
මම ධර්මිෂ්ඨ ගැළවුම්කාර දෙවිඳාණෝ ය;
වෙන දෙවි කෙනෙක් ඇත්තේ ම නැත,
22ලෝ වැසි සියල්ලෙනි, මා වෙත එන්න;
දැන් මාගේ ගැළවීම ලබාගන්න.
මා හැර අන් දෙවි කෙනෙක් නොමැත.
23 මාගේ මුවින් ගිලිහෙන කිසිදු වචනයක් වෙනස් නොවේ;
එය සත්‍යයකි.
‘සියලු දණ හිස් මට නැමෙන බව, සියලු දිව් මා ගැන දිවුරන බව සහතික ලෙස දිවුරා කියමි.’
24මා තුළින් පමණක් ශක්තිය හා දැහැමිකම ඇති වේ යයි ඔවුන් කියනු ඇත.
මට විරුද්ධ ව නැඟිටින අය නින්දා දුක් විඳිනු ඇත.
25ඉශ්රායෙල්වරුන්ගේ සකල පරපුර මා තුළින් දමිටු කරනු ලැබ මා හට පැසසුම් දෙනු ඇත.”

පිළිතුරු ගීය ගීතාවලිය 85:9AB AND 10, 11-12, 13-14

පිළිතුර  එම්බා අහස් තලය! වැසි වලාකුළක් මෙන් දැහැමිකම වස්වන්න.ගැළවීම හටගන්න පිණිස පොළොව විවර වේ වා! විමුක්තියේ මල් ද එහි පිබිදේ වා!

9එතුමාණෝ හට ගරුබිය පාන අයට ගැළවීම ඉතා සමීප ව ඇත්තේ ය.
සත්තට ම එතුමාණන්ගේ මහිමාලංකාරය අප රටෙහි බබළන්නේ ය.
10තිර පෙම සහ විශ්වාසවන්තකම හමු වන්නේ ය.
දැහැමි බව සහ සාමය වැළඳ ගන්නේ ය.
පිළිතුර  එම්බා අහස් තලය! වැසි වලාකුළක් මෙන් දැහැමිකම වස්වන්න.ගැළවීම හටගන්න පිණිස පොළොව විවර වේ වා! විමුක්තියේ මල් ද එහි පිබිදේ වා!
11විශ්වාසවන්තකම මිහි තලයෙන් ඉහළට නඟින්නේ ය.
දැහැමි බව සගලොවින් පහළට බසින්නේ ය.
12සමිඳාණෝ අප සමෘද්ධිමත් කරන සේක.
අපේ දේශය එහි පලදාව නිපදවන්නේ ය.
පිළිතුර  එම්බා අහස් තලය! වැසි වලාකුළක් මෙන් දැහැමිකම වස්වන්න.ගැළවීම හටගන්න පිණිස පොළොව විවර වේ වා! විමුක්තියේ මල් ද එහි පිබිදේ වා!
13දැහැමි බව එතුමාණන්ට පෙරටු ව යන්නේ ය.

එතුමාණන්ගේ පා සළකුණු මාර්ගයක් වන්නේ ය.
පිළිතුර  එම්බා අහස් තලය! වැසි වලාකුළක් මෙන් දැහැමිකම වස්වන්න.ගැළවීම හටගන්න පිණිස පොළොව විවර වේ වා! විමුක්තියේ මල් ද එහි පිබිදේ වා!

ආලේලූයියා යොසායා 40:9-10 

9සියොන්ට සුබ ආරංචිය ගෙනෙන දූතයාණෙනි, උස් කන්දට නඟින්න; සියොන්ට සුබ ආරංචිය දන්වන්න.
ජෙරුසලමට සුබ ආරංචිය ගෙනෙන දූතයාණෙනි, හඬ නඟා ප්‍රකාශ කරන්න; බිය නොවී උස් හඬින්, “ඔබේ දෙවිඳාණෝ වඩින සේකැ”යි ජුදාහි නගරවලට ප්‍රකාශ කරන්න.

සුබාරංචිය ලූක් 7:18B-23

18ජොහන්ගේ ගෝලයෝ ඔහුට මේ සියල්ල දැන්වූ හ. එවිට ජොහන් සිය ගෝලයන්ගෙන් දෙදෙනෙකු කැඳවා, 19“වඩින්ට සිටින තැනැන් වහන්සේ ඔබ ද? නොහොත් වෙන කෙනෙකු අපේක්ෂා කරමු දැ”යි අසනු පිණිස සමිඳාණන් වහන්සේ වෙත ඔවුන් යැවී ය. 20ඔව්හු උන් වහන්සේ වෙත පැමිණ, “ ‘වඩින්ට සිටින තැනැන් වහන්සේ ඔබ ද? නොහොත් වෙන කෙනෙකු අපේක්ෂා කරමු දැ’යි විමසනු වස් ස්නාවක ජොහන් අප ඔබ වෙත එවී ය”යි කී හ. 21ඒ වේලාවේ දී ම උන් වහන්සේ බොහෝ දෙනෙකුගේ ලෙඩ රෝග සුව කර, අශුද්ධාත්ම දුරු කර, අන්ධයන් බොහෝ දෙනෙකුට පෙනීම දුන් සේක. 22 උන් වහන්සේ උත්තර දෙමින්, “යන්න, ඔබ ඇසූ දුටු දෙය ජොහන්ට දන්වන්න; අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, ලාදුරු රෝගීහු පවිත්‍ර කරනු ලබති, බිහිරෝ ඇසීම ලබති, මළාහු නැඟිටුවනු ලබති; දිළිඳුන්ට සුබ අස්න ප්‍රකාශ කරනු ලැබේ. 23මා කෙරෙහි විශ්වාසය නැති කර නොගන්නා තැනැත්තේ භාග්‍යවන්තයෙකැ”යි ඔවුන්ට වදාළ සේක.

Post a Comment

0 Comments