✟✟ 𝟚𝟘𝟚𝟚 දෙසැම්බර් 13 ✟✟

 



පළමුවන කියවීම ශෙපනියා  3:1-2, 9-13

1කැරලිකාර, දූෂ්‍ය, සිය දේශයේ ම වැසියන්ට පීඩා කරන ජෙරුසලමට වන විපතක මහත! 2ඈ සමිඳාණන් වහන්සේගේ හඬට සවන් නුදුන්නා ය; අවවාදය නොපිළිගත්තා ය. ඈ සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නේ වත්, ඇගේ දෙවියන් වහන්සේට ළං වුණේ වත් නැත. 

9“එකල සියලු ජාතීන් සමිඳුන්ගේ නාමයෙන් යාච්ඤා කරමින් උන් වහන්සේට පමණක් එක සිතින් නමදින පිණිස මම ඔවුන්ට පිවිතුරු බසක් දෙන්නෙමි. 10විසිරී ගොස් සිටින මාගේ සෙනඟ ඈත එතියෝපියාවෙන් වුව ද මා හට පඬුරු ගෙනෙනු ඇත. 11ඒ කාලයේ දී, මාගේ සෙනඟ වන නුඹලා මට විරුද්ධ ව කළ ද්‍රෝහි ක්‍රියා නිසා ලජ්ජාවට පත් නොවන්නහු ය. මන්ද, අහංකාරි, අභිමානවත් සියලු දෙනා මම නුඹලා අතරෙන් පහ කරන්නෙමි. ඉන්පසු නුඹලා කිසි කලෙක මාගේ ශුද්ධ කන්දෙහි කැරලි නොගසන්නහු ය. 12නිහතමානී, යටහත් පහත් සෙනඟක් නුඹලා අතර මම ඉතිරි කරන්නෙමි. ඔව්හු සමිඳාණන් වහන්සේගේ නාමයෙන් සරණ සොයා යන්නෝ ය. 13ඉශ්රායෙල්හි ඉතිරි වන සෙනඟ තවත් අයුතුකම් නොකරන්නෝ ය; බොරු නොකියන්නෝ ය. වංචාව ඔවුන්ගේ කතාවෙහි නොවන්නේ ය. ඔවුන්ට සෞභාග්‍යය ද සුරක්ෂිතකම ද ඇති වන්නේ ය. කිසිවෙකු ඔවුන් බිය ගන්වන්නේ නැත.”

පිළිතුරු ගීය ගීතාවලිය 34:2-3, 6-7, 17-18, 19, 23

පිළිතුරසමිඳාණන් වහන්සේ දිළිඳුන්ගේ මොරගැසීමට සවන් දෙන සේක.

2මම එතුමාණන්ගේ ගුණ වර්ණනා කරමි.
නිහතමානී අය ඒ අසා තොස් වෙත්වා;
3මා සමඟ හිමිතුමාණන් වර්ණනා කරන්න;
අපි එක් වී එතුමාණන්ගේ නාමය පසසමු.
පිළිතුරසමිඳාණන් වහන්සේ දිළිඳුන්ගේ මොරගැසීමට සවන් දෙන සේක.
6හිමිතුමාණන්ට කන්නලව් කළ එක් අසරණයෙක් විය;
එතුමාණෝ ඔහුගේ බස් අසා,
සියලු දුක් ගැහැටවලින් ඔහු මිදූ සේක.
7හිමිතුමාණන්ගේ දූතයා දේව බය ඇති අය වට කර,
කඳවුරු බැඳ, ඔවුන් මුදා හරියි.
පිළිතුරසමිඳාණන් වහන්සේ දිළිඳුන්ගේ මොරගැසීමට සවන් දෙන සේක.
17දැහැමි අය අයැදුම් කළහ;
හිමිතුමාණෝ සවන් දී සියලු දුක් වේදනාවලින් ඔවුන් මිදූ සේක.
18හිමිතුමාණෝ බිඳුණු සිත් ඇත්තන්ට ළං ව සිටින සේක;
තැළුණු හදවත් ඇත්තන්ට පිහිට වන සේක.
පිළිතුරසමිඳාණන් වහන්සේ දිළිඳුන්ගේ මොරගැසීමට සවන් දෙන සේක.
19දමිටුන්ට බොහෝ ආපදා ඇතත්, හිමිතුමාණෝ ඒ සියල්ලෙන් ඔවුන් මුදා හරින සේක.
පිළිතුරසමිඳාණන් වහන්සේ දිළිඳුන්ගේ මොරගැසීමට සවන් දෙන සේක.
22හිමිතුමාණෝ සිය මෙහෙකරුවන් මුදන සේක.
එතුමාණන්ගේ රැකවරණය සොයන කිසිවෙක් දඬුවම් නොලබන්නෝ ය.
පිළිතුරසමිඳාණන් වහන්සේ දිළිඳුන්ගේ මොරගැසීමට සවන් දෙන සේක.

ආලේලූයියා ගිතාවලිය 85:8

8දෙව් සමිඳුන් වදාරන වදනට සවන් දෙමි,
මන්ද, සිය සෙනඟට ද සැදැහැවතුන්ට ද එතුමාණන් තුළ විශ්වාසය තබන අයට ද සමිඳාණෝ සාමදානය දීමට පොරොන්දු වූ සේක.

සුබාරංචිය මතෙව් 21:28-32


Post a Comment

0 Comments