✟✯🌷ලොරෙට්ටෝ හි අප ස්වාමි දූවගේ මංගල්‍යය 🌷✯ ✟

 


16 වන ශතවර්ෂයේ සිට හෝ ඊට පෙර නිම වූ දා සිට, ලොරේටෝ හි "ශුද්ධ මන්දිරය" ඉතාලියේ වඩාත් ප්‍රසිද්ධ සිද්ධස්ථාන අතර ගෞරවයට පාත්‍රව ඇත. ලොරේටෝ යනු ඇන්කෝනා සිට සැතපුම් කිහිපයක් දකුණින් සහ මුහුද අසල කුඩා නගරයකි. එහි වඩාත්ම කැපී පෙනෙන ගොඩනැගිල්ල වන්නේ මෙම ශුද්ධ මන්දිරයේ  බැසිලිකාවයි. බොහෝ ප්‍රසිද්ධ කලාකරුවන්ගේ මඟපෙන්වීම යටතේ මෙය ගොඩනඟා අලංකාර කිරීමට සියවසකට වැඩි කාලයක් ගත විය. විවිධ කැටයම් සහිත ගෝලාකාර පියස්සක් හිමි ප්‍රාසාදයක් වැනි බැසිලිකාව තුළම පිහිටා ඇති කුඩා ගෘහයක් ලෙස ‌ ‌මෙහි තැන්පත් කර ඇත. කුඩා ගොඩනැඟිල්ලේ රළු බිත්ති උසින් ඉහළට ඔසවා ඇතත්, පිටතින් අලංකාර ලෙස මූර්තිමත් කරන ලද කිරිගරුඬවලින් ආවරණය කර ඇත. කන්‍යා මාතාවගේ සහ ඇගේ දිව්‍ය පුත්‍රයාගේ පිළිමයකට යටින් එක් කෙළවරක පූජාසනයක් ඇත. මෙම ගොඩනැගිල්ල ශුද්ධ වූ පවුල ජීවත් වූ නාසරෙත්හි සත්‍ය ගෘහය ලෙස කිතුනුවන්ගේ ගෞරවයට පාත්‍ර වන අතර, වචනය තෙම මාංශගත වූ ස්ථානය ලෙස මෙය ගරු බුහුමන් ලබයි.බැසිලිකාවේ නැගෙනහිර මුහුණත අලංකාර කරන දහසයවන සියවසේ තවත් සෙල්ලිපියක් මෙම සිද්ධස්ථානය මෙතරම් ප්‍රසිද්ධියට පත් කරන සම්ප්‍රදාය වඩා දිගු කරයි.

"ක්‍රිස්තියානි වන්දනාකරුවා",  ලෙස එහි සඳහන් වන්නේ, "ඔබේ ඇස් ඉදිරිපිට ලොරේටෝ හි ශුද්ධ මන්දිරය ඇත, එහි සිදු කරන ලද දිව්‍යමය අභිරහස් සහ මෙහි ඇති මහිමාන්විත ප්‍රාතිහාර්යයන් හේතුවෙන් ලොව පුරා ගෞරවාදරයට පාත්‍ර වේ. අතිශුද්ධ වූ මරිය තුමිය මෙහි මාතාවයි. දෙවිදුන් මිනිසත් බව ගැනීම එනම්  දේව දූතයා විසින් මරියාවන්ට ආචාර කරන ලදද්දේ මෙහි බව විශ්වාස කරයි.  දෙවියන් වහන්සේගේ සදාකාලික වචනය මාංසය බවට පත් කරන ලද ස්ථානය ලෙස මෙය වඩාත් ගෞරවාදරයට පත්වේ."

දේවදූතයන් විසින් ඔසවාගෙන IV වන නිකලස්  පාප්තුමාගේ කාලයේදී එනම් ක්‍රි ව. 1291 දී පලස්තීනයේ සිට Tersato නගරයට මෙම මන්දිරය ගෙනා බව සාම්ප්‍රදායික විශ්වාසය වේ. වසර තුනකට පසු, එනම් VIII වන බොනිෆස්ගේ පාප්තුමාගේ කාල වකවානුව ආරම්භයේ දී, එය දේවදූතයන් විසින් නැවත රැගෙන ගොස්, තුන් වතාවක් එහි ස්ථානය වෙනස් කර ඇති අතර ඇන්කෝනාහි රෙකානාටි අවට, මෙම කන්ද අසල වනාන්තරයක තැන්පත් කරන ලදී. වසරක් ඇතුළත, දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව මෙම ස්ථානයේ ස්ථිරව මෙය ස්ථාන ගත විය.

එතැන් සිට, මෙම සිදුවීමේ අසාමාන්‍ය ස්වභාවය අසල්වැසි ජනතාවගේ විස්මයට සහ මෙම ස්ථානයේ සිදු වූ ප්‍රාතිහාර්යයන්ගේ කීර්තිය යන දෙකම බොහෝ දුරට පැතිර ගියේය. මෙම ශුද්ධ මන්දිරය ශතවර්ෂ ගණනාවකට පසුවත් ස්ථීරව සියලු ජාතීන් විසින් ගෞරවයට ලක් කරනු ලබයි. 

1894 තරම් මෑතකාලීනව XIII වන ලියෝ පාප්තුමා ,  එහි ඉතිහාසය මෙම වචන වලින් සාරාංශ කළේය: "නාසරෙත්හි ප්‍රීතිමත් නිවස ක්‍රිිිිිිිිස්තියානි විශ්වාසයේ ශුද්ධ වු ස්මාරකයක්, සිහිවටනයක් ලෙස ගෞරවයට පාත්‍ර වේ. අපගේ පැරැන්නන් විසින් ලබා දී ඇති බොහෝ තොරතුරු සහ ක්‍රියා, ත්‍යාග සහ වරප්‍රසාද වලින් මෙය පැහැදිලි වේ. සභා ඉතිහාසය සාක්ෂි දරන පරිදි එය ආශ්චර්යමත් ලෙස ඉතාලියට වැඩම කර කඳුකරයේ ඇදහිලිවන්තයන්ගේ ගෞරවයට පාත්‍ර විය. ලොරේටෝ සියල්ලන්ගේම දැඩි භක්තිය සහ භක්තිවන්ත අභිලාෂයන් තමා වෙතට ඇද ගත් අතර, යුග ගණන් ගෙවී යත්ම, එය මෙම භක්තිය සදාකාලිකව උද්දීපනය කරන ලදි." 

මෙහි මංගල්‍යය දෙසැම්බර් 10 වන දින සමරනු ලබයි.

Post a Comment

0 Comments