✟✯✯ ශු. නික්ලස් මුනිතුමා ✯ ✯ ✟

 



දෙසැම්බර් මස 6 වන දින ශුද්ධවු සභාව මුල් කාලීන බිෂොප්වරයෙකු වන සාන්ත නිකුලස්තුමා ‍සමරනු ලබයි. එතුමාගේ පැවති ත්‍යාගශීලීත්වය සහ දරුවන්ට ආදරය කිරීම යන ගුණාංග නිසා එතුමා වඩා ප්‍රසිද්ධියට පත්විය. තුන්වන හෝ හතරවන සියවසේ අගභාගයේදී පමණ කුඩා ආසියාවේ ලිසියා හි උපත ලැබූ ශාන්ත නිකලස් තුමා  නූතන නත්තල් සීයා සඳහා යොදා ගනු ලැබුවද එය එතුමාට දක්වන ගෞරවය හින කිරීමක් ලෙස දැක්විය හැකිය.

තරුණ වියේදී මෙතුමා කාන්තාර පියවරුන්ගේ පාසලේ ඉගෙනීම සඳහා පලස්තීනයට සහ ඊජිප්තුවට වන්දනාවේ ගිය බව කියනු ලැබේ. වසර කිහිපයකට පසු ආපසු පැමිණීමෙන් පසු වහාම මෙතුමාව නූතන තුර්කියේ වෙරළ තීරයේ ඩෙම්රේ ප්‍රදේශයේ මයිරා හි රදගුරුතුමා ලෙස පත් කරන ලදී. මෙතුමා දියොක්ලේසියානු පීඩන අතරතුර සිරගත කරන ලද අතර මහා කොන්ස්ටන්ටයින් රජු බලයට පැමිණ ක්‍රිස්තියානි ධර්මය රෝම අධිරාජ්‍යයේ නිල ආගම බවට පත් කළ විට නිදහස් කරන ලදී.

මෙතුමාගේ ත්‍යාගශීලීත්වය පිළිබඳ වඩාත් ප්‍රසිද්ධ කථාවක් වන්නේ, දුප්පත් මිනිසෙකුගේ දියණියව විවාහ කර දීමට මුදල් නොතිබුණු නිසා දෑවැද්ද ලෙස විවෘත ජනේලයකින් රන් මලු විසි කොට ඔවුන්ට සරණ වුණු බවය.  ජනේලයෙන් මුදල් විසි කිරීමේ දී ගින්න අසල වේලෙන්නට තබා තිබූ පවුලේ සපත්තු තුළට රත්තරන් කාසි වැටී තිබුණු බව ද පැවසේ. මෙතුමාගේ මංගල්‍යයට පෙර දින තෑග්ගක් ලැබීමේ බලාපොරොත්තුවෙන් ළමයින් තම සපත්තු දොරකඩින් තබන්නේ එබැවිනි, නැතහොත් ගිනි උදුන අසල ඔවුන්ගේ මේස් එල්ලන්නේ එම සම්ප්‍රදාය අනුගමනය කිරීමටය.

මෙතුමා නත්තලට සම්බන්ධ වන්නේ ඔහු දරුවන්ට රහසිගතව තෑගි ලබා දීමේ සිරිතක් කරගෙන ගිය නිසා ය. රතු වස්ත්‍ර හැඳ, දිගු සුදු රැවුලක් ඇති සාන්තුවරයා, ජර්මානු භාෂාවෙන් "සැන් නිකොලස්" ලෙස හඳුන්වන නිසා, ඔහු සංස්කෘතික වශයෙන් රිදී මුවන් විසින් අඳිනු ලබන සෙල්ලම් බඩු සහිත නත්තල් සීයා බවට පරිවර්තනය වූ බව අනුමාන කෙරේ. "සැන්ටා ක්ලෝස්" යනන එලෙස පටබැඳිණි. නැගෙනහිර සභාව මෙතුමාව හඳුන්වනු ලබන්නේ මයිරාහි ශාන්ත නික්ලස් තුමා ලෙස වන අතර බටහිර සභාව හඳුන්වන්නේ ශාන්ත නික්ලස් ලෙසය. 1087 දී තුර්කිය මුස්ලිම්වරුන් යටත් කර ගැනීමේදී ඔහුගේ ධාතු ඉතාලි ජාතිකයන් විසින් බාරි වෙත ගෙන යන ලද නිසා බාරි හි නිකලස් ලෙස ද මෙතුමාව හඳුන්වනු ලැබේ. සාන්ත නික්ලස් යනු ළමයින්ගේ සහ නාවිකයින්ගේ නාම සාන්තුවරයා වේ.  නැව් මුහුදුබත් වූවන්, දුෂ්කර ආර්ථික තත්වයන් ඇති අය සහ ගින්නෙන් විපතට පත් වූවන්ට ‌විශේෂයෙන් මෙතුමා පිහිට වන බව කියැවේ. මෙතුමා ක්‍රි.ව. 346 දෙසැම්බර් 6 වන දින මිය ගිය බව පැවසේ. 

Post a Comment

0 Comments