✟✟ 𝟚𝟘𝟚𝟚 දෙසැම්බර් 7 ✟✟

 


 පළමුවන කියවීම යෙසායා 40:25-31

25සුවිශුද්ධ දෙවිඳුන් සමාන කළ හැක්කේ කවරෙකුට ද?
එතුමන්ට සමාන අන් කිසිවෙක් සිටින්නේ ද?
26අහස දෙස බලන්න, ඔබට පෙනෙන ග්‍රහ තාරකා මැවුවේ කවරෙක් ද?
හමුදාවන් මෙන් ඒවා ගෙන යන්නේ, ඒවායේ ගණන දැන සිටින්නේ, නම් වශයෙන් ඒවා හඳුනන්නේ දෙවිඳාණෝ ය.
එතුමන්ගේ බලයේ මහත්කම නිසා ද එතුමන්ගේ ශක්තියේ බලවත්කම නිසා ද එයින් එකක් වත් නැති නොවේ.
27අහෝ, ඉශ්රායෙල් සෙනඟෙනි!
අහෝ, ජාකොබ්ගේ සෙනඟෙනි!
සමිඳාණෝ ඔබේ දුක් නොදන්න සේක කියාත්, ඔබේ අයිතිවාසිකම් නොසලකන සේක කියාත් ඔබ මැසිවිලි කියන්නේ මන් ද?
28සමිඳුන්, සදාතන දෙවිඳුන් බවත්, සකල ලෝකය මැවූ බවත්, එතුමන්ට වෙහෙස මහන්සි නොදැනෙන බවත්, එතුමන්ගේ ප්‍රඥාව අචින්ත්‍ය බවත් ඔබ දන්නේ නැද් ද?
අසා නැද් ද?
29එතුමාණෝ, ක්ලාන්ත වන අයට ශක්තියත්, බෙලහීනයන්ට සවියත් දෙන සේක.
30තරුණයෝ පවා දුබල වෙති;
යෞවනයෝ පවා වෙහෙස වී වැටෙති.
31එහෙත්, සමිඳුන් සරණ යන්නෝ සිය සවිය අලුත් කරගන්නෝ ය;
රාජාලීන් මෙන් පියාපත් විදහා යන්නෝ ය;
ඔව්හු දුවන්නෝ ය;
එහෙත්, වෙහෙස නොවන්නෝ ය;
ඇවිදින්නෝ ය;
එහෙත්, ක්ලාන්ත නොවන්නෝ ය.


පිළිතුරු ගීය ගීතාවලිය 103:1-2, 3-4, 8 and 10

පිළිතුර 

සුබාරංචිය මතෙව් 11:28-30

Post a Comment

0 Comments