✟✟ 𝟚𝟘𝟚𝟚 දෙසැම්බර් 12 ✟✟

 


පළමුවන කියවීම සෙකරියා 2:14-17 හෝ එළිදරව්ව 11:19A; 12:1-6A, 10AB

10“සියොන් පුරඟන, ප්‍රීතියෙන් ගී ගයන්න. මම නුඹලා සමඟ වාසය කරන පිණිස එන්නෙමි යි කියා සමිඳාණන් වහන්සේ වන මම කියමි.” 11ඒ කාලයේ දී බොහෝ ජාතීහු සමිඳාණන් වහන්සේට එක් වී උන් වහන්සේගේ සෙනඟ වන්නෝ ය. උන් වහන්සේ ඔවුන් සමඟ වැඩවසන සේක. එවිට උන් වහන්සේ ඔබ වෙත මා එවූ බව ඔබ දැනගන්නහු ය. 12නැවත වරක් සමිඳාණන් වහන්සේ ශුද්ධ කන්දෙහි ජුදා රට තමන්ගේ ම විශේෂ උරුමයක් කරගෙන, ජෙරුසලම තමන්ගේ ප්‍රියතම නුවර කරගන්න සේක.
13සියලු මනුෂ්‍ය ජාතීනි, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්ද වන්න. උන් වහන්සේ ස්වකීය ශුද්ධස්ථානයෙන් නැඟිට වඩින සේක.
එළිදරව්ව 11:19A; 12:1-6A, 10AB
19 එවිට ස්වර්ගයෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව විවෘත කරන ලද්දේ ය. උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මාලිගාව තුළ පෙනුණේ ය.
1තවද අහසෙහි පුදුම ලකුණක් විය. එනම්, සූර්යයා පැළඳගෙන, පාද යට සඳ මඬල ද හිස මත තාරකා දොළසකින් යුත් කිරුළක් ද ඇති ස්ත්‍රියකි. 2ගැබ්ගෙන සිටි ඈ, විළිරුජා විඳිමින් ප්‍රසව වේදනාවෙන් කෑගැසුවා ය. 3අහසෙහි තවත් පුදුම දර්ශනයක් විය. හිස් සතක් ද අං දසයක් ද තමන් හිස් මත කිරුළු සතක් ද ඇති මහා රතු මකරෙකි. 4ඌ උගේ වලිගයෙන් අහසේ තරුවලින් තුනෙන් කොටසක් ඇද, පොළවට හෙළී ය. උපන් කෙණෙහිම දරුවා කාදමන පිණිස, මකරා ප්‍රසව වේදනාවෙන් සිටි ස්ත්‍රිය ඉදිරියෙහි සූදානම් ව බලා සිටියේ ය. 5ස්ත්‍රිය ඒ සියලු මනුෂ්‍ය ජාතීන් යගදාවකින් ආණ්ඩු කරන පිරිමි දරුවෙකු ප්‍රසූත කළා ය. ඇගේ දරුවා දෙවියන් වහන්සේ හා උන් වහන්සේගේ සිංහාසනය වෙත ඇදගෙන යනු ලැබී ය. 6ස්ත්‍රිය කාන්තාරයට පලා ගියා ය. එක් දහස් දෙසිය සැට දවසක් ඇය පෝෂණය කරන පිණිස දෙවියන් වහන්සේ විසින් පිළියෙළ කරන ලද ස්ථානයක් ඈට එහි විය.
10  ඉන්පසු ස්වර්ගයෙහි මෙසේ කියන මහ හඬක් මට ඇසිණි; එනම්, “අපේ දෙවියන් වහන්සේගේ ගැළවීම ද බලය ද රාජ්‍යය ද ස්වකීය ක්‍රිස්තුන් වහන්සේගේ අධිපතිකම ද දැන් පැමිණ ඇත.  

පිළිතුරු ගීය ජුදිත් 13:18BCDE, 19

පිළිතුරඔබ ඉශ්රායෙල්වරුන්ගේ උදාර කීර්තිය වේ.

“මා දියණියනි, පරමෝත්තම දෙවිඳාණෝ මිහි පිට සියලු වනිතාවන්ට වඩා ඔබ හට ආසිරි දෙන සේක් වා!
අහසත් පොළොවත් මවා වදාළ දෙවි සමිඳුන්ට පැසසුම් වේ වා!
මන්ද, එතුමන්ගේ මඟ පෙන්වීමෙන් අප සතුරන්ගේ නායකයාගේ හිස ඔබ සිඳදැමුවෙහි ය.
පිළිතුරඔබ ඉශ්රායෙල්වරුන්ගේ උදාර කීර්තිය වේ.
19ඔබ විදහා පෑ විශ්වාසවන්ත බව ඔබ සිහි කරන්නන්ගේ මතකයෙන් ද මිනිස් මතකයෙන් ද පහ නොවනු ඇත.
එය නිතර ම දෙවිඳුන්ගේ බලය සිහිගන්වනු ඇත.
දෙවිඳාණෝ නිතර ඔබ ගරු සම්මානයට ලක් කරන සේක් වා!
පිළිතුරඔබ ඉශ්රායෙල්වරුන්ගේ උදාර කීර්තිය වේ.

සුබාරංචිය ලූක් 1:26-38  හෝ ලූක්  1:39-47



Post a Comment

0 Comments