✟✯🌷 ශු. ‌හිල්ඩා මුනිවරිය 🌷✯ ✟



හිල්ඩාතුමිය ක්‍රි.ව.  614 දී මහා බ්‍රිතාන්‍යයේ ඩීරාන් හි රාජකීය පවුලක උපත ලැබීය. ඇය ඩීරාන්හි රජු වන එඩ්වින්ගේ බෑණනුවන් වූ හෙරෙරික්ගේ සහ ඔහුගේ බිරිඳ බ්‍රෙගුස්විගේ දෙවන දියණිය විය. මෙතුමිය ළදරුවෙකුව සිටියදී,  බටහිර යෝක්ෂයර් හි පිහිටි එල්මෙට්හි බ්‍රිතාන්‍ය රජුගේ මළුවේදී පිටුවහල්ව සිටිය ඇගේ පියා වස පානය කළේය. ක්‍රි.ව. 616 දී, එඩ්වින් රජු බර්නීසියාවේ එතෙල්රික්ගේ පුත්‍රයා සටනක දී මරා දමා ඔහු නෝර්ත්උම්බ්‍රියා රාජධානිය නිර්මාණය කර එහි සිංහාසනය ලබා ගත්තේය. හිල්ඩා හැදී වැඩුණේ එඩ්වින් රජුගේ මාලිගයේ ය‍.

ක්‍රි ව. 625 දී, එඩ්වින් රජු, කෙන්ට්හි රජුගේ දියණිය සමඟ විවාහ විය. විවාහ ගිවිසුමේ කොටසක් ලෙස, කුමරියට ඇගේ ක්‍රිස්තියාකි නමස්කාරයන් වත්පිළිවෙත් දිගටම කරගෙන යාමට අවසර දුන් අතර, කැන්ටබරි හි ඔගස්ටින්ට සහය වීමට ක්‍රි ව 601 දී එංගලන්තයට යවන ලද ක්‍රිස්තියානි තාපසවරයෙක් වූ යෝර්ක් හි පෝලිනස් නම් ඇගේ පූජකයා සමඟ නෝර්තුම්බ්‍රියා වෙත ගියේය.

ක්‍රි ව. 627 දී, එඩ්වින් රජු, අප්‍රේල් 12 වන දින එනම් පාස්කු දිනයේ දී බව්තීස්මය ලැබීය. ඔහුගේ මාලිගයේ සේවකයන් සමඟ, 13 හැවිරිදි හිල්ඩා ද  එම අවස්ථාව සඳහා කඩිමුඩියේ ඉදිකරන ලද කුඩා ලී පල්ලියක දී බව්තිස්මය ලබන ලදි.

ක්‍රි ව 633 දී අසල්වැසි මිථ්‍යාදෘෂ්ටික මර්සියා රජු විසින් නෝර්තුම්බ්‍රියාව යටත් කර ගත් අතර, එම අවස්ථාවේදී එඩ්වින් රජු සටනින් පරාජ විය‍. පෝලිනස් රැජින සහ ඇගේ පිරිසත් හිල්ඩාවත් රැගෙන කෙන්ට් හි පිහිටි රැජිනගේ නිවසට ගියේය. රැජින එහි කන්‍යාරාමයක් ආරම්භ කළ අතර හිල්ඩා රැජින සමඟ රැඳී සිටි බව උපකල්පනය කෙරේ.

හිල්ඩාගේ වැඩිමහල් සොහොයුරිය, හෙරෙස්විත්, නැගෙනහිර ඇන්ග්ලියාවේ ඇනා රජුගේ සහෝදරයා වන එතෙල්රික් සමඟ විවාහ වූ අතර, ඔහුගේ සියලු දියණියන් සමඟ ඔවුන්ගේ ක්‍රිස්තියානි ගුණධර්ම සඳහා ප්‍රසිද්ධියට පත් විය. පසුව, හෙරෙස්විත් ගෝල් හි (වර්තමානන ප්රංශය) හි කන්‍යා සොහොයුරියක් බවට පත් විය. නැවත හිල්ඩාගේ කතාව ඇරඹෙන්නේ ඇය තම වැන්දඹු සොහොයුරිය හා එක්වීමට සූදානම්ව සිටි අවස්ථාවකදීය. වයස අවුරුදු 33 දී, හිල්ඩා බිෂොප් ඒ්ඩන්ගේ ඇමතුමකට පිළිතුරු දීමට තීරණය කර නැවත නෝර්තුම්බ්‍රියා වෙත ගොස් කන්‍යා සොහොයුරියක් ලෙස ජීවත් විය.

හිල්ඩාගේ මුල් කන්‍යාරාමය තිබුණේ රිවර් වෙයාර් හි උතුරු ඉවුරේ ය. මෙහිදී, තවත් කිහිපදෙනෙක් සමඟ, ඇය ඒ්ඩන් බිෂොප් අයෝනා පුදේශයෙන් ගෙන ආ කෙල්ටික් පැවිදි සම්ප්‍රදායන් ඉගෙන ගත්තාය. වසරකට පසුව ඒ්ඩන් රදගුරුතුමා හිල්ඩාව හාර්ට්‌ෆූල් තාපසාරාමයෙහි හි දෙවන ප්‍රධානියා ලෙස පත් කළේය. මෙම තාපසාරාමය පිළිබඳ කිසිදු හෝඩුවාවක් වර්තමානයේ ඉතිරිව නැත, නමුත් එහි තාපසාරාම සුසාන භූමිය වර්තමාන ශාන්ත හිල්ඩා දේවස්ථානය අසල හාර්ට්ල්පූල් හි දක්නට ලැබේ.

ක්‍රි ව. 657 දී හිල්ඩා විට්බි කාපසාරාමයේ ප්‍රධානියා බවට පත් විය. ඇය මිය යන තුරුම එහි සිටි බව කියැවේ. පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් පෙනී යන්නේ ඇගේ ආරාමය කෙල්ටික් ශෛලිය වූ අතර එහි සාමාජිකයින් කුඩා නිවාසවල පුද්ගලයන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු ලෙස ජීවත් වූ බවයි. හාට්ල්පූල් සහ විට්බි වැනි ද්විත්ව තාපසාරාමවල සම්ප්‍රදාය වූයේ පිරිමින් සහ කාන්තාවන් වෙන වෙනම ජීවත් වීම වූ නමුත් දේවස්ථානයේ එකට එක්ව නමස්කාර කිරීම ය. 

පැවිදි දිවියේ  මුල් පරමාදර්ශ හිල්ඩාගේ තාපසාරාම තුළ දැඩි ලෙස පවත්වා ගෙන ගිය බව අනාවරණය වී ඇත. සියලු දේපල හා භාණ්ඩ පොදුවේ තබා ගැනීම, ක්‍රිස්තියානි ගුණධර්ම ක්‍රියාත්මක කිරීම, විශේෂයෙන් සාමය සහ පුණ්‍ය කටයුතුවල යෙදීම සහ සෑම කෙනෙකුටම බයිබලය අධ්‍යයනය කර යහපත් ක්‍රියා කිරීම සිදු කළ යුතු විය.

මෙම තාපසාරාමයේ සිටි පුද්ගලයන් පස් දෙනෙක් පසුව බිෂොප්වරුන් බවට පත් විය. දෙදෙනෙක්, මිථ්‍යාදෘෂ්ටිකත්වයට එරෙහි සටනේ තීරණාත්මක කාල පරිච්ඡේදයකදී ක්‍රිස්තියානි සභාවට කළ සේවය වෙනුවෙන් බෙවර්ලිහි ජෝන්, හෙක්ස්හැම්හි බිෂොප් සහ යෝර්ක්හි බිෂොප් විල්ෆ්‍රිඩ් ශාන්තුවරභාවයට පත් කරන ලදී.

හිල්ඩාතුමිය විස්තර කර දක්වන්නේ දක්ෂ පරිපාලකයෙකු සහ ගුරුවරියක වූ විශිෂ්ට ශක්තියක් ඇති කාන්තාවක් ලෙසය. ඉඩම් හිමියෙකු ලෙස ඇය බැටළුවන් සහ ගවයන් රැකබලා ගැනීම, ගොවිතැන් කිරීම සහ දර කැපීම වැනි රැකියාවල නිරත විය. ඇය ප්‍රඥාව සඳහා කෙතරම් කීර්තියක් ලබා ගත්තාද යත් රජවරු සහ කුමාරවරු ඇයගේ උපදෙස් පතන ලදි. කෙසේ "ඇයව හඳුනන සියල්ලෝම ඇය මව ලෙස හැඳින්වූයේ ඇයගේ කැපී පෙනෙන භක්තිය සහ කරුණාව නිසාය" මේ මෙතුමිය ගැන පැවති සඳහනකි.

හිල්ඩා ඇගේ ජීවිතයේ අවසාන වසර හත තුළ උණ රෝගයෙන් පීඩා වින්දා, නමුත් ක්‍රි.ව. 680 නොවැම්බර් 17 වන දින ඇය මිය යන තුරුම වැඩ කරමින් සිටියාය. ඇයගේ අවසන් වසරේ ඇය විට්බි සිට සැතපුම් දාහතරක් දුරින් තවත් ආරාමයක් පිහිටෙව්වාය. ඇයගේ මරණය සිදු වූ මොහොතේ තාපසාරාමයේ සීනුව නාද වූ බව කියැවේ. එහි සිටි බෙගු නම් කන්‍යා සොහොයුරියක් හිල්ඩාගේ ආත්මය දේවදූතයන් විසින් ස්වර්ගයට ගෙන යනු දුටු බව ද ප්‍රකාශ කළාය.

රෝමානු කතෝලික සභාව හිල්ඩාතුමියගේ මංගල්‍ය දිනය නොවැම්බර් 17 වන දින සමරනු ලබයි.  මෙතුමිය කවි ඇතුළු ඉගෙනීමේ සහ සංස්කෘතියේ නාම සාන්තවරිය ලෙස ගෞරවයට පාත්‍ර වී ඇත. 



Post a Comment

0 Comments