✟✟ 𝟚𝟘𝟚𝟚 නොවැම්බර් 9 ✟✟



 පළමු කියවීම  එසකියෙල් 47:1-2, 8-9, 12

1 පසු ව ඒ මනුෂ්‍යයා දේව මාලිගාවේ දොරකඩ ළඟට මා නැවත පැමිණෙව්වේ ය. එවිට දේව මාලිගාවේ එළිපත්තට යටින් නැගෙනහිර දෙසට වතුර ගලා යන බව මම දිටිමි. මන්ද, දේව මාලිගාවේ ඉස්සරහ පැත්ත නැගෙනහිර දෙසට තිබුණේ ය. ඒ වතුර දේව මාලිගාවට දකුණු පැත්තෙන් පූජාසනයට දකුණෙන් එළිපත්ත යටින් ගලා ආවේ ය. 2එකල ඔහු මා උතුරු ද්වාර මණ්ඩපයෙන් පිටතට ගෙනගොස්, නැගෙනහිරට මුහුණ පා තිබුණු පිටත දොරටුව ළඟට වටකරින් මා පැමිණෙව්වේ ය. එවිට වතුර දකුණු පැත්තෙන් වැගිරෙනු දිටිමි. 
8ඔහු කතා කරමින්, “මේ වතුර නැගෙනහිර දිශාවට ගලා ගොස්, අරබා සමභූමියට බැස ගොස්, එහි මළ මුහුදට ඇතුළු වූ විට ජලය මිරිදියට හැරුණේ ය. 9මේ ගංගා ගලා යන සෑම තැන ම රාශි ගණන් පණ ඇති සියලු ම සත්ත්වයෝ ජීවත් වන්නෝ ය. එසේ මත්ස්‍යයන් මහා ගණනක් හටගනු ඇත. මන්ද, මේ වතුර එහි පැමිණි විට අනික් ඒවා මිරිදිය වන්නේ ය. ගංගාව ගලා යන කොතැනක වුව ද සිටින සියල්ලන් ජීවත් ව සිටිනු ඇත. 
12ගඟ ඉවුරේ දෙපැත්තේ ම සියලු ආකාර පලතුරු වැවෙන්නේ ය. ඒවායේ කොළ වේළෙන්නේ වත්, ඒවායේ පල වරන්නේ වත් නැති ව හැම මාසයේ ම අලුත් පල දරන්නේ ය. මන්ද, ඒවායේ වතුර ශුද්ධස්ථානයෙන් ම නික්ම එන්නේ ය. ඒවායේ පල ආහාර පිණිසත්, ඒවායේ කොළ ඖෂධ පිණිසත් වන්නේ ය”යි කී ය.

පිළිතුරු ගීය ගීතාවලිය 46:2-3, 5-6, 8-9

පිළිතුර 
2මහ පොළොව කම්පා වෙතත්, කඳු වැටි මහ මුහුදට කඩා වැටෙතත්,
3සත් සමුදුර ගුගුරා කැළඹෙතත්, එයින් නැඟෙන රැළ වේගයෙන් කඳු වැටි සැලෙතත් අපට කිසි විටක බියක් නැත.
5දෙවි තුමාණෝ ඒ නුවර වැඩ වසන සේක.
ඊට කිසි දා විපතක් නොවනු ඇත.
දෙවි තුමාණෝ අලුයම් වේලෙහි ඊට පිහිට වන සේක.
6ජාතීහු කෝලහල කළහ;
රාජධානි බිඳ වැටිණි.
දෙවි තුමාණෝ ගිගුරුම් දුන් සේක.
මහ පොළොව දිය විණි.
8එන්න, සමිඳුන්ගේ වික්‍රම ක්‍රියා බලන්න;
මිහි මත කර ඇති පුදුම ක්‍රියා නරඹන්න.
9එතුමාණෝ මිහි මත දස දෙස යුද බිය නවත්වන සේක;
දුන්න බිඳ, හෙල්ලය කපා, පලිහ ගින්නෙන් දවන සේක.
දෙවියන් වහන්සේගේ ගොඩනැඟිල්ල ය.
දෙවන කියවීම 1 කොරින්ති  3:9C-11, 16-17
10මට දෙන ලද දේව වරප්‍රසාදය පරිදි මම දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙකු මෙන් අත්තිවාරමක් දැමීමි. වෙන කෙනෙක් ඒ මත ගොඩනඟයි. එහෙත් එකිනෙකා එය මත ගොඩනඟන ආකාරය ගැන විමසිලිමත් විය යුතු ය. 11මන්ද, දැනට ම දමා ඇති අත්තිවාරම හැර වෙන අත්තිවාරමක් දැමීමට කිසිවෙකුට නුපුළුවන. ඒ අත්තිවාරම නම් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ය.
16  ඔබ දෙවියන් වහන්සේගේ මන්දිරය බවත්, ඔබ තුළ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වැඩ වසන බවත් නොදන්නහු ද? 17කිසිවෙකු දේව මන්දිරය වැනසුවොත් දෙවියන් වහන්සේ ඒ තැනැත්තා වනසන සේක. දෙවියන් වහන්සේගේ මන්දිරය විශුද්ධ ය. ඒ මන්දිරය නම් ඔබ ය.
ආලේලූයියා 2 වංශාවලිය 7:16
16දැන් ද ඉදිරියට ද මාගේ නාමය මේ මාලිගාවෙහි සදහට ම තිබෙන පිණිස මෙය තෝරාගෙන විශුද්ධ කෙළෙමි. මාගේ නෙත් ද මාගේ සිත ද නිතර ම මෙතැනට යොමු වී තිබෙන්නේ ය.
සුබාර'චිට ජොහන් 2:13-22
13  ජුදෙව්වරුන්ගේ පාස්කු මංගල්‍යය ආසන්න ව තිබුණු බැවින්, ජේසුස් වහන්සේ ජෙරුසලමට වැඩම කළ සේක. 14එවිට, දේව මාලිගාවේ ගව, බැටළු හා පරෙවි වෙළෙන්දන් ද මුදල් මාරු කරන්නන් ද ගනුදෙනුවෙහි යෙදී හිඳිනු උන් වහන්සේ දැක, 15ලණුවලින් කසයක් සාදාගෙන ගවයන් හා බැටළුවන් හා සියල්ලන් දේව මාලිගාවෙන් පිටතට පලවා හැර, මුදල් මාරු කරන්නන්ගේ කාසි විසුරුවා ඔවුන්ගේ මේස පෙරළා දැමූ සේක. 16ඉන්පසු උන් වහන්සේ පරෙවි වෙළෙඳුන් අමතා, “මේවා අහකට ගෙන යන්න; මාගේ පියාණන්ගේ ගෘහය වෙළඳ පොළක් නො කරන්නැ”යි වදාළ සේක. 17 “ඔබගේ ගෘහයට ඇති උද්‍යෝගයෙන් මම දැවෙමි”යි ලියා තිබෙන බව එවිට ශ්‍රාවකයන්ට මතක් විය.
18එකල ජුදෙව්වරු, “ඔබ මේ දේවල් කරන බැවින් ලකුණක් පිණිස කුමන හාස්කමක් අපට දක්වන්නෙහි දැ”යි ඇසූ හ. 19 ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මේ දේව මාලිගාව කඩාදමන්න. තෙදිනකින් එය මම ගොඩනඟන්නෙමි”යි වදාළ සේක. 20එවිට ජුදෙව්වරු කතා කොට, “මේ දේව මාලිගාව ගොඩනඟන්නට හතළිස් හය වසක් ගත විය. ඔබ එය තෙදිනකින් ගොඩනඟන්නෙහි දැ”යි ඇසූ හ. 21එහෙත්, උන් වහන්සේ කතා කෙළේ, තමන්ගේ ශරීරය නමැති දේව මාලිගාව ගැන ය. 22උන් වහන්සේ මරණින් නැඟිටුවනු ලැබූ පසු, ශ්‍රාවකයෝ, උන් වහන්සේ මේ දේ කී බව සිහි කොට ශුද්ධ ලියවිල්ල ද උන් වහන්සේගේ වචනය ද විශ්වාස කළහ.


Post a Comment

0 Comments