✟✟ 𝟚𝟘𝟚𝟚 නොවැම්බර් 18 ✟✟

 


පළමු කියවීම  එළිදරව්ව 10:8-11

8  ස්වර්ගයෙන් ඇසුණු හඬ නැවතත් මට කතා කරමින්, “ඔබ ගොස් මුහුද පිට ද ගොඩබිම ද සිටින දේව දූතයාගේ අතේ දිගහැර තිබෙන පොත ගන්නැ”යි මට කී ය. 9මම දේව දූතයා වෙත ගොස්, “කුඩා පොත මට දෙන්නැ”යි කීවෙමි. ඔහු ද: “එය රැගෙන කන්න; එයින් ඔබේ ආමාශය තික්ත වන්නේ ය. එහෙත් එය ඔබේ කටෙහි මීපැණි ලෙස මිහිරි වන්නේ ය”යි මට කී ය. 10මම ද දේව දූතයා අතින් කුඩා පොත රැගෙන කෑවෙමි. එය මගේ කටේ මීපැණි ලෙස මිහිරි ව තිබුණේ ය. එය කෑ පසු මාගේ ආමාශය තික්ත විය.
11තවද: “ඔබ බොහෝ සෙනඟ ද ජාතීන් ද භාෂාවන් ද රජුන් ද ගැන නැවතත් දිවැස් වැකි ප්‍රකාශ කළ යුතු ය”යි මට කියන ලද්දේ ය.

පිළිතුරු ගීය ගීතාවලිය119:14, 24, 72, 103, 111, 131

පිළිතුර -ඔබේ වචන මාගේ දිවට කොපමණ මිහිරි ද?
14සියලු යස ඉසුරෙහි ප්‍රීති වීමට වඩා ඔබේ ශික්ෂා මාර්ගයෙහි ප්‍රීතිමත් වෙමි.
පිළිතුර -ඔබේ වචන මාගේ දිවට කොපමණ මිහිරි ද?
24ඔබේ ශික්ෂා පද මාගේ ප්‍රීතිය වේ. ඒවා මාගේ උපදේශකයා ය.
පිළිතුර -ඔබේ වචන මාගේ දිවට කොපමණ මිහිරි ද?
72 ඔබ වදාළ ව්‍යවස්ථාව මසුරන් දහසකට වඩා මට අගේ ය.පිළිතුර -ඔබේ වචන මාගේ දිවට කොපමණ මිහිරි ද?
103ඔබේ වචන මාගේ දිවට කොපමණ මිහිරි ද?
එසේ ය, ඒවා මාගේ කටට මී පැණිවලට වඩා මිහිරි ය.
පිළිතුර -ඔබේ වචන මාගේ දිවට කොපමණ මිහිරි ද?
111ඔබේ ශික්ෂා පද සදහට ම උරුම කොටගතිමි.
ඒවා මසිතට ප්‍රීතිය ගෙන දෙයි.
පිළිතුර -ඔබේ වචන මාගේ දිවට කොපමණ මිහිරි ද?
131ඔබේ ආඥාවලට පිපාසයෙන් සිටිමි.
මම මුව අයා හතිලන්නෙමි.
පිළිතුර -ඔබේ වචන මාගේ දිවට කොපමණ මිහිරි ද?
ආලේලූයියා ජොහන් 10:27
27 මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති. මම ද ඔවුන් අඳුනමි; ඔව්හු ද මා පසුපස්සේ එති. 
සුබාරංචිය ලූක් 19:45-48
45උන් වහන්සේ දේව මාලිගාවට ඇතුළු වී, එහි සිටි වෙළඳුන් පලවා හරින්න පටන්ගෙන, 46 “ ‘මාගේ ගෘහය යාච්ඤාවේ ගෘහයක් වන්නේ ය’යි ලියා ඇත. එහෙත් ඔබ එය සොරුන්ගේ ගුහාවක් කර තිබේ ය”යි ඔවුන්ට වදාළ සේක.
47  උන් වහන්සේ දිනපතා දේව මාලිගාවෙහි ඉගැන්වූ සේක. එහෙත්, නායක පූජකයෝ ද විනයධරයෝ ද ප්‍රභූවරයෝ ද උන් වහන්සේ නසාලීමට උපක්‍රම සෙවූ හ. 48මුළු ජනතාව උන් වහන්සේගේ ඉගැන්වීම්වලට සතුටින් සවන් දුන් බැවින්, උන් වහන්සේට කිසිවක් කිරීමට ඔවුන්ට ඉඩක් නොලැබිණි.

Post a Comment

0 Comments