✟✯ කැපිස්ත්‍රානෝ හී ශුද්ධ වූ ජුවාම් මුනිතුමා✯ ✟

                                                 

මෙතුමා උපත ලබන්නේ 1386 වසරේ ජුනි 24 වන දින ඉතාලියේ අබෘට්සි නම් පළාතේ කැපිස්ත්‍රානෝ නම් නගරයේ ය. මෙතුමා කුඩා කාලයේ පටන් අධ්‍යාපන කටයුතු කෙරෙහි දක්ෂතාවයක් හා සාර්ථකත්වයක් විශිෂ්ට ලෙස පෙන්නුම් කළේය. එම නිසාම මෙතුමාට වයස අවුරුදු 26 දී පෙරුජියාවේ ආණ්ඩුකාරවරයා බවට පත් වීමට ද හැකි යාව ලැබිණි. පෙරුජියාවට එරෙහිව හටගත් සටනක දී සාම දූතයකු ලෙස ඉදිරිපත් වුවද විරුද්ධවාදීන් විසින් මෙතුමාව සිරභාරයට ගන්නා ලදී. 

සිරගතව සිටින කාලය අතරතුර මෙතුමා තම ජීවිතය මුළුමනින්ම වෙනස් කර ගැනීමට තීරණය කළේය. නිදහස ලැබූ පසු වයස අවුරුදු 30 දී ෆ්‍රැන්සිස්කානු නිකායට ඇතුළු වූ මෙතුමා වසර හතරකට පසුව පූජකවරය ලබා ගත්තේය. ආගමික ලෙස උදාසීනතාවයන් හා ව්‍යාකූල තත්ත්වයන් ඇතිවූ අවස්ථාවේදී මෙතුමාගේ ප්‍රබල දේශනා අසා විශාල ජනකායක් මෙතුමාට ආකර්ෂණය කර ගැනීමට විය. මෙතුමා සහ තවත් ෆ්‍රැන්සිස්කානු සොහොයුරන් දොළොස් දෙනෙකු මධ්‍යම යුරෝපයේ රටවල දෙවිඳුන් විසින් එවන ලද දුතයින් ලෙස පිළිගනු ලැබීය.

මෙතුමා ග්‍රීක සහ අර්මේනියානු සභා අතර සහජීවනය ගොඩනැගීම සඳහා ද ඇප කැපවී කටයුතු කළේය. 1453 වසරේ දී තුර්කි ජාතිකයින් විසින් කොන්ස්තන්තිනෝපලය අල්ලා ගත් විට යුරෝපයේ ආරක්ෂාව සඳහා හමුදාවන්ට දේශනා කිරීමේ වගකීම ද මෙතුමාට පැවරිණි. මෙතුමන්ගේ මඟ පෙන්වීම සහ දේශනා තුළින් හමුදාවන්ට අති විශාල ජයග්‍රහණයක් ලබා ලබාගැනීමට හැකි විය. මහත් වූ වෙහෙසක් දරමින් තම සේවාව ඉටු කළ නිසාම යම් ආසාදන තත්ත්වයකට පත් වූ මෙමෙමන් 1456 ඔක්තෝබර් 23 වන දින හන්ගේරියාවේ දී තම අවසන් හුස්ම හෙළීය.

Post a Comment

0 Comments