✟✯ ශු. ජෝන් හෙන්රි නිව්මන් මුනිතුමා ✯ ✟

 


ජෝන් හෙන්රි නිව්මන් 1801 පෙබරවාරි 21 දින ලන්ඩන් නගරයේ උපත ලබන්නේ පුතුන් තිදෙනෙකු හා දියණියන් තිදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා ලෙසය. ඔහුගේ පියා ජෝන් නිව්මන් ලොම්බාර්ඩ් වීදියේ රම්ස්බොට්ටම්, නිව්මන් සහ සමාගමේ බැංකුකරුවෙකු විය. ඔහුගේ මව ජෙමීමා විය. 

1817 දී ඔක්ස්ෆර්ඩ් හි ත්‍රිත්ව විදුහලේ ඉගෙනීමෙන් පසුව ඔහු 1820දී කලා උලාධිය ලබා ගත්තේය. 1822 දී තේවාචාර්යවරයෙක් ලෙස එංගලන්ත සභාවේ පූජකවරය ලැබූ මෙතුමා සාන්ත ක්ලෙමන්ට් නම් දිළිඳු මීසමේ සේවය කරන ලදි. 1826 දී ඔරියල් විදුහලේ ගුරුවරයෙක් ලෙස පත්වන මෙතුමා 1828 දී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලීය සාන්ත මරියා දේවස්ථානයේ විකාර් වරයා ලෙස පත්ව ආවේය. ගැටලුකාරී තත්ත්වයන් මත මෙතුමාට 1830 දි ගුරු වෘත්තියෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.

ගුරු වෘත්තියෙන් ඉල්ලා අස්වූ පසු මෙතුමා සභා පියවරුන්ගේ ලේඛන අධ්‍යයනය කිරීම සදහා මධ්‍යධරණී ප්‍රදේශවල සංචාරයක නිරත විය. 

මෙතුමාගේ ජීවිතයේ පළමු තීරණාත්මක අවස්ථාව ලෙස දැක්විය හැක්කේ ඔක්ස්ෆර්ඩ් ප්‍රගමනයයි. අයර්ලන්තයේ රදගුරුවරුන් දස දෙනෙකු තහන්ම කිරීමට බ්‍රිතාන්‍ය රජය යෝජනා කරන ලදි. මෙහිදී මෙම ව්‍යාපාරයේ පුරෝගාමියෙක් වූ ජෝන් කෙබ්ලේ එංගලන්ත සභාවෙන් ඉල්ලා සිටියේ අපෝස්තලික සභාවක් බවට පත්ව රාජ්‍ය මැදිහත්වීමෙන් නිදහස් වන ලෙසය. ජෝන් ‌කෙබ්ලේගේ දේශනය ‌ජෝන් හෙන්රි නිව්මන්ට මහත් ආලෝකයක් ගෙන දුන්නේය.  

1833 දී මෙතුමා කෙබ්ලේ, ‌ෆ්‍රව්ඩේ සමග එක්ව පත්‍රිකා ලිවීම ඇරඹීය. නිව්මන් ටයිම්ස් පුවත්පතට පත්‍රීකා ලිවීම ‌මෙකල අරඹන ලදි. 1841 වන විට මෙතුමා සුප්‍රසිද්ධ පත්‍රිකා 90ක් පමණ ලියා තිබුණි. 1837 දී මෙතුමා Prophetical office of the church නම් කෘතිය ප්‍රකාශයට පත් කන ලදි. 

තවදුරටත් පත්‍රිකා ප්‍රකාශයට පත්කිරීම ඔක්ස්ෆර්ඩ් හි රදගුරුතුමා තහනම් රන ලදි. නිව්මන් ද්‍රෝහියෙක් ලෙස සළකන ලද අතර එංගලන්ත සභා විරෝධියෙක් ලෙස හදුන්වාදෙන ලදි. 1843 දී ඔහු දැරූ විශ්වවිද්‍යාල තනතුරට සමුදුන් මෙතුමා ලිට්ල්මෝර් ප්‍රදේශයේ හුදෙකලා ජීවිතයක් ගත කිරීමට නික්ම ගියේය.

1845 දී මෙතුමා කතෝලික ආගමට එක්වූ අතර එතුමාගේ  සුප්‍රසිද්ධ නිබන්ධය වන Am Essay on the Development of Christian Doctrine 1846 දී ලියා නිිම කරන ලදි. 

1847 මෙතුමා දී සාන්ත පිලිප්නේරි නිකායට ඇතුළත් ව 1848 දී රෝමයේ දී පූජකවරය ලබා ගන්නා ලදි. 1848 දී නැවත එංගලන්තයට පැමිණ එංගලන්ත ඔරතෝරියානු නිකාය පිහියු වීමට පුරෝගාමී විය. Loss and Gain නමින් 1848 දී ඔහු එළි දක්වන කෘතියෙන් ඔහුගේ සිත්හැරීම පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන ලදි. 

1854 දී අයර්ලන්ත විශ්ව විද්‍යාලය ආරම්භ කළ මෙතුමා එහි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන ලදි. (1882 දී මෙම විශ්ව විද්‍යාලය අයර්ලන්ත රාජකීය විශ්වවිද්‍යාලය විසින් පවරා ගන්නා ලදි)

ඔුහගේ Letter to the Duke of Norfork 1875 නම් කෘතිය ද අපොලොජියාව නම් කෘතිය ද රෝමානු කතෝලික සභාව සහ එංගලන්ත සභාව අතර මෙන්ම ජනතාව අතර ද ඔහු ගෞරවයට පාත්‍ර කිරීමට සමත් විය. එංගලන්තය තුළ පීඩාවට ලක්වුණු රෝමානු කතෝලික සභාවට ගෞරවය සහ ජනතා ප්‍රසාදය ලබා දීමට මෙතුමාට හැකි විය.

කිතුනු සභාවේ එකමුතුකම වෙනුවෙන් කටයුතු කළ මෙතුමා 1890 අගෝස්තු 11 වන දින මිය ගියේ ‌කාදිනල්තුමෙක් ලෙසය.

2010 වසරේදී 16වන බෙනඩික්ට් පාප්තුමා විසින් මෙතුමාව භාග්‍යවරයට ඔසවන ලද අතර 2019 ඔක්තෝබර් 13වන දින ෆ්‍රැන්සිස් පාප්තුමා විසින් මෙතුමාව සාන්තුවරභාවයට ඔසවන ලදි. 

Post a Comment

0 Comments