පීටර් ඩේමියන් යනු IX ලියෝ පාප්තුමාගේ ප්‍රතිසංස්කරණවලට සහය ලබා දුන් බෙනදිකානු නිකායික කාදිනල්වරයෙකි. ඉංග්‍රීසි කවියෙක් වූ ඩාන්ටේ විසින් ඔහුව අසීසියේ ෆ්‍රැන්සිස් තුමාගේ ශ්‍රේෂ්ඨ පූර්වගාමියෙකු ලෙස සැළකූ අතර ඔහු 1828 සැප්තැම්බර් 27 දින කතෝලික සභාවේ ධර්මාචාර්යවරයෙක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
පීටර් ඩේමියන් පියතුමා උපත ලැබුවේ ක්‍රි ව. 988 දී පමණ උතරු ඉතාලියේ රැවෙන්නා හි වංශවත්, නමුත් දුප්පත් පවුලක බාලයා ලෙසය. කුඩා කාලයේ දීම දෙමාපියන් අහිමි වීම නිසා අනාථ වූ ඔහුව, මුලින්ම වැඩිමහල් සහෝදරයෙකු විසින් හදා වඩා ගන්නා ලදි. ඔහුට ඌරු රංචුවක් බලා ගැනීමට සිදු වුණු අතර ඔහුට අයහපත් ලෙස සලකමින් සහ අඩු පෝෂණයක් ලබා දෙන ලදි.
වසර කිහිපයකට පසු, රවෙන්නාහි අගරදගුරු ලෙස කටයුතු කළ තවත් සහෝදරයෙක් වන ඩේමියානස් ඔහුට අනුකම්පා කර ඔහුව අධ්‍යාපනය සඳහා රැගෙන ගියේය. සිය සොහොයුරාට ගරු කිරීමක් ලෙසට සොහොයුරාගේ නම ඔහුගේ නමට මෙතුමා පසුව එකතු කර ගන්නා ලදි. දේවධර්මය සහ සභා නීතිය පිළිබඳ අධ්‍යයන කටයුතුවල දී ඔහු වේගවත් ප්‍රගතියක් ලබා ඇත. පළමුව රැවෙන්නා හිත්, පසුව ෆඒන්සා හිත් අවසානයේ පර්මා විශ්ව විද්‍යාලයේත් එනම්, ඔහුට වයස අවුරුදු 25 පමණ වන විට, ප්‍රසිද්ධ ගුරුවරයෙක් විය.
කෙසේ වෙතත්, 1035 දී පමණ, වැඩි කල් යන්නට මත්තෙන්, ඔහු තම ඉගැන්වීම අත්හැර ෆොන්ටේ ඇවේලානා හි ශාන්ත රොමුවාල්ඩ්ගේ ප්‍රතිසංස්කරණයේ බෙනදිකානු තාපසයන් සමඟ යාච්ඤා කිරීමට සම්පූර්ණයෙන්ම යොමු වීමට තීරණය කළේය. මෙතුමා යාච්ඤා කිරීමට කොතරම් ආශාවෙන් සිටියාද කිවහොත් ඔහු නිදාගත්තේ ඉතා අල්ප වශයෙනි. ඔහු යාච්ඤා නොකරන විට බයිබලය පාඩම් කරන ලදි.
සුවය ලැබීමෙන් පසු, ඔහුව තම සහෝදර පැවිදි කණ්ඩායමට දේශන පැවැත්වීම සඳහා පත් කරන ලදී. පසුව, Pomposa ගයි (Guido d'Arezzo) සහ අසල්වැසි ආරාමවල අනෙකුත් ප්රධානීන්ගේ ඉල්ලීම පරිදි, ඔහු වසර දෙක තුනක් ඔවුන්ගේ සහෝදරයන්ට ද දේශන පැවැත්වන ලදි.
අවසානයේ IX ස්ටීවන් පාප්තුමා මෙතුමාව ඔස්ටියාවේ කාදිනල් හා රදගුරුවරයා බවට පත් කළේය.
ඔහු බොහෝ ලිපි ලිවීය. එම ලිපිවලින් ලිපි 170 ක් පමණ දැනට පවතී. උන්වහන්සේගේ දේශනා 53ක් සහ උන්වහන්සේ ලියූ ජීවිත හතක් හෙවත් චරිතාපදාන ද අප සතුව ඇත. මෙතුමා තම ලේඛනවල න්‍යායට වඩා උදාහරණවලට සහ කථා වලට ප්‍රිය කළේය.
ඔස්ටියාවේ කාදිනල්-රදගුරු පදවියෙන් විශ්‍රාම යාමට අවසර දෙන ලෙස ඔහු බොහෝ විට ඉල්ලා සිටි අතර අවසානයේ දෙවන ඇලෙක්සැන්ඩර් පාප්තුමා එයට එකඟ විය. නැවත වරක් පැවිදි ජීවිතය ගත කිරීමට ලැබීම ගැන පීටර් සතුටු වූ නමුත් පාප්තුමාගේ සහයකයෙකු ලෙස සේවය කිරීමට ඔහුව නැවත කැඳවනු ලැබීය. රැවෙන්නා හි එවැනි සමුළුවක් අවසන් කර ආපසු එන විට ඔහුට උණ වැළඳී ඇත. දඔහු 1072 පෙබරවාරි 22 දින මිය ගියේය. 1828 දී ඔහු කතෝලික සභාවේ දේවධර්මාචාර්යවරයෙක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

0 Comments