ඉතාලියේ සිසිලි දුපතේ කතානියා නගරය ශු. අගතා මුනිවරියට කැප කර ඇත. එතුමිය පිළිබද එෛතිහාසික කරුණු ඇත්තේ ඉතා ස්වල්පයක් පමණි.
අගතා මුනිවරිය උපත ලබන්නේ ක්‍රිස්තු වර්ෂ 231දී ඉතාලියේ සිසිලි දූපතේ කතානියා නගරයේදීය. පුරාවෘත්තයන්ට අනුව ඇය ධනවත් වංශවත් පවුලක උපත ලැබූ අතර වයස අවුරුදු පහළොවේදී තම වෘතශුද්ධිය පිළිබඳව දෙවිදුන් ඉදිරියේ බාරයක් විය.
එතුමිය මිය ගිය කාලය නොදත්තද තුන්වන සියවසේ ඩේසියස් අධිරාජ්‍යයාගේ පීඩන සමයේ දී සිදුවුවක් ලෙස සැලකේ.
රෝමානු බලධාරියෙකු වූ කුවින්තියානුස් ඇයව විවාහ කර ගැනීම සඳහා නිතර බලපෑම් කළ ද එම යෝජනාව ප්‍රතික්ෂේප කළ නිසා ඇයව සිර ගත කොට බොහෝ හිංසා පීඩාවන් වලට මුහුණදීමට ඉඩ හරින ලදී.
ඔහු වෛශ්‍ය සේවයේ යෙදෙන අෆ්රොසිසිඅස් නැමති කාන්තාවක් වෙත අගතා මුනිවරිය යවමින් දින 30 තුළ දුෂණය කරන්නට කීය. එහෙත් අගතා මුනිවරිය ජයගත්තාය. කාන්තාව කියා ඇත්තේ “ තද කළු ගලක් කැඩීම ඊට වඩා පහසුය යන්නයි ” ඇගේ කිතුනු විශ්වාසයත් කන්‍යාභාවයේ කැපවීමත් එතරම් ශක්තිමත්ව තිබුණි.
කූයින්ටනුස් ඇගේ සිරුරේ අවයව වලට වේදනා දෙන්නට විය. පසුව ඇයගේ පයෝධර පෙති ගසන ලෙස වදකයාට ඔහු අණ කළේය. සිහි කල්පනා මද වූ එතුමියව මුරකරුවන්ගේ කුටියට ගෙන ගියෝය. වතුර දීමටවත් බෙහෙත් කිරිමටවත් තහනම් කළේය. සා. පේදුරු තුමා දර්ශනයවී එතුමියගේ පයෝධර නැවත යථාතත්වයට පත් කළ බව කියවේ. මේ ගැන දැනගත් කුයින්ටනුස් ඇයව අගුරු ගොඩේ දමා මිය යන තුරු තබන්නට අණකළේය.
රජුට අවනත නොවූ සුන්දර ප්‍රියමනාප මෙම ආගතා නම් තරුණිය දෙවියන් වහන්සේ වෙනුවෙන්ම කැපවී තම ආගම වෙනුවෙන් දිවි පරදුවට තැබුවේ කන්‍යාවක්ම ලෙසිනි.
වර්ෂ 251 දී සිරගතව සිටියදී ම ඇය ප්‍රාණ පරිත්‍යාගීවරියක් ලෙස සගලොව දිනා ගන්නා ලදී.
කාලයාගේ ඇවෑමෙන් මෙම තරුණිය දේවත්වයෙන් සැලකීමට සිසිලියේ ජනතාව පුරුදු විය. තම දුක් කරදර හමුවේ ඇයගේ මධ්‍යස්ථකම පතා යාච්ඤා කිරීමටත් පුරුදු වී ඇත. කතානියා නගරය එට්නා ගිනි කන්දේ ලාවා වලින් යටවී භයංකාර ලෙස විනාශ වෙද්දී කතානියා ජනතාව බියෙන් ඇලලී තමන්ගේ පිහිට වෙනුවෙන් ආගතා මුනිවරියට යාච්ඤා කර ඇයගේ සළුවක් ලාවා එන දෙසට විස්වාසයෙන් යුතුව වීසි කර ඇත.එකනෙහිම ලාවා ගැලීම නැවතී ඇත.
කතානියා හි ඇගේ මංගල්‍යය සැමරීම
පෙබරවාරි මස 05 වෙනිදා කතානියා නගරය රජයේ නිවාඩු දිනයක් කරමින් සාන්ත ආගතා මංගල්‍ය පවත්වනු ලබයි. ජනවාරි මස අවසන් සතිය නගරය විදුලි ආලෝකයෙන් දීප්තිමත් කර සාන්තුවරුන්ගේ සුරුවම් ඉමහත් භක්තියකින් යුතුව නගරයේ වීදිවල යාච්ඤා කරමින් රැගෙන යනු ලබයි.
පෙබරවාරි 05දා විශාල ඉටිපන්දම් ආගතා සුරුවමට පෙර කිලෝමීටර 02ක් පමණ ඈතින් පාර දෙපැත්තේ දල්වාගෙන මිනිසුන් කිහිපදෙනෙක් කර තබාගෙන රැගෙන යති.
එයට සාම්ප්‍රදායික හේතුව වී ඇත්තේ කෑලි වලට කැපු ආගතා මුනිවරියගේ සිරුර එවකට සිසිලිය පාලනය කළ අරාබිවරුන් ඔවුන්ගේ රටට රැගෙන ගොස් තිබූ නිසා සිසිලියේ කතානියා නගරයේ විසූ වීරෝධාර මිනිසුන් කීප දෙනෙකු එකතුව ඔවුන්ගෙන් එතුමියගේ සිරුරු කොටස් නැවත මුදවාගෙන ගෙන ඒ්ම සිහිපත් කිරීමටය.
විදුලි ආලෝකය නොතිබුණු එදා පන්දම් බැදගෙන අදුර මැදින් කෑ ගසමින් ගොස් ඇත්තේ ” නගරවැසියනි අවදි වවූ අපේ සාන්ත අගතා ගෙනාවා ” යැයි කියමිනි.එදා ඔවුන් ඇදන් සිටි රාත්‍රී ඇදුම පිටින් පන්දම් දල්වා දිවගිය අයුරෙන් වර්තමානයේ ද එම දිනයේ රාත්‍රී ඇදුමට සමානව ඇදුමක් ඇද ඉටිපන්දන් කරේ තබා ගනිමින් සම්ප්‍රදායිකව මහා ඉහලින් ඔවුන් මංගල්‍ය පවත්වති.
පෙබරවාරි 5 වන දින උදෑසන දේවස්ථානයෙන් එළියට ගනු ලබන ශාන්ත අගතා මුනිවරියගේ ප්‍රතිමාව 06වන දින නැවත දේවස්ථානය ළගා වේ.
පසුදින නොදිරා ගිය සාන්ත ආගතා මුනිවරියගේ ශුද්ධවු ධාතුන් වූ අත කකුල ආදිය මහජනයා වෙත ප්‍රදර්නශය කර දේවස්ථානයේ ඇති විශේෂ වූ කුටියක තැන්පත් කරනු ලබයි. විශේෂ කුටියේ එම ධාතු තැන්පත් කරමින් මංගල්‍ය දිව්‍ය යාගය නිමා කරන්නේ සාන්ත ආගතා මුනිවරියගේ පිහිට සමස්ත ලෝකයාටම ලැබේවායි ප්‍රාර්ථනා කරමිනි.
ඇය කතානියා නගරයේද , පියයුරු පිළිකා රෝගීන් ගේ ද, වින්නඹු මාතාවන්ගේ ද, ප්‍රාණපරිත්‍යාගීන්ගේ ද සහ භූමිකම්පා හා එට්නා කන්ද පුපුරා යාමට එරෙහිව ද නාම සාන්තුවරිය ලෙස සලකනු ලැබේ.
0 Comments