2022 පෙබරවාරි 11 සිකුරාදා සාමාන්‍ය සමය පස්වන සතිය
පළමු කියවීම 1 රාජාවලිය11:29-32; 12:19
29ඒ කාලයේ දී ජෙරොබෝවම් ජෙරුසලමෙන් පිටතට යන කල, අලුත් සළුවක් පොරවාගෙන සිටි ෂිලෝහි අහියා නම් දිවැසිවරයාට ඔහු මඟ දී සම්බ විය. ඒ දෙදෙනා පමණක් කෙතෙහි සිටියෝ ය. 30අහියා තමා ඇඳ සිටි අලුත් සළුව ගෙන කෑලි දොළොසකට ඉරා, 31ජෙරොබෝවම්ට කතා කොට මෙසේ කී ය: “ඔබ කෑලි දහයක් ගන්න, මන්ද, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක, ‘මම සලමොන්ගේ රාජ්‍යය පැහැරගෙන ඔබට ගෝත්‍ර දසයක් දෙන්නෙමි. 32එක ගෝත්‍රයක් මාගේ මෙහෙකරු දාවිත් නිසාත්, ඉශ්රායෙල්වරුන්ගේ සියලු ගෝත්‍රවලින් මා විසින් තෝරාගන්න ලද නුවර වන ජෙරුසලම නිසාත් ඔහුට වන්නේ ය. 19 මෙසේ අද දක්වා තිබෙන පරිදි ඉශ්රායෙල්වරු දාවිත්ගේ වංශයට විරුද්ධ ව කැරලි ගසන්න වූ හ.
පිළිතුරු ගීය ගීතාවලිය 81:10-11AB, 12-13, 14-15
ආලේලූයියා ක්‍රියා 16:14B
14 පාවුලු කී කරුණු සිතට ගන්නා ලෙස දෙවියන් වහන්සේ ඇගේ සිත පැහැදූ සේක.
සුබාරංචිය මාක් 7:31-37
31යළිත් උන් වහන්සේ තීර් පෙදෙසින් පිටත් ව, සීදොනය මැදින් ගොස්, දෙකපොලිස පෙදෙස පසු කොට ගලීල මුහුද ළඟට පැමිණි සේක. 32එකල සෙනඟ වික්කල් බිහිරෙකු උන් වහන්සේ වෙත ගෙනවුත් ඔහු පිට අත තබන ලෙස උන් වහන්සේගෙන් උදක්ම ඉල්ලූ හ. 33උන් වහන්සේ ඔහු සමූහයා කෙරෙන් වෙන් කොට ඉවතට ගෙන ගොස්, ඔහුගේ කන්වල උන් වහන්සේගේ ඇඟිලි බහා, කෙළ ගසා, ඔහුගේ දිව ස්පර්ශ කළ සේක. 34ඉන්පසු ස්වර්ගය දෙස බලා, සුසුම් ලා, “එප්පාතා”යි ඔහුට වදාළ සේක. එහි අර්ථය, ‘ඇරේවා’ යනු යි. 35එවිට ඔහුගේ කන් ඇරී, දිවේ බැඳුම ලිහී, ඔහු පැහැදිලි ලෙස කතා කෙළේ ය. 36ඒ බව කිසිවෙකුට නොකියන්න උන් වහන්සේ ඔවුන්ට අණ දුන් සේක. එහෙත්, උන් වහන්සේ එය යම් පමණ තහනම් කළ සේක් ද, ඔව්හු එපමණටත් වඩා එය පතළ කළහ. 37එය ඇසුවෝ අතිශයින් මවිත ව, “උන් වහන්සේ හැම දෙය ම යස ලෙස කරන සේක; බිහිරන්ට ඇසීම ද ගොළුවන්ට බිණීම ද පවා සලසා දෙන සේකැ”යි කී හ.

0 Comments