✟✯🌷රෝමයේ ශු. මර්ටිනා ‌මුනිවරිය 🌷✯ ✟



ශු. මාර්ටිනා මුනිවරිය මාකස් අවුරේලියස් අධිරාජ්‍යයා යටතේ රෝමයේ දී ප්‍රාණ පරිත්‍යාගි වූවාය. රෝමයේ නාම සාන්තුවරියක් වන ඇය සමහර සමහර බයිබල් විශාරදයන් ට අනුව ක්‍රි ව. 226 දී දිවි පුුද කර ඇත. පළමුවන උර්බාන් පාප්තුමා කාලයේ දී මෙතුමිය රෝමයේ ජීවත් වූ බව කියැවේ.

මෙතුමිය හිටපු කොන්සල්වරයෙකුගේ දියණියක් වන අතර කුඩා කාලයේදීම දෙමාපියන් මිය ගිය නිස  අනාථ විය. ඇය වංශවත් හා රූමත් කන්‍යාවක් ලෙස විස්තර කර තිබෙන අතර ඇය සිය කිතුනු ඇදහිල්ලට කෙතරම් විවෘතව සාක්ෂි දැරුවාද යත්, මාකස් අවුරේලියස් යටතේ ඇති හිංසා පීඩාවලින් ගැලවීමට ඇයට නොහැකි විය. අත්අඩංගුවට ගෙන නැවත පිළිම වන්දනාවට යොමු වන ලෙස අණ කළ ද ඇය එය ප්‍රතික්ෂේප කළ අතර, විවිධ වධ හිංසාවලට ලක් වූ අතර අවසානයේ ඇයව හිස ගසා දැමුවාය.

ඇගේ විස්තරයන් අනුව මෙම වධ හිංසාවලට කස පහර දීම ද ඇතුළත් වේ. ඇයව වන මෘගයන්ට කෑමට දැමුව ද ඔවුන් ඇයව ස්පර්ශ කිරීමටවත් පැමිණියේ නැත. පසුව ඇයව දැවෙන සෑයක් මතට විසි කරන ලද අතර, එයින් ද ඇය තුවාල නොලබා බේරුණි. අවසානයේ හිස ගසා දැමීමෙන් මරණයට පත් කරන ලදි.  ඇගේ ප්‍රාණ පරිත්‍යාගය පිළිබඳ වාර්තා ප්‍රමාද වූ කාල පරිච්ඡේදයකට අයත් වන අතර සුපුරුදු පරිදි ටයිබර් ‌ගගේ මෝය කට අසල, ඇගේ ප්‍රාණ පරිත්‍යාගීීීීත්වයට අදාළ දර්ශනයන් දැකිය හැකි විය.  ඇයගේ දේහය රෝමයට ගෙනෙන ලද අතර  Mamertine බන්ධනාගාරය අසල පල්ලියක් වන Santi Luca e Martina, හි තැන්පත් කරන ලදි.  පසුව ඇයගේ ගෞරවය පිණිස දේවස්ථානය ඇය නමින් කැප කරන ලදි. 


Post a Comment

0 Comments