Saint Bernard of Clairvaux was a towering 12th-century
figure who excelled as a monastic reformer, scripture scholar, papal adviser,
and defender of the faith. At age 20, he entered the Cistercian monastery of
Cîteaux alongside over 30 family members and friends, revitalizing the order
and soon becoming the abbot of a new house in the valley renamed Clairvaux
("valley of light").
Despite his preference for quiet monastic contemplation,
Bernard was frequently called upon as a trusted arbitrator to resolve
ecclesiastical disputes, including successfully ending a major papal schism.
Commissioned by the Holy See to preach the Second Crusade, his persuasive
eloquence rallied a vast army; however, differing motives led the crusade to
end in military disaster. Carrying the emotional weight of this outcome, he
passed away on August 20, 1153.
මෙතුමන්
උපත ලබන්නේ ක්‍රිස්තු වර්ෂ 1090 වසරේ ප්‍රංශයේ
ෆොතැන්ලේදිජොන් නගරයේ එහි ප්‍රධානියා වූ ටෙස්කෙලින් දි ෆොන්තෙන් සහ ඇලෙත් දි
මොන්ට්බාර්ඩ් යුවලට දාවය.
ඉතා
වංශවත් පරපුරකට අයත් වූ මේ දෙදෙනා ට දරුවන් සත් දෙනෙක් සිටි අතර තුන්වැන්නා වූයේ
බර්නාඩ් ය. ඔහුට වයස නවයේ දී අධ්‍යාපනය සදහා චැටිලන්සුර්සේන් හි පාසලකට ඇතුළත් කරන
ලදී.
බර්නාඩ්
සාහිත්‍යය කෙරෙහි දැඩි ඇල්මක් දැක්වූ අතර කවි නිර්මාණය සදහා යම් කාලයක් කැප කළේය.
ඔහුගේ අධ්‍යයන කටයුතුවල සාර්ථකත්වය ඔහුගේ ගුරුවරුන්ගේ ප්‍රසාදය දිනා ගත්තේය.
බයිබලය
අධ්‍යයනය කිරීම සඳහා සාහිත්‍යයම දැනුම ඉහළින්ම ලබාගැනීමට ඔහුට අවශ්‍ය විය. ඔහු කන්‍යා
මරිය තුමිය කෙරෙහි විශේෂ භක්තියක් දැක්වූ අතර පසුව ඔහු ස්වර්ග රාජේශ්වරිය ගැන කෘති
කිහිපයක් ලියන ලදි.
වයස
අවුරුදු 19 දී තම මව
අහිමි වන ඔහු තරුණයකු ලෙස ලෞකික පරික්ෂාවන්ට හසු නොවි හුදෙකලාව සහ යාච්ඤා යෝගීව
කල් ගත කළේය. ඔහුගේ මවගේ අභාවයෙන් පසු බර්නාඩ් සිස්ටර්සියානු තාපස පංතියට ඇතුළත්
වීමට උත්සාහ කළේය.
වයස
අවුරුදු 22 දී,
බර්නාඩ් දේවස්ථානක යාච්ඤා කරමින්
සිටියදී, ඔහුට
සීටු හී තාපසාරාමයට ඇතුළු වන ලෙස දෙවිදුන්ගේ කැඳවීමක් ලැබුණි. බර්නාඩ්ගේ සාක්ෂිය
කෙතරම් බලගතුදයත්, ඔහුගේ
මිතුරන්, සහෝදරයන්
සහ ඥාතීන් 30 දෙනෙකු
පැවිදි ජීවිතයට ඔහු සමග එක් වූහ.
බෙනදිකානු
තාපස සංඝයේ පැහැදිලි වර්ධනයක් සහ ප්‍රතිසංස්කරණයක් ඉතා කෙටි කාලයක් තුළ මෙතුමන්
නිසා සිදුවිය .මෙතුමන්ගේ ශුද්ධවත් ජීවිතය ගැන ඉතා ප්‍රචලිත වූ අතර වැඩිකල් නොගොස්
ගේ පියා ඇතුළු තව 130 දෙනෙකු
පැවිදි ජීවිතයට ඇතුළත් වූහ.
1153 අගෝස්තු 20 දින එතුමන් ස්වර්ගස්ථ වූ අතර 1174
ජනවාරි 18 දින අති උතුම් තුන්වන ඇලෙක්සැන්ඩර්
ශුද්ධෝත්තම හිමිපාණන් විසින් ශුද්ධවරභාවය ට ඔසවන ලදී.
මෙතුමා
ඉටිපන්දම් සාදන්නන්ගේ නාමසාන්තුවරයා වේ
බර්නාඩ්
තුමන්ගේ සභා ජීවිතය අද අපට සිතාගත නොහැකි තරම් අතිශය ක්‍රියාකාරී එකක් විය.
උන්වහන්සේගේ කැපවීම් සහ උත්සාහයන් සාර්ථක ප්‍රතිඵල රැසක් අත්කර දුන්නේය. නමුත්
තමන්ට ශක්තියත්, ස්වර්ගීය
මඟපෙන්වීමත් ළඟා කර දුන් යාච්ඤාව සහ ධ්‍යානය සඳහා ගත කළ දීර්ඝ වේලාවන් නොමැතිව එම
කිසිවකින් පලක් නොවන බව උන්වහන්සේ හොඳින් දැන සිටියහ. උන්වහන්සේගේ ජීවිතයේ ප්‍රධාන
ලක්ෂණය වූයේ මරියතුමිය කෙරෙහි වූ ගැඹුරු භක්තියයි. මරියතුමිය පිළිබඳව උන්වහන්සේ
පැවැත්වූ දේශනා සහ ලියන ලද පොත්පත් අදටත් මරියානු දේවධර්මයේ (Marian
Theology) ප්‍රමිතිය
ලෙස සැලකේ.

0 Comments