ක්‍රි.පූ.
අටවන සියවසේදී ඊශ්‍රායෙලයේ සමාජ-දේශපාලනික සහ ආගමික පිරිහීම, ඊශ්‍රායලයේ පැවති මහා ධනස්කන්ධය
හා සුඛෝපභෝගීත්වයේ
උච්චතම අවස්ථාව, දුප්පතුන්ගේ
පීඩනය සහ සදාචාරාත්මක පිරිහීම පිළිබඳ ආමොස්ගේ අධිචෝදනාවලිය වර්තමාන ලෝක සන්දර්භය තුළ
සමාජ සාධාරණත්වය පිළිබඳ විමසීම සඳහා වඩා සාධාරණ මංපෙත් විවර කරනු ලබයි.
“සමිඳාණන්
වහන්සේ යුක්තියේ දෙවියන් වහන්සේ ය” යන ප්‍රකාශය තුළ කුමන තත්වයක් යටතේ වුව ද, ‘යුක්තිය‘ යන වචනය හරි
දේ කිරීමට, සම්බන්ධ වී ඇත. ස්ටොට් යනු 21 වැනි සියවසේ ආරම්භයේ දී ම “යුක්තිය” දෙවියන් වහන්සේගේ
සම්බන්ධතාවයේ කේන්ද්‍රය බව අවධාරණය කළ විද්වතුන්ගෙන් කෙනෙකි. ̃මානව හිමිකම් ̃ නිර්වචනය කිරීමට පෙර ̃මිනිසෙකු ̃ යන්න නිර්වචනය කිරීමට
උත්සාහ කළ
යුතු බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.
The Justice Project McLaren, Padilla and Seeber (2009:175) ග්‍රන්ථය 21
වන සියවසේ ,යුක්තිය සහ
මානව හිමිකම්,
යන සංකල්පය වෙත පාඨක
අවධානය යොමු කර ඇත. දෙවියන් වහන්වසේ ලෝකය මැවූවේ එය වර්ධනය වීමට බවත්,
එහි පලදාව/ වර්ධනය
දැහැමි සහ අධාර්මික, ධනවතුන් මෙන්ම
දුප්පතුන්ට ද එකසේ භුක්ති
විඳීම සඳහා බවත් අවධාරණය කරයි.
ආමොස් 5:10-15, ආමොස් ග්‍රන්ථයේ සමස්ත පණිවිඩයටම කේන්ද්‍රය වන
අතර මෙම පාඨයේ දේවධාර්මික විග්රහයන් මෙන්ම ගැඹුරු විවේචනාත්මක විග්රහයන් ද ගොඩනැගී
ඇත. එමෙන්ම එක් එක් කාල පරිච්ඡේදයන් හි නව පරම්පරාවකට අභියෝග කිරීම සඳහා ප්‍රකාශ
කිරීමට සූදානම් නැවුම් අදහස් ඉදිරිපත් කිරීමට ද මෙම පාඨය ප්රයත්න දරා ඇති බව අවිවාදයෙන්ම
පැවසිය හැකිය.
0 Comments