මෙතුමිය ක්‍රි ව. 1656 දී එවකට පාප් රාජ්‍යයේ කොටසක් වූ ඉතාලියේ විටෙර්බෝ හි උපත ලැබීය. ඇගේ පියා, වූ ගොෆෙර්ඩෝ, රෝමයේ වෛද්‍ය අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු, විටර්බෝ වෙත පැමිණි අතර ඔහු තම වෘත්තිය නිසා ප්‍රසිද්ධ විය. නගරයේ පැරණි පවුලක තැනැත්තියක් වූ මර්සියා සම්පිකෙත්ති සමඟ විවාහ වු අතර ඔවුන්ට දරුවන් හතර දෙනෙක් ලැබුණි. මෙතුමිය පවුලේ සිව්වන දරුවා විය.
මෙතුමියගේ පළමු චරිතාපදාන රචකයා වන ජෙරලොමෝ අන්ද්රෙච්චි ජේසු නිකායික පියතුමා, පවසන පරිදි, මෙතුමිය වයස අවුරුදු හතේදී තම ජීවිතය දෙවියන් වහන්සේට කැප කිරීමට භාරයක් විය. වයස අවුරුදු විස්සේදී රෝසාට ඇගේ අනාගතය ගැන ප්‍රශ්න ඇති වූ අතර පසුව විවාහ යෝජනාවක් පිළිගැනීමට තීරණය කළද යෝජිත තරුණයා ටික කලකට පසු මිය ගියේය.
එම වසරේ සරත් සෘතුවේ දී, ඇගේ පියාගේ උපදෙස් මත, වෙනරිනි ශාන්ත කැතරින්ගේ දොමිනිකන් ආරාමයට ඇතුළු වූ අතර, එහිදී ඇගේ නැන්දා ද ආරාමයේ සාමාජිකාවක් විය. කෙසේ වෙතත්, ඇයගේ පියාගේ හදිසි වියෝව නිසා ඇයගේ මව රැකබලා ගැනීමට නැවත පැමිණීමට සිදු වූ නිසා ඇය මාස කිහිපයක් පමණක් ආරාමයේ සිටියාය. ඇගේ සොහොයුරා වන ඩොමිනිකෝ, පසුව වයස 27 දී මිය ගියේය. මාස කිහිපයකට පසු, ශෝකයෙන් වෙහෙසට පත් වූ ඇගේ මව ද මිය ගියාය. මේ අතර රෝස්ගේ සොහොයුරිය මාරියා මද්දලේනා විවාහ විය. නිවසේ සිටියේ මේ වන විට 24 හැවිරිදි ඔරාසියෝ සහ රෝසා පමණි. රෝසා ජපමාලය කීමට ප්‍රදේශයේ ගැහැණු ළමයින් සහ කාන්තාවන් තම නිවසටම රැස් කිරීමට පටන් ගත්තාය.
විටර්බෝ හි අප ස්වාමිදූගේ දොමිනිකන් පියවරුන්ගේ මගපෙන්වීම යටතේ වෙනරිනි ශු ඉග්නේෂස් ලොයොලාගේ ස්ප්‍රීතුව අනුගමනය කළ අතර පසුව ඇය ජේසු නිකායිකයන්ගේ, විශේෂයෙන් ඇගේ අධ්‍යාත්මික පියතුමා බවට පත් වූ ඉග්නේෂස් මාටිනෙලි පියතුමාගේ මඟ පෙන්වීම යටතේ ලොයෝලාහි ශාන්ත ඉග්නේෂස්ගේ අධ්‍යාත්මිකත්වය අනුගමනය කිරීමට තෝරා ගත්තාය.
1685 අගෝස්තු 30 දින, විටර්බෝහි බිෂොප්, කාදිනල් Giulio Cesare Sacchetti සහ මිතුරන් දෙදෙනෙකු වන Gerolama Coluzzelli සහ Porzia Bacci ගේ සහයෝගය ඇතිව, රෝසා සිය පළමු පාසල ආරම්භ කිරීමට තම පියාගේ නිවසින් පිටව ගියාය. මොවුන්ගේ පළමු පරමාර්ථය වූයේ දුප්පත් ගැහැණු ළමයින්ට සම්පූර්ණ කිතුනු හැඩගැසීමක් ලබා දීම සහ ඔවුන් සමාජීයේ ජීවිතයට සූදානම් කිරීමයි. මහා මවාපෑමකින් තොරව, රෝස් ඉතාලියේ ගැහැණු ළමයින් සඳහා පළමු පොදු පාසල විවෘත කළාය.
ආරම්භක අදියර ඇයට පහසු නොවීය. නමුත් ක්‍රමයෙන් මෙහි යහපත් ප්‍රතිඵල අත්දකින්නට හැකිවිය.
මෙහි කීර්තිය රදගුරු පදවියේ සීමාවෙන් ඔබ්බට ගියේය. මොන්ටෙෆියාස්කෝන් හි බිෂොප් කාදිනල් මාර්කන්ටෝනියෝ බාබරිගෝ, විටර්බෝ ව්‍යාපෘතිය අවබෝධ කර ගැනීමේ තීක්ෂ්ණ බුද්ධිය ඇති අතර ඔහු රදගුරු පදවියේ පාසල් පරිපාලනය පිළිබඳ උපදෙස් දීමට සහ ගුරුවරුන් පුහුණු කිරීමට උපකාර කිරීමට තම රදගුරු පදවියට පැමිණෙන ලෙස වෙනිරිනිට ආරාධනා කළේය. 1692 සිට 1694 දක්වා ඇය මොන්ටෙෆියාස්කෝන් සහ බොල්සේනා විල අවට ගම්මානවල පාසල් දහයක් විවෘත කළාය. කාදිනල්තුමා ද්‍රව්‍යමය ආධාර සැපයූ අතර රෝසා තම දියණියන්ට අධ්‍යාපනයේ වටිනාකම පිළිබඳව පවුල් දැනුවත් කර, ගුරුවරුන් පුහුණු කර, පාසල් සංවිධානය කළේය.
ඇයගේ පළමු පාසලට යාමට විටර්බෝ වෙත ආපසු යාමට සිදු වූ විට, වෙනේරිනි මොන්ටෙෆියාස්කෝන් පාසල් සහ ගුරුවරුන් ශාන්ත ලුසියා ෆිලිපීනි නම් තරුණියකගේ මඟ පෙන්වීමට භාර දුන්නාය.
Viterbo සහ Montefiascone හි විවෘත කිරීමෙන් පසුව, Lazio කලාපය පුරා අනෙකුත් පාසල් ආරම්භ කරන ලදී. 1706 දී පාසලක් පිහිටුවීම සඳහා වෙනරිනිට රෝමයට ආරාධනා කරන ලද නමුත්, එම උත්සාහය අසාර්ථක වූ අතර, බලධාරීන්ගේ විශ්වාසය නැවත ලබා ගැනීමට පෙර ඇයට වසර හයක් දිගු කාලයක් බලා සිටීමට සිදු විය. 1713 දෙසැම්බර් 8 වන දින, වෙනරිනි පවුලේ මිතුරෙකු වූ ඇබට් ඩෙග්ලි ඇට්ටිගේ සහාය ඇතිව, රෝමයේ මධ්‍යයේ, කැම්පිඩොග්ලියෝ කදූ පාමුල පාසලක් විවෘත කිරීමට රෝසාට හැකි විය.
1716 ඔක්තෝම්බර් 24 වන දින, පාඩම් නිරීක්ෂණය කිරීමට කැමති කාදිනල්වරුන් අට දෙනෙකු සමඟ XI ක්ලෙමන්ට් පාප්තුමා විසින් සහෝදරියන් හමුවීමට පැමිණියහ. උදෑසන අවසානයේදී ඔහු රෝස් වෙත මෙම වචන ආමන්ත්‍රණය කළේය: “සිග්නෝරා රෝසා, ඔබ කරන්නේ අපට කළ නොහැකි දෙයයි. අපි ඔබට බෙහෙවින් ස්තූතිවන්ත වෙමු, මන්ද මෙම පාසල් සමඟ ඔබ රෝමය ශුද්ධවන්ත කරනු ඇත ”යනුවෙනි.
ඒ මොහොතේ සිට ආණ්ඩුකාරවරු සහ කාදිනල්වරු තම ප්‍රදේශ සඳහා පාසල් ඉදි කරන ලෙස ඇගෙන් ඉල්ලා සිටින ලදි.
1728 මැයි 7 වන දින සන්ධ්‍යාවේ රෝමයේ සැන් මාර්කෝ බැසිලිකාවේ දී තම සංඝයේ සොයුරියන් මධ්‍යයේ රෝස් වෙනරිනි මිය ගියාය. ඒ වන විට ඇය පාසල් 40කට වඩා විවෘත කර තිබුණි. ඇයගේ දේහය ඇය විසින් ආදරය කරන ලද ගෙසෝහි අසල පිහිටි ජේසු නිකායික දේවස්ථානයේ තැන්පත් කරන ලදී.
මෙම සහෝදරියන් 1909 දී එක්සත් ජනපදයට ගිය අතර, මූලික වශයෙන් ඉතාලි සංක්‍රමණිකයන්ට උපකාර කිරීම සඳහා, ඊසානදිග එක්සත් ජනපදයේ බොහෝ නගරවල පළමු දිවා සුරැකුම් මධ්‍යස්ථාන ස්ථාපිත කරන ලදී. ඔවුන් 1971 සිට 1985 දක්වා ස්විට්සර්ලන්තයේ සේවය කළ අතර එතැන් සිට සභාව සිය අපෝස්තලික ක්‍රියාකාරකම් වෙනත් රටවලට ව්‍යාප්ත කර ඇත: ඉන්දියාව, බ්‍රසීලය, කැමරූන්, රුමේනියාව, ඇල්බේනියාව, චිලී, වෙනිසියුලාව සහ නයිජීරියාව යන රටවල මොවුන්ගේ සේවාවන් ක්‍රියාත්මක වේ.
2006 ඔක්තෝබර් 15 වැනි දින XVI වන බෙනඩික්ට් පාප් වහන්සේ විසින් මෙතුමියව ශාන්තුවරයට ඔසවන ලදී. ඇයගේ මංගල්‍ය දිනය මැයි 7 දින සමරනු ලබයි.
0 Comments