✟✯✯සියෙනා හි ශු. බර්නඩින් මුනිතුමා ✯ ✯ ✟

 


සියෙනා හි බර්නඩිනෝ මුනිතුමා (8 සැප්තැම්බර් 1380 - 20 මැයි 1444) ඉතාලි පූජකයෙක් සහ ෆ්‍රැන්සිස්කන් පැවිද්දෙක් විය.  සූනියම්, සූදුව, ළදරු ඝාතනය, මායා කර්මය, සමලිංගිකත්වය, මුදල් පොළියට දීමට එරෙහිව නිතර කතා කළ නිසා මෙතුමාගේ ජනප්‍රිය දේශනාවන් මෙතුමාගේ ජීවිත කාලය තුළම මෙතුමාව ප්‍රසිද්ධියට පත් කළේය. 

බර්නාඩිනෝ උපත ලැබුවේ ක්‍රි.ව. 1380 දී ය. ඔහුගේ පියා වන ඇල්බර්ටෝලෝ ඩෙග්ලි ඇල්බිසෙස්චි එවකට ආණ්ඩුකාරවරයා වූ සියෙනීස් නගරයක් වන මැසා මාරිටිමා (ටස්කනි) හි උතුම් ඇල්බිසෙස්චි පවුලට අයත් විය. වයස අවුරුදු හය වන විට අනාථයෙක් වූ මෙතුමා හැදී වැඩුණේ ධාර්මික නැන්දා කෙනෙකු යටතේය. ක්‍රි.ව. 1397 දී, සිවිල් සහ සභා නීතිය පිළිබඳ පාඨමාලාවකින් පසුව, ඔහු සැන්ටා මරියා ඩෙලා ස්කලා රෝහලට අනුයුක්තව කටයුතු කළේය.

වසර තුනකට පසු, වසංගතයක් සියෙනා වෙත පැමිණි විට, ඔහු වසංගතයෙන් පීඩා විඳි අයට උපස්ථාන කළ අතර, සගයන් දස දෙනෙකුගේ සහාය ඇතිව, මෙම රෝහලේ සම්පූර්ණ වගකීම මාස හතරක කාලයට ඔහු භාර ගත්තේය. ඔහු වසංගතයෙන් ගැලවී ගිය නමුත් උණ නිසා ඔහුව මාස කිහිපයක් ඔහුට දුෂ්කර ලෙස ගත කරන්නට සිදු විය.

ක්‍රි. ව. 1403 දී ඔහු ශාන්ත ෆ්‍රැන්සිස්තුමා විසින් අරඹන ලද ෆ්‍රැන්සිස්කන් නිකායෙ හි ශාඛාවකට සම්බන්ධ විය. බර්නාඩිනෝ ක්‍රි.ව. 1404 දී පූජකයෙකු ලෙස පැවිදි දිවියට ඇතුළත් වූ අතර ඊළඟ වසරේ දේශකයෙකු ලෙස පත් කරන ලදී.

බර්නාඩිනෝ සංවෘතව සිට දේශනා කරනවා වෙනුවට,  මහජනතාවට කෙළින්ම දේශනා කළේය. වසර 30 කට වැඩි කාලයක් ඔහු ඉතාලිය පුරා දේශනා කළ අතර පහළොස්වන සියවසේ මුල් භාගයේ ආගමික පුනර්ජීවනය සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළේය. දුර්වල හා ගොරහැඩි කටහඬක් උන්වහන්සේ සතු වුව ද, උන්වහන්සේ එවක සිටි ශ්‍රේෂ්ඨතම දේශකයෙකු වූ බව පැවසේ. ඔහුගේ විලාසය සරල, හුරුපුරුදු වූ අතර රූප රචනාවලින් බහුල විය. සින්තියා පොලෙක්‍රිටි, බර්නාඩිනෝගේ චරිතාපදානයේ සඳහන් කරන්නේ ඔහුගේ දේශනවල පාඨ “සාමාන්‍ය ඉතාලි භාෂාවේ පිළිගත් විශිෂ්ට කෘති” බවයි. ඔහු අලංකාර සහ ආකර්ශනීය දේශකයෙකු වූ අතර, ඔහු ජනප්‍රිය රූපක සහ නිර්මාණාත්මක භාෂාව භාවිතා කිරීම නිසා ඔහුගේ දේශනා ඇසීමට විශාල ජනකායක් ඇදී ආවේය. සමහර විට ඔහුට සවන් දීමට පැමිණෙන සෙනඟගෙන් නගර මුදල් උපයා ගන්නා බැවින් බොහෝ විට මෙතුමාට  ආරාධනා කරනු ලැබුවේ මීසම්වලට වඩා සිවිල් බලධාරීන් විසිනි.


ඔහුගේ බොහෝ සමකාලීනයන් මෙන් නොව, බර්නාඩිනෝ සිය තේමා තෝරා ගත්තේ දෛනික පූජනීයත්වයෙන් නොව, සියෙනාහි සාමාන්‍ය ජන ජීවිතයෙනි. ඔහු තම සවන්දෙන්නන්ගේ ක්ෂණික අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කිරීමට බයිබලානුකුල තේමාවන් තෝරා ගත්තේය. මෙතුමාගේ ශ්‍රාවකයන්ගෙන් බහුතරය කාන්තාවන්ගෙන් සමන්විත වූ අතර, දේශනාවේ දිනය, වේලාව සහ මාතෘකාව අනුව පිරිසේ ප්‍රමාණය වෙනස් විය.

ඔහු සති කිහිපයකට වඩා කොහේවත් නොසිටි අතර තැනින් තැනට ගමන් කළේය. මේ සියලු ගමන් බිමන් මෙතුමා ගියේ දෙපයිනි. නගරවල,මෙතුමාගේ දේශනා ඇසීමට රැස්ව සිටි ජනකාය විටෙක කොතරම් විශාලද යත්, වෙළඳපොලේ ධර්මාසනයක් ඉදිකිරීමට සමහරවිට අවශ්‍ය විය. වින්සන්ට් ෆෙරර් මෙන් ඔහු සාමාන්‍යයෙන් උදේ පාන්දර දේශනා කළේය. 

1424 දී ඔහුට ෆෙරාරා වෙත ආරාධනා කරන ලද අතර එහිදී ඔහු අධික සුඛෝපභෝගී සහ අවිනීත ඇඳුම් වලට එරෙහිව දේශනා කළේය. බොලොඤ්ඤ හි දී, ඔහු සූදුවට එරෙහිව කතා කළේය. එම දේශනා කාඩ්පත් නිෂ්පාදකයින්ගේ සහ විකුණුම්කරුවන්ගේ නොසතුටට හේතු විය. 1425 අප්‍රේල් මාසයේදී සියෙනා වෙත ආපසු පැමිණි මෙතුමා එහි අඛණ්ඩව දින 50ක් දේශනා කළේය. 


1427 දී, කන්ඩායම් ආරවුල් සමනය කිරීම සඳහා ඔහු සියෙනා වෙත කැඳවනු ලැබීය. කෙසේවෙතත්, බර්නාඩිනෝ බේරුම්කරුවෙකු වීමට වඩා දේශනා කිරීමට කැමති විය. ඔහු කන්ඩායම් සහ පළිගැනීම් වලට එරෙහිව කතා කරන විට, ඔහු අසාමාන්ය ලෙස උපායශීලී විය. 


Post a Comment

0 Comments