꧁☆༒✟✟ 𝟚𝟘𝟚𝟛 මැයි 19 ✟✟༒☆꧂

 


උත්ථාන සමයේ සයවන සතිය

සිකුරාදා

පළමුවන කියවීම  ක්‍රියා 18  9-18

අපෝස්තුඵවරුන්ගේ ක්‍රියා පොතෙන් ගත් පාඨයෙකි.

9සමිඳාණන් වහන්සේ රාත්‍රියේ දී දර්ශනයකින් පාවුලුට කතා කොට, “ඔබ බිය නොවී, නිශ්ශබ්ද ව නොසිට කතා කරන්න. 10මන්ද, මම ඔබ සමඟ සිටිමි; ඔබට අනතුරු කරන ලෙස කිසිවෙක් ඔබට විරුද්ධ ව නො එන්නේ ය. මට මේ නුවර බොහෝ සෙනඟ සිටිති”යි වදාළ සේක. 11ඔහු දෙවියන් වහන්සේගේ වචනය ඔවුන් අතර උගන්වමින් එක් අවුරුදු සමසක් එහි වාසය කෙළේ ය.
12එහෙත් ගලියෝ අකයියාවේ අධිපතියා ව සිටිය දී ජුදෙව්වරු එක්සිත් ව පාවුලුට විරුද්ධ ව නැඟී සිට, ඔහු විනිශ්චයාසනය ඉදිරියට ගෙනැවිත්, 13“මොහු ව්‍යවස්ථාවලියට විරුද්ධ ව දෙවියන් වහන්සේට නමස්කාර කරන්නට මිනිසුන් පොළඹවන්නේ ය”යි පැමිණිලි කළහ. 14පාවුලු කතා කරන්නට සැරසෙන විට ගලියෝ ජුදෙව්වරුන් අමතමින්, “ජුදෙව්වරුනි, මේ කාරණය අපරාධයක් වත් නපුරු දුෂ්ට කමක් වත් වී නම්, මා ඔබේ පැමිණිල්ලට සවන් දීම යුතු ය. 15එහෙත් මේ වනාහි ඇතැම් වචන ගැන ද ඇතැම් නාම ගැන ද ඔබගේ ම ව්‍යවස්ථාවලිය ගැන ද වූ ප්‍රශ්න වන බැවින් ඒ ගැන ඔබ ම වගබලාගන්න; මේ දේවල් ගැන මම විනිශ්චයකාරයෙක් නොවන්නෙමි”යි කියා, 16ඔවුන් නඩු ආසනය වෙතින් එලවාදැමුවේ ය. 17එවිට ඒ සියල්ලෝ ධර්මශාලාවේ මුලාදෑනියා වූ සොස්තෙනේස් අල්ලා නඩු ආසනය ඉදිරියේ ඔහුට තැළූහ. එහෙත් ගලියෝ මේ ගැන සැලකුවේ නැත.
අන්තියෝකියට හැරී ඒම
18 පාවුලු එහි තවත් කලක් නැවතී සිටි පසු, සහෝදරයන්ගෙන් සමුගෙන, සිරියාවට යන්නට නැව් නැංගේ ය. ප්‍රිස්කිලා ද අකිලා ද ඔහු සමඟ ගියහ. පාවුලු බාරයක් වී සිටි බැවින් කෙන්ක්‍රෙයායේ දී හිස මුඩු කරගත්තේ ය. 

 

දේව වාක්‍යය එසේය.


පිළිතුරු ගීය ගීතාවලිය 47  1-6

පිළිතුර  දෙවිදාණෝ ජාතීන් අතර රජිදාණෝ ය. 


සව‘ සත`නි, අත් පොළොසන් දෙන්න. 

ජය ගොස නංවා දෙවි’ඳුන්ට ත`ති දෙන්න. 

අති උත`ම‘ සමි’දාණෝ බියකරු ය. 

මු’ඵ මහ පොළොව කෙරේ අග රජ ය.

එත`මාණෝ ජාතීන් පරදා අපට ජය ඳුන් සේක. 

සව‘ සත කෙරේ අග රජ වන සේක. 

තම හට පි?ය ජාකොබ‘ගේ සෙන’ග වන අප හට 

මවු බිමක් ලබා ඳුන් සේක.

ජය ගොඩ නංවා කාහල හ’ඩ පත`රා, 

එත`මාණෝ සහසුන මත නැග`ණ සේක.

දෙවිත`මන් හට ගී පසස් න’ගන්න. 

අපේ නිරි’ඳු හට ගී පසස් න’ගන්න.


සාධුකාරය

ආලේලූයාෟ ආලේලූයාෟ

 ර්‍ණමාගේ නාමයෙන් පියාණන් වහන්සේ එවන 

සහායදායකයාණන් වහන්සේ

එනම‘ ශඳ්ධාත්මයාණන් වහන්සේ සියල්ල ඔබට උගන්වමින් 

මා වදාළ සියල්ල ඔබට සිහිපත් කරවන සේක.”

ආලේලූයාෟ 


සුවිශේෂය

සුවිශේෂක ජුවාම‘ත`මන් විසින් ලියන ලද දේව වාක්‍යය නම‘ මෙසේය.

ජුවාම‘ 16 20-23)

 20ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, ඔබ හඬා වැලපෙන්නහු ය; එහෙත් ලෝකයා ප්‍රීති වන්නාහ. ඔබ දොම්නස් වන නමුත් ඔබේ දොම්නස සොම්නසට හැරෙනු ඇත. 21ස්ත්‍රියකට ප්‍රසව මොහොත පැමිණි කල, ඇගේ වේලාව පැමිණ තිබෙන බැවින් ඈට දුක් වේදනා ඇති වේ. එහෙත් ඈ දරුවා බිහි කළ පසු ලෝකයට දරුවෙක් උපන්නේ ය යන ප්‍රීතිය නිසා, වේදනාව අමතක කරන්නී ය. 22එමෙන් ම ඔබ දැන් ශෝක වන්නහු ය. එහෙත් නැවත මම ඔබ දකින්නෙමි. එවිට ඔබේ සිත් ප්‍රීතියෙන් පිනා යයි. ඔබේ ප්‍රීතිය ද කිසිවෙක් ඔබෙන් පැහැර නොගනිති.

23“ඒ දවසේ දී ඔබ කිසි ප්‍රශ්නයක් මාගෙන් අසන්නේ නැත. ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් යමක් ඉල්ලුවොත්, උන් වහන්සේ ඒ දේ ඔබට දෙන සේක. 

සුවිශේෂ වාක්‍යය එසේය.

Post a Comment

0 Comments