ක්‍රි ව. 296 දී පමණ ඇලෙක්සැන්ඩ්‍රියා වේ දී මෙතුමා උපත ලබන්නේ ක්‍රිස්තියානි නොවූ දෙමාපියන් යුවළකට දාවය. එහෙත් කුඩා කල සිටම තාපස දිවියට ඇලුම්කළ මෙතුමා ඇලෙක්සැන්ඩ්‍රියාවේ සභා පියවරුන් යටතේ අධ්‍යාපනය හදාරන ලදි.
මෙතුමාගේ තිබූ බුද්ධීමත් බව හේතුවෙන් ක්‍රි ව. 325 වන විට ඇලෙක්සැන්ඩ්‍රියා වේ රදගුරුතුමාගේ ලේකම් තනතුරට මෙතුමාට පත්විය හැකි විය. මෙම තනතුර හේතුවෙන් ක්‍රි ව. 325 දී නිසියානු නගරයේ පැවති මන්ත්‍රණ සභාවට සහභාගී වීමට මෙතුමාට හැකි වූ අතර එහි දී ඒ්රියස් වේද භේදයට එරෙහිව කරුණු ඉදිරිපත් කරන්නට මෙතුමාට අවස්ථාව ලැබුණි.
එකල සභාවට එරෙහිව නැගී ආ ඒරියස්වාදයට එරෙහිව ක්‍රියාකිරීමට මෙතුමා තම ජීවිතයේ වැඩි කාලයක් යොදවන ලදි. එයට එරෙහිව ක්‍රියා කිරීමට, තර්ක කිරීමට හා මත ඉදිරිපත් කිීමටත් මෙතුමා වැඩි කාලයක් යොදවන ලදි. එමනිසා අතනාසියුස්තුමා පිළිබද කතා කිරීමේදී ඒරියානු වේදභේදය පිළිබදවද කතා කිරීමට සිදුවේ.
මේ හේතුවෙන් මෙතුමා සභාව තුළ ඉතා ජනප්‍රිය චරිතයක් බවට පත්වය. ක්‍රි ව. 326 දී ඇලෙක්සැන්ඩ්‍රියාවේ රදගුරුතුමා මිය ගිය පසු එම තනතුරට එතුමාව පත් කරන ලදි. ඊජිප්තුව,ලිබියාව ඇතුළු පළාත් රැසක රදගුරුවරයා ලෙස කටයුතු කිරීමේ හැකියාව මේ නිසා එතුමාට හිමිවිය. දුර්මතවලින් සභාව රැක ගැනීම මෙතුමාගේ අරමුණ විය.
දුර්මතධාරියෙකු ලෙස සභාවෙන් නෙරපා දැමූ ඒරියස්ව නැවත සභාවට පිළිගන්නා ලෙස අධිරාජ්‍යයා විසින් කරන ලද නියෝගයන්ට මෙතුමා අවනත වූ යේ නැත. ඒරියස්ට පක්ෂව සිටි නිකොමිඩියාවේ රදගුරුතුමා වූ එව්සේබියස් අධිරාජ්‍යයාගේ බලතල ලබා ගනිමින් ඒරියස්ව නැවත සභාවට එක් කර ගන්නා ලෙස ඉල්ලා සිටිය ද අතනාසියුස්තුමා ඊට එකග නොවූ නිසා මෙතුමාව රදගුරු ධූරයෙන් පහ කරන ලදි.
තමන්ගේ ජීවිත සුරක්ෂිත බව පතා මෙතුමා ඒරියන්වාදයට එරෙහි වූ ට්රිව්ස් හි රදගුරුතුමා වූ මැක්සිමින් සමග ජීවත්වීමට ගියේය. අධිරාජ්‍යයා වූ කොන්ස්ටන්ටයින්ගේ මරණින් පසු මෙතුමා නැවත ඇලෙක්සැන්ඩ්‍රියාවට පැමැණිය ද නැවත විරුද්ධවාදීන්ගේ තර්ජජන නිසා නැවත වරක් රටින් පිටමං වන්නට මෙතුමාට සිදුවිය.
ක්‍රි ව. 346 දී අධිරාජ්‍යයා වූ දෙවන කොන්ස්ටන්ටයින්ගේ ප්‍රසාදය දිනා ගත් මෙතුමා ජනතා හරසර මැද නැවත ඇලෙක්සැන්ඩ්‍රියා වට පැමිණ වසර දහයක් පමණ රදගුරු තනතුරේ කටයුතු කළේය.
ශුද්ධ බයිබලය විශ්ලේෂණය කිරීම, දේවධර්මයේ දාර්ශනික පැතිකඩ හදුන්වා දීම පිළිබද ග්රන්ථ රාශියක් මෙතුමා විසින් සම්පාදනය කරනලදි.
ක්‍රි ව. 355 දී පමණ නැවත මෙතුමාට විරුද්ධව තර්ජන ඇතිවූ නිසා නැවත වරක් රටින් පිටමං වන්නට මෙතුමාට සිදුවිය. මෙහිදී මිසරයට ගිය එතුමා තාපසාරාම කිහිපයක් ගොඩනැංවූ බව සදහන් වේ.
ක්‍රි ව. 362 දී නැවත ඇලෙක්සැන්ඩ්‍රියාවට පැමිණි මෙතුමා තමන්ගේ මරණය දක්වාම එනම් ක්‍රි ව 373 පමණ දක්වා නැවත රදගුරු ධූරයෛ් කටයුතු කළේය.
සභාවේ පැවති අර්බුදකාරී වාතාවරණයක මෙතුමා සැබවින්ම සභාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ යෝධ චරිතයක් විය.
0 Comments