✟✯✯ ලුන්ගර්න් හි ශු. බියාටස් මුනිතුමා ✯ ✯ ✟

 



මෙතුමා මුල් ක්‍රිස්තියානි යුගයේ ජනප්‍රවාදගත තාපස පූජකයෙක්  විය හැකි අතර, සාන්තුවරයෙකු ලෙස ද ගෞරවයට පාත්‍ර වේ. මෙතුමා 2 වැනි සියවසේ මිය ගිය බව ඔහුගේ පුරාවෘත්තයේ සඳහන් වුවද, ඔහුගේ කතාව එම නමින්ම ඇති වෙනත් සාන්තුවරයන් සමඟ, විශේෂයෙන්ම Beatus of Vendôme සහ 810 දී Charlemagne වෙතින් Honau බව තහවුරු කිරීමට ප්‍රඥප්තියක් ලබා ගත් Abbot Beatus සමඟ සම්බන්ධ වී ඇති බව පෙනේ.

සම්ප්‍රදාය අනුව මෙතුමා ස්කොට්ලන්ත රජුගේ පුත්‍රයෙකු බව ප්‍රකාශ කරන අතර, වෙනත් ජනප්‍රවාද ඔහුගේ උපත අයර්ලන්තයේ බව සඳහන් කරයි.  එංගලන්තයේදී ශාන්ත බානබස් විසින් බව්තීස්ම කිරීමෙන් මෙතුමා ක්‍රිස්තියානි ධර්මය වැළද ගත්තේය. එලෙසම මෙතුමාව රෝමයේ පූජකයෙකු ලෙස සිටි ශාන්ත පීටර් අපොස්තුළු තුමා විසින් පැවිදි කරන ලද බව කියනු ලැබේ. පසුව ඔහුව හෙල්වෙටි ගෝත්‍රයට සත්‍යාගම හදුන්වා දීම සඳහා ඇචේට්ස් නම් තැනැත්තිය සමඟ යවන ලදී. ඔවුන් දෙදෙනා ජුරා කඳුවැටිය ආසන්නයේ Argovia හි කඳවුරක් පිහිටුවා ගත් අතර එහිදී ඔවුන් බොහෝ ප්‍රදේශවාසීන් සත්‍යාගමට හරවා ගන්නා ලදි. 

පසුව දකුණු දෙසින් තුන් විලට ඉහලින් පිහිටි කඳුකරයට ගොස්, නවවන සියවසේදී, බීටන්බර්ග් ගම්මානයට ආසන්නයේ, ශාන්ත බීටස් ගුහා ලෙස දැන් හඳුන්වන ස්ථානයේ ආරාමයක් අත්පත් කර ගත්තේය. ඔහු මකරෙකු සමඟ සටන් කළ ස්ථානය මෙම ගුහාව බව සම්ප්‍රදායේ සඳහන් වේ. ශාන්ත බීටස්ගේ සොහොන පිහිටා ඇත්තේ ආරාමය සහ ගුහා දොරටුව අතර ය. ක්‍රිස්තු වර්ෂ 112 දී ඔහු මහලු වියේදී මිය ගිය බව සදහන් වේ.



Post a Comment

0 Comments