ටරෙන්ටයිස් හි පීටර්තුමා ක්‍රි.ව. 1141 සිට ඔහුගේ මරණය දක්වා ප්‍රංශයේ සැවෝයි නිම්නයේ ටරෙන්ටයිස් හි අගරදගුරු ලෙස (Peter II ලෙස) සේවය කළ සිස්ටර්ෂයින් පූජකතුමෙකි.
මෙතුමා රදගුරු පදවියට උසස්වීම ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කළ නමුත් ඔහුගේ ප්‍රධානීන් සහ ක්ලෙයාර්වෝක්ස් හි බර්නාඩ්තුමා මෙතුමාට එම තනතුර භාර ගන්නා ලෙස අවධාරනය කරන ලදි. අගරදගුරු තුමා ලෙස, ඔහු දිළිඳුන්, රෝගාතුර වූවන් සහ ඇල්පයින් කඳුකරයේ ගමන් කරන අය සඳහා විශේෂ සැලකිල්ලක් දැක්වීය.
1174 දී මෙතුමා මිය ගියේ බරපතල නමුත් කෙටි රෝගාබාධයකින් පසු වය. ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ සොහොන්ගැබේ ප්රාතිහාර්යයන් වාර්තා වූ අතර මේ නිසා ක්‍රි ව. 1191 මැද භාගයේදී මෙතුමාව සාන්තුවරයෙකු ලෙස ශාන්තුවරභාවයට පත් කිරීම III වන සෙලෙස්ටින් පාප් වහන්සේ විසින් සිදු කරන ලදි.
මෙතුමා උපත ලැබුවේ ක්‍රි.ව. 1102 දී, බොනවැක්ස් හි සිස්ටර්ෂයින් තාපසාරාමායට ට නුදුරින් පිහිටි සාන්ත මොරිස් අසල ගොවිපලක ය. විවිධ කටයුතු සඳහා ආරාමයෙන් පිටව යාමට සිදු වූ විට ඔහුගේ පියා බොහෝ විට පූජා ප්‍රසාදීන්වහන්සේලාට ආගන්තුක සත්කාර පිරිනැමීය.
ක්‍රි.ව. 1122 දී, ඔහු බොනවැක්ස් හි සිස්ටර්ෂයින් තාපසාරාමය හා සම්බන්ධ වූ අතර ඉක්මනින්ම ඔහුගේ පියා සහ ඔහුගේ සහෝදරයන් වන ලැම්බර්ට් සහ ඇන්ඩෲ ද එතුමා අනුගමනය කරමින් තාපසාරාමයට බැදුණි. මෙතුමාගේ මව සහ සහෝදරිය ද සිස්ටර්ෂියන් කන්‍යා සොහොයුරියන් සමඟ එක් විය.
ටැරෙන්ටයිස් හි අගරදගුරු, (රදගුරු පදවියට පත් වූ පළමු සිස්ටර්සියන් පූජාප්‍රසාදිතුමා) සහ සැවෝයි හි කවුන්ට් ඇමෙඩියස් III වියානා සිට මිලාන් දක්වා පැරණි රෝමානු මාර්ගය ඔස්සේ වන්දනාකරුවන් සහ සංචාරකයින් සඳහා නවාතැනක් පිහිටුවීමට කැමති විය.
ක්‍රි.ව. 1132 දී, මෙතුමා සහ තවත් පුජාප්රසාදීන්වහන්සේලා දොළොස් දෙනෙක් බොන්වෝක්ස්ගේ දියණියගේ නිවසක් ලෙස බෝගස් කඳුකරයේ ස්ථානයක Tamié Abbey ආරම්භ කරන ලදි. පුජාප්රසාදීන්වහන්සේලාට ප්‍රමාණවත් නවාතැන් ඇති බවට තාපසාරාමාධිපති ජෝන් සෑහීමකට පත් වූ පසු, ඔහු නැවත බොනවැක්ස් වෙත පැමිණ, මෙතුමාව නව තාපසාරාමයේ තාපසාරාමාධිපති ලෙස පත් කළේය. පුජාප්රසාදීන්වහන්සේලාගේ ආගන්තුක සත්කාරය පැතූ ආගන්තුකයන්ට නිහතමානීව සේවය කිරීම සහ ඔවුන් සමඟ කතාබස් කිරීම මෙතුමා බෙහෙවින් ප්‍රිය කළේය.
1142 දී, ක්ලෙයාර්වෝක්ස් හි බර්නාඩ් ඇතුළු ඔහුගේ ප්‍රධානීන්ගේ බල කිරීම මත, මෙතුමා අකමැත්තෙන් වුවද, ටැරෙන්ටයිස් හි අගරදගුරු තනතුර පිළිගත්තේය. රදගුරු පදවියේ දී ඔහු රදගුරු පදවිය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා පැවිද්දෙකු ලෙස උගත් සිස්ටර්සියන් ප්‍රතිපත්ති අදාළ කර ගත් අතර රදගුරු පදවිය හොඳ සාර්ථකත්වයක් අත්කර ගත්තේය. ඔහු දූෂිත පූජකයන් ඉවත් කළේය (සහ හොඳ පූජකවරුන් වැදගත් දේවගැති තනතුරුවලට උසස් කළේය) සහ සියලු ඇදහිලිවන්තයන් සඳහා අධ්‍යාපනය ප්‍රවර්ධනය කළේය. දරුණු අයහපත් කාලගුණයක් ඇති අවස්ථා දෙකකදී ඔහු තම සළුව අවශ්‍යතා ඇති කෙනෙකුට ලබා දුන්නේය. මෙතුමා තම කඳුකර රදගුරු පදවියේ සියලුම ප්‍රදේශවලට නිතිපතා සංචාරය කළේය.
ඔහුගේ විශේෂිත උත්සහය වූයේ ස්විට්සර්ලන්තයට සහ ඉතාලියේ නගරවලට පැමිණෙන සංචාරකයින්ගේ සුභසාධනයයි. ඔහු ලිට්ල් ශාන්ත බර්නාඩ් පාස්හි දුර්වල අලුත්වැඩියාවකින් ආගන්තුකාගාරයක් නැවත ගොඩනඟා ගත්තේය. ඔහු අවට කඳුකරයේ ගොවිපලවලට ආහාර බෙදා දෙන පුණ්‍යායතනයක් ද ආරම්භ කළේය. මෙය Pain de Mai ලෙස ප්‍රකට වූ අතර ප්‍රංශ විප්ලවය තෙක් කලාපයේ පැවති සම්ප්රදායක් බවට මෙය පත් විය.
එහෙත් මෙතුමා සරල, දැහැමි පැවිදි ජීවිතයක් අපේක්ෂා කළේය. 1155 දී ඔහු අතුරුදහන් වූ අතර පසුව ස්විට්සර්ලන්තයේ දුරස්ථ කන්‍යාරාමයක ගිහි සහෝදරයෙකු ලෙස මෙතුමාව සොයා ගන්නා ලදී. වසරකට පමණ පසු, භික්ෂූන් වහන්සේ ඔහු කවුදැයි සොයා ගත් විට, ඔවුන් අගරදගුරු පදවියට දැනුම් දෙන ලදි. මෙතමා තම නව හුදකලා ජීවිතයෙන් නැවත ඒමට අකමැති වූ නමුත් ජනතාවගේ පැත්තෙන් බොහෝ උද්යෝගයෙන් යුතුව ඔහුගේ අගරදගුරු පදවියට නැවත පිළිගන්නා ලදී.
මෙතුමා කෙටි අසනීපයකින් පසුව 1174 සැප්තැම්බර් 14 වන දින Bellevaux හිදී මිය ගියේය.
මෙතුමාගේ පුණ්‍ය කටයුතු සහ සුව කිරීමේ බලය නිසා, මෙතුමාගේ ජීවිත කාලය තුළ පවා මෙතුමාව සාන්තුවරයෙකු ලෙස සලකනු ලැබීය. ක්‍රි ව. 1191 දී III සෙලෙස්ටින් පාප්තුමා මෙතුමාව ශාන්තුවරභාවයට ඔසවන ලදී.
0 Comments