තියෝටිමෝස් යනු ග්‍රීක නාමයකි, එය 'දෙවියන්' යන අර්ථය ඇති තියෝස් සහ ටයිමෙ යනු 'ගෞරවනීය තෑග්ගක්' යන්නෙන් උපුටා ගත් නාමයකි.
ශාන්ත තියෝටිමස් ලේඛකයෙකු වූ අතර ශාන්ත ජෝන් ක්රිසොස්ටොම්ගේ මිතුරෙකු ද විය. ඔහු ක්‍රි.ව. 392-403 හන්ස් ගෝත්‍රිකයන් සත්‍යාගමට හැරවීමට උත්සහ කළ කළු මුහුද අසල, පිහිටි ටෝමිහි සිතියන් රදගුරු පදවියේ බිෂොප්වරයා විය. ඔහු සංක්ෂිප්ත හා අභිලේඛනමය නිබන්ධන, සංවාද ස්වරූපයෙන් සහ පැරණි ශෛලියෙන් ප්‍රකාශයට පත් කළ ලේඛකයෙක් විය.
Sozomen විසින් ලියන ලද Ecclesiastical History පොතේ VII වන පරිච්ඡේදයේ 26 වන පරිච්ඡේදයේ මෙසේ සඳහන් වේ: "ටෝමි හි සභාව මෙන්ම සිතියාවේ සියලුම දේවස්ථාන, මේ යුගයේ සිතියන් ජාතික තියෝටිමස් රදගුරුවරයා යටතේ පාලනය විය. ඔහු දර්ශනය පිළිපදිමින් හැදී වැඩුණි. ඔහුගේ ගුණධර්ම ඉස්ටර් ඉවුරේ වාසය කළ ම්ලේච්ඡ හන්ස් ගෝත්‍රිකයන්ගේ ප්‍රසාදයට හේතු වී ඇති අතර, ඔවුන් ඔහුව රෝමවරුන්ගේ දෙවියා ලෙස හැඳින්වූයේ, ඔහු විසින් කරන ලද දිව්‍යමය ක්‍රියාවන් පිළිබඳ අත්දැකීම් ඔවුන් අත්දැක තිබූ බැවිනි. දිනක් ඔවුන් ගෝත්රිිකයන් සිටින ප්‍රදේශයක් දෙසට ගමන් කරන විට, ඔවුන්ගෙන් සමහරක් දෙනා දෙසට ගෝත්‍රිකයන් පැමිණෙන බව ඔහු දුටුවේය.ඔහුගේ සේවකයෝ විලාප නඟා, එකපාරටම එතුමාව අත්හැර ගියේය. නමුත් එතුමා අශ්වයා පිටින් බැස යාච්ඤා කළේය. එවිට ගෝත්‍රිකයන් එතුමාවත් එතුමාගේ සේවකයන්වත්, ඔවුන් ගිය අශ්වයන්වත් නොදැක පසුකර යන ලදි.
මෙම ගෝත්‍රිකයන් ඔවුන්ගේ කොල්ලකාරී ආක්‍රමණයෙන් සිතියාව නිතර විනාශ කළ අතර, මෙතුමා ඔවුන්ට ආහාර සහ තෑගි පිරිනැමීමෙන් ඔවුන්ගේ ආකල්පයන්වල රුදුරු බව යටපත් කිරීමට උත්සාහ කළේය.
තියෝටිමස් ප්‍රථම වරට දර්ශනය පිළිපැදීමට කැප වූ විට තිබුණු ඔහුගේ දිගු කොණ්ඩය කිසිදු විටෙක නොකැපූ බව කියනු ලැබේ. ඔහු ඉතා මධ්‍යස්ථ වූ අතර, ඔහුගේ ආහාර ගැනීම සඳහා නියමිත් වේලාවක් නොතිබුණි. නමුත් කුසගින්න සහ පිපාසය දැඩිව දැණුනු විට ආහාර පාන ලබා ගත්තේය. ලෞකික තෘප්තියට ආසාවෙන් නොව අවශ්‍යතාවයෙන් මෙම රුචිකත්වයන්ගේ ඉල්ලීම් වලට යටත් වීම දාර්ශනිකයෙකුගේ කොටසක් ලෙස මම සලකමි." යනුවෙන් එතුමා වරක් ප්‍රකාශ කරන ලදි.
කතෝලික සභාව මෙතුමාගේ මංගල්‍ය දිනය අප්‍රේල් 20 වන දින සමරනු ලබන අතර නැගෙනහිර ඕතඩොක්ස් සභාව සැප්තැම්බර් 4 වැනි දින මෙතුමාගේ මංගල්‍යය සමරනු ලබයි.
0 Comments