ඔප්පෝර්ටුනා මුනිවරිය ප්‍රංශ ජාතික බෙනදිකානු කන්‍යා සොහොයුරියක් සහ තාපසාරාමාධිපතිනියකි.
ඇය තරුණ වියේදී, ඇගේ ඥාති සොහොයුරිය වූ ලැන්ටිල්ඩිස් තාපසාරාමාධිපතිනිය ලෙස කටයුතු කළ Almenèches අසල Monasteriolum නම් වූ කන්‍යාරාමයේ බෙනදිකානු කන්‍යා සොහොයුරියක් බවට පත් විය.
ඇගේ සොහොයුරා වන Chrodegang (පසුව Godegrand ලෙස පරිවර්තනය කරන ලදී), Séez හි රදගුරුවරයා විය. පසුව Montreuil Séez සිට සැතපුම් තුනක් පමණ දුරින් සිටියද, Chrodegang ඔහුගේ සොහොයුරිය බැලීමට තාපසාරාමයට වෙත යන අතරමගදී ඝාතනය විය.
ඔහුගේ ඝාතනය සැලසුම් කර තිබුණේ ඔහුගේ බලවත් ඥාතියෙකු වූ ක්රොඩොබර්ට් විසිනි. ඔහු වසර හතක් රෝමයේ නොසිටි කාලය තුළ ඔහුගේ රදගුරු පදවියේ පරිපාලන කටයුතු කර ගෙන යන ලද්දේ ඥාතියා වූ ක්රොඩොබර්ට් විසිනි.
පසුව මෙතුමිය ඇගේ ඥාති සොහොයුරියගෙන් පසු තාපසාරාමාධිපති තනතුරට පත් විය. මෙම තනතුරේ දී, ඇය සම්ප්‍රදායිකව විස්තර කරනු ලැබුවේ "ඇගේ සියලුම කන්‍යා සොහොයුරියන්ට සැබෑ මවක්" ලෙස කටයුතු කළ බවයි.
ක්රොඩෙගන්ග් 769 සැප්තැම්බර් 3 වන දින මිය ගිය බැවින්, සොහොයුරාගේ මරණයෙන් ඇති වූ ශෝකය සමඟ ඇති වූ කෙටි රෝගාබාධයකින් මෙතුමිය ද මිය ගිය බව සමහර මූලාශ්‍ර පවසයි.
අනාවැකිමය දර්ශනයකින් ඇය තම සොහොයුරාගේ මරණය කලින් දුටුවත්, ඇයට ඒ සදහා මැදිහත් වීමට නොහැකි වූ බව සදහන් වේ.
මෙතුමිය ක්‍රි ව. 770 අප්‍රේල් 22 දින මිය ගියාය.
0 Comments