✟✯✯ශා. ඇන්සලම් මුනිතුමා ✯ ✯ ✟

 



කැන්ටබරියේ ඇන්සලම් මුනිතුමා (1033/4–1109), උපත ලබන්නේ උතුරු ඉතාලියේ ඇල්ප්ස් කදු අසල පිහිටි අඔත්සානගරයේය.  මෙතුමා ක්‍රි.ව. 1093 සිට 1109 දක්වා කැන්ටබරි හි අගරදගුරු පදවිය දැරූ ඉතාලි ජාතික බෙනදිකානු නිකායික පූජකවරයෙක්, පැවිද්දෙක්, දාර්ශනිකයෙක් සහ කතෝලික සභා දේවධර්මාචාර්යවරයෙ ක් වේ. මෙතුමාගේ මංගල්‍යය අප්රේල් 21 වන දින සමරනු ලබයි.


ඇන්සෙල්ම්තුමා උපත ලැබුවේ අප්‍රේල් 1033 සහ අප්‍රේල් 1034 අතර කාලයේ දී ඉතාලියේ ඉහළ බර්ගන්ඩි ප්‍රදේශයේ අඔත්සා ප්‍රදේශයේය. මෙම ප්‍රදේශය වර්තමානයේ ඉතාලි ජනරජයේ කොටසක් වන නමුත්, 1032 දී දරුවන් නොමැති III වන රුඩොල්ෆ් මිය යන තුරුම අඔත්සා පශ්චාත්-කැරොලින්ජියානු රාජධානියේ බර්ගන්ඩි හි කොටසක් විය. 

මෙතුමාගේ පියා ලොම්බාර්ඩ් වංශාධිපතියෙක් විය. මෙතුමා වයස 15 දී තාපසාරාමයකට යාමට අදහස් කළද පියා ඊට අකමැති වූ නිසා තාපසාරාමාධිපති මෙතුමාව භාර නොගත්තේය. ඒ් අවස්ථාවේ වේදනාවට කළකිරීමට පත් වූ මෙතුමා මානසිකව රෝගී වූවත්  පසුව සුවපත් වී අධ්‍යාපන කටයතුවලින් මිදී ටික කාලයක් ගත කරන ලදි. 

පසුව මව මියයාමත් සමගම විසිතුන් වන වියේ පසුවූ ඇන්සලම් තුමා පියාගේ ද ආශීර්වාදය ඇතිව ඇල්ප්ස් කඳු තරණය බර්ගන්ඩි ප්‍රදේශය පසුකොට බෙක් හි බෙනදිකානු තාපසාරාමයෙට පැමිණ බෙනදිකානු තාපස ජීවිතයට ඇතුළත් විය. 1078 දී මෙතුමා බෙක් තාපසාරාමයේ ශ්‍රේෂ්ඨාධිපති තනතුරට පත්විය. 

බෙක් නගරය මෙම කාලයේ දී යුරෝපයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වූ නගරයක් විය. මෙතුමා දර්ශණය පිළිබද මෙතුමාගේ පළමු කෘතිය මෙහි දී රචනා කරන ලදි. 

විවිධ අවස්ථාවල දී එංගලන්තයේ කටයුතු ද සොයා බැලීමට ගිය මෙතුමාව ක්‍රි.ව. 1093 දී කැන්ටබරි අගරදගුරු තනතුරට පත් කරන ලදි. මෙතුමා මෙම තනතුර ප්‍රතික්ෂේප කළද අවසානයේ දෙසැම්බර් 4වන දින එතුමාව අගරදගුරු තනතුරේ අභිෂේක කරන ලදි.

රජය එනම් රජතුමා සහ සභාව අතර යහපත් සබදතාවක් පවත්වා ගැනීමට මෙතුමා සෑම විටම උත්සහ කළ ද අන්සලම්තුමාගේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට රජය විරුද්ධ වීම නිසා මෙතුමාට විශ්ව සභාවේ ආරක්ෂාව සදහා 1097 දී රෝමයට පිටුවහල් වීමට සිදු විය.

1100 දී විලියම් රජු ඝාතනය ලක්වූ පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ 1වන  හෙන්රි රජතුමා නැවත ඒංගලන්තයට පැමිණෙන ලෙස මෙතුමාගෙන් ඉල්ලා සිටින ලදි. 1102 දී ලන්ඩනයේ පැවති සභා සමුළුවේ දී එංගලන්තය තුළ ග්‍රෙගෝරියානු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දෙන ලදි.

මෙම කවුන්සිලය ශුද්ධ වූ නියෝගවල සිටින සියල්ලන්ට විවාහයන් තහනම් කළ අතර, අනියම් භාර්යාවන් තබා ගැනීම සහ බේබදුකම තහනම් කළේය. ශුද්ධවු ධාතු විකිණීම මෙන්ම  බ්‍රිතාන්‍යයේ වහල් වෙළඳාමට එරෙහිව යෝජනාවක් ද ඇන්සලම් තුමා මෙහිදී ලබා ගත්තේය.

දේවස්ථානවල කටයුතු පිළිබද තිරණ ගැනීමට රජු එතුමාට ඉඩදුන් අතර රෝමයට අවනත වීමට ද රජු කැමති විය. නමුත් ගිහියන්ට ඔටුණු පැළඳවීමට අකමැති වීමත් සමගම නැවතත් රජු මෙතුමා සමග විරසක විය. මෙම සිදුවීමෙන් පසු මෙතුමා දෙවන වරටද එංගලන්තයෙන් පිටුවහල් වී රෝමයට ගියේය. 1107 දී මෙම ගැටලුකාරී තත්ත්වයන් විසදුණු අතර මෙතුමා තම ජීවිතයේ අවසාන කාලය කැන්ටබරි අගරදගුරු ලෙස පදවියේ කටයුතු වැඩි දියුණු කරන ලදි.

1109 අප්‍රේල් 21 වන දින එංගලන්තයේ කැන්ටබරි හි දී ස්වර්ගස්ථ වූ අතර එතුමාව කැන්ටබරි ආසන දෙව්මැදුරේ මිහිදන් කරන ලදි.



Post a Comment

0 Comments