꧁☆༒✟✟ 𝟚𝟘𝟚𝟛 අප්‍රේල් 5 ✟✟༒☆꧂

 


පළමුවන කියවීම යෙසායා 50:4-9A

4විඩාවට පත්වූවන් ශක්තිමත් කරන පිණිස ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන සිසුවෙකු මෙන් එතුමන්ට සවන් දෙන පිණිස මහෝත්තම දෙවි සමිඳාණෝ හැම උදයක ම මා තුළ උනන්දුවක් ඇති කරවන සේක.
5දෙවි සමිඳුන් මාගේ කන් පහදා ඇත.
මා එතුමන්ට විරුද්ධ ව කැරලි ගැසුවේ වත්, එතුමන්ට පිටුපා ගියේ වත් නැත.
6 මට පහර දෙන්නන්ට මම මාගේ පිට පෑවෙමි.
මාගේ රැවුල් ගස් උදුරන්නන්ට මම මුහුණ දුන්නෙමි.
මාගේ මුහුණ නින්දාවෙනුත්, කෙළ ගැසීමෙනුත් හරවා නොගතිමි.
7මහෝත්තම දෙවි සමිඳාණන් මට උපකාර කරන බැවින් මම වියවුල් නොවන්නෙමි.
මම නිර්භීත ලෙස මුහුණ පාන්නෙමි.
මා ලජ්ජාවට නොපැමිණෙන බව දනිමි.
8 මන්ද, දෙවිඳාණෝ මා ළඟ ය;
එතුමාණෝ මා නිදොස් බව පෙන්වන සේක.
මට විරුද්ධ ව චෝදනා කරන්නේ කවරෙක් ද?
අපි දෙදෙනා ම විනිශ්චයයට යමු;
ඔහු මට විරුද්ධ ව චෝදනාව ඉදිරිපත් කරා වා!
9මහෝත්තම දෙවි සමිඳාණෝ මට උපකාර කරන සේක.
‘මා වැරදිකරු ය’යි ඔප්පු කළ හැක්කේ කවරෙකුට ද?
කාවුන් කාදමන පරණ වස්ත්‍රයක් මෙන් මාගේ විරුද්ධකාරයෝ සියලු දෙන ම අතුරුදහන් වන්නෝ ය.

පිළිතුරු ගීය ගීතාවලිය 69:8-10, 21-22, 31 and 33-34

පිළිතුරඅහෝ සමිඳුනි, ඔබේ අධික ප්‍රේමයෙන් මට සවන් ඳුන මැනව.

8මාගේ සොහොයුරන්ට මම නාඳුනන්නෙක් වීමි;
මාගේ මවගේ පුත්‍රයන් හට මම විදේශිකයෙක් වීමි.
9 ඔබේ දෙව් මැදුරට ඇති උද්‍යෝගය මා දවන්නේ ය.
ඔබට නින්දා කරන්නන්ගේ නින්දා මා පිට පැටවී ඇත්තේ ය.
10එබැවින් මා කඳුළු සලමින් උපවාස කරන විට සෙනඟ මට නින්දා කරන්නෝ ය.
පිළිතුරඅහෝ සමිඳුනි, ඔබේ අධික ප්‍රේමයෙන් මට සවන් ඳුන මැනව.
21 සාගින්නේ දී ඔව්හු මට වහ දුන්නෝ ය;
පිපාසයේ දී ඔව්හු මට තිත්ත කාඩි බොන්න දුන්නෝ ය.
22 ඔවුන්ගේ කෑම මේසය ඔවුන්ට ම මලපතක් වේ වා!
ඔවුන්ගේ මංගල උත්සව ඔවුන්ට මර උගුලක් වේ වා!
පිළිතුරඅහෝ සමිඳුනි, ඔබේ අධික ප්‍රේමයෙන් මට සවන් ඳුන මැනව.
31ගවයෙකු පිදීමට වඩා මෙවැන්නක් සමිඳුන්ට ප්‍රසන්න වන්නේ ය.
අං සහ කුර සහිත ගොනෙකු පිදීමට වඩා එය ප්‍රසන්න වන්නේ ය.
33 මන්ද, සමිඳාණෝ දිළිඳුන් හට සවන් දෙන සේක;
හිරගත වී සිටින තම සෙනඟ අත් නොහරින සේක.
34අහසත්, පොළොවත් උන් වහන්සේට ප්‍රශංසා කරත් වා!
මුහුදත්, එහි හැසිරෙන සියල්ලෝත් එතුමාණන්ට ප්‍රශංසා කරත් වා!
පිළිතුරඅහෝ සමිඳුනි, ඔබේ අධික ප්‍රේමයෙන් මට සවන් ඳුන මැනව.


සුබාරංචිය මතෙව් 26:14-25



Post a Comment

0 Comments