✟✯🌷 ස්වීඩනයේ ශු. කැතරින් මුනිවරිය 🌷✯ ✟

 


ශාන්ත කැතරින් තුමිය උපත ලැබුවේ දහහතරවන සියවසේ ආරම්භයේදී ස්වීඩනයේ උල්ෆෝ ග්‍රාමයේය. ඇගේ මව ස්වීඩනයේ ශාන්ත බ්‍රිජට් තුමියයි. වයස අවුරුදු හතේදී, කැතරින්ව ඇගේ දෙමාපියන් විසින් රිස්බර්ග්හි කන්‍යාරාමය වෙත අධ්‍යාපනය ලැබීමට යවන ලද අතර  ඇගේ අධ්‍යාත්මික ජීවිතයට පදනමක් ගොඩනඟා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිපති මව්තුමියගේ  රැකවරණය යටතේ තබන ලදී.

වයස අවුරුදු 13 දී කැතරින්ව දේවස්ථානයෙන් රැගෙන ගොස් ජර්මානු වංශාධිපතියෙකු වූ එගාඩ් සමඟ විවාහ කර දෙන ලදී. එගාඩ් හමුවීමෙන් පසු, කැතරින් ඇය සමඟ සදාකාලික නිර්මලත්වය පිළිබඳව වූ ඇගේ භාරය පිළිබ්‍රදව ඔහුව දැනුවත් කළාය. කැතරින් සහ එගාර්ඩ් දෙවියන් වහන්සේගේ සේවයට කැප වූ අතර, අනුකම්පාව, යාච්ඤාව සහ පුණ්‍ය කටයුතුවලදී එකිනෙකා දිරිමත් කර ගන්නා ලදි.

වර්ෂ 1349 දී පමණ, ඇගේ පියාගේ අභාවයෙන් පසු, කැතරින් තම මව සමඟ රෝමයට වන්දනාවේ ගොස් රෝම දිවි පිදූවන්ගේ ධාතු නැරඹීමට ගියාය. ඔවුන් දෙදෙනා වසර ගණනාවක් රෝමයේ ජීවත් විය. 1373 දී ශාන්ත බ්‍රිජට් මිය ගිය අතර කැතරින් සිය මවගේ දේහය රැගෙන නැවත ස්වීඩනයට ගියාය. වසර දෙකකට පසු, කැතරින් තම මව ශාන්තුවරයට පත් කිරීමේ හේතුව ප්‍රකාශ කිරීමට සහ ආගමික කාන්තාවන් කණ්ඩායමක් සඳහා ඇය විසින් ලියන ලද ව්‍යවස්ථාවක් සඳහා අනුමැතිය ලබා ගැනීමට රෝමයට ආපසු පැමිණියාය.

ඇගේ ව්‍යවස්ථාව සඳහා සභා අනුමැතිය ලැබීමෙන් පසු, කැතරින් ස්වීඩනයට ආපසු ගොස්  වඩ්ස්ස්ටේනා හි ප්‍රධාන මව්තුමිය බවට පත් විය. කැතරින් 1381 දී මිය යන තුරුම වඩ්ස්ස්ටේනා හි ප්‍රධාන මව්තුමිය ලෙස සේවය කළාය. ඇගේ ජීවිතයේ අවසාන වසර 25 තුළ, කැතරින් ඇගේ දැඩි ජීවන රටාව සහ පාපොච්චාරණයේ සක්‍රමේන්තුව දිනපතා ලබා ගැනීමේ පුරුද්ද දිගටම අනුගමනය කළාය.

ශාන්ත කැතරින්තුමියව  1484 දී දෙවන පියුස් පාප් වහන්සේ විසින් සාන්තුවරභාවයට පත් කරන ලදී.

Post a Comment

0 Comments