ශාන්ත ලුයිස් ද මැරිලැක්තුමිය උපත ලැබුවේ 1591 අගෝස්තු 15 වන දින ප්‍රංශයේ මීක්ස් නගරය ආසන්නයේ ය. ලුයිස් පොයිසි හි ඩොමිනිකන් කන්‍යාරාමයෙන් අධ්‍යාපනය ලබා ඇති අතර අවසානයේ ඇයව ආගමික ජීවිතයට කැඳවනු ලැබූ බව ඇය වටහා ගත්තාය. ආගමික ජීවිතයට ඇතුළු වීමට පෙර ඇය පාපොච්චාරණයෙන් විමසීමෙන් පසුව, ලුයිස් පැවිදි දිවිය අනුගමනය නොකිරීමට තීරණය කළාය. ඒ වෙනුවට, 1613 දී ඇය ඇන්ටනි ලෙග්රාස් සමඟ විවාහ වූවාය.
ඇන්ටනි ක්‍රි ව. 1625 දී මිය ගිය අතර ලුයිස් නැවතත් ආගමික ප්රජාවකට සම්බන්ධ වීම ගැන සිතන්නට පටන් ගත්තාතායඇගේ ස්වාමිපුරුෂයාගේ මරණයෙන් පසු ලුයිස් ට ශාන්ත වින්සන්ට් ද පෝල් මුනිතුමා මුණගැසී ඔහුව අධ්‍යාත්මික අදියුරු ලෙස සළකා කටයුතු කිරීමට පටන් ගත්තාය. ඔහුගේ දිරිගැන්වීම් සහ මඟපෙන්වීම සමඟින්, ලුයිස් රෝගීන්ට, දුප්පතුන්ට සහ නොසලකා හරින ලද අයට සේවය කිරීම සඳහා කැප වූ කාන්තාවන් කණ්ඩායමක් පිහිටුවා ගත්තාය.
642 දී ලුයිස් විසින් තම පැවිදි පන්තියේ දියණියන් සඳහා විධිමත් නීති පද්ධතියක් ලියා ඇති අතර 1655 දී ඔවුන්ට පාප්තුමාගේ විධිමත් අනුමැතිය ලැබුණි. ඉන් පසු, ලුයිස් ප්‍රංශය පුරා සංචාරය කර කන්‍යාරාම පිහිටුවා සහ නොසලකා හරින ලද අයට උපකාර කිරීම සඳහා කැප වූ රෝහල්, අනාථ නිවාස ආරම්භ කළාය.
ලුයිස් 1660 වසරේ පැරිසියේදී මිය යන තුරුම ජ්වලිතව වැඩ කළාය. 1934 දී XI පියුස් පාප් වහන්සේ විසින් ඇයව ශාන්තුවරයට පත් කරන ලද අතර 1960 දී සමාජ සේවකයින්ගේ නාම සාන්තුවරිය ලෙසඇයව ප්‍රකාශයට පත් කරන ලදී.
0 Comments