පළමුවන කියවීම දානියෙල් 3:25, 34-43
25ඔහු උත්තරදෙමින්: අන්න, මනුෂ්‍යයන් සතර දෙනෙක් නිදහස්ව, කිසි උපද්‍රවයක් නැතුව, ගින්න මැද ඇවිදිනවා මට පෙනෙයි; සතරවෙනියාගේ පෙනීම වනාහි දෙවියන්ගේ පුත්‍රයෙකුට සමානයයි කීවෝය.
පිළිතුරු ගීය ගීතාවලිය 25:4-5AB, 6 AND 7BC, 8-9
පිළිතුර සමිඳුනි, ඔබේ කරුණා ගුණයත්, තිර පෙමත් සිහි කළ මැනව.
4සමිඳුනි, ඔබේ ක්‍රියා මාර්ගය මට හෙළි කළ මැනව;
ඔබේ මාවත් මට පැහැදිලි කළ මැනව.
5ඔබේ සත්‍යය අනුව මා ගෙන ගිය මැනව;
මට එය ඉගැන්නුව මැනව;
මන්ද, ඔබ මාගේ විමුක්තිදායක දෙවිඳාණෝ ය.
පිළිතුර සමිඳුනි, ඔබේ කරුණා ගුණයත්, තිර පෙමත් සිහි කළ මැනව.
6සමිඳුනි, ඔබේ කරුණා ගුණයත්, තිර පෙමත් සිහි කළ මැනව.
මේවා ඔබේ චිරාගත ගුණාංගයෝ ය.
සමිඳුනි, ඔබේ යහපත්කම ද මහා කරුණාව ද අනුව මා සිහි කළ මැනව.
පිළිතුර සමිඳුනි, ඔබේ කරුණා ගුණයත්, තිර පෙමත් සිහි කළ මැනව.
8සමිඳාණෝ යහපත් ය;
අවංක ය.
එතුමාණෝ පවිටුන් හට යා යුතු මාර්ගය උගන්වන සේක.
9එතුමාණෝ නිහතමානී අය යුක්තියෙහි හසුරුවන සේක.
එතුමාණෝ යටහත් පහත් අයට තම මාර්ගය උගන්වන සේක.
පිළිතුර සමිඳුනි, ඔබේ කරුණා ගුණයත්, තිර පෙමත් සිහි කළ මැනව.
සුබාරංචියට පෙර ජොඑල් 2:12-13
සුබාරංචිය මතෙව් 18:21-35
0 Comments