කැසිමීර් ජැගිලන් (3 ඔක්තෝබර් 1458 - 4 මාර්තු 1484) පෝලන්ත රාජධානියේ සහ ලිතුවේනියාවේ මහා ආදිපාදවරයාගේ කුමාරයෙකි. කැසිමීර් IV ජැගිලොන් රජුගේ දෙවන පුත්‍රයා ද වේ.
පෝලන්ත වංශකතාකරුවෙකු සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ජොහැන්නස් ලොන්ගිනස් මෙතුමාගේ ගුරුවරයා වේ. 1471 දී ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන ව්ලැඩිස්ලාස් බොහීමියාවේ රජු ලෙස තේරී පත් වූ පසු, කැසිමීර් පෝලන්තයේ උරුමක්කාරයා බවට පත්විය. වයස අවුරුදු 13 දී, කැසිමීර් ඔහුව හංගේරියාවේ රජු ලෙස පත් කිරීමේ අසාර්ථක හමුදා ව්‍යාපාරයට සහභාගී විය.
මෙතුමාගේ භක්තිවන්තකම, දෙවියන් වහන්සේ කෙරෙහි භක්තිය සහ රෝගීන් සහ දුප්පතුන් කෙරෙහි ත්‍යාගශීලී බව නිසා ප්‍රසිද්ධියට පත් විය. ඔහු රෝගාතුර වී (බොහෝ විට ක්ෂය රෝගයෙන් පෙළෙන) සහ වයස අවුරුදු 25 දී මිය ගියේය. ඔහුව විල්නියස් ආසන දෙව්මැදුරේ තැන්පත් කරන ලද අතර ඔහු පිළිබද භක්තිය වර්ධනය විය. 1514 දී ඔහුගේ සොහොයුරා වන සිගිස්මන්ඩ් I රජු විසින් ඔහුගේ ශාන්තුවරය ආරම්භ කරන ලද අතර සම්ප්‍රදායට අනුව ඔහු 1521 දී ශාන්තුවරයට පත් විය.
රෙපරමාදු ප්‍රතිසංස්කරණ යුගය සාන්තුවරයන්ගේ නමස්කාරයට හිතකර නොවීය. නමුත් 1602 දී පාප් තුමා විසින් ඔහුගේ මංගල්‍ය දිනය තහවුරු කරන ලද අතර 1636 දී මෙතුමා නමට කැප කරන ලද ශාන්ත කැසිමීර් දේවස්ථානය නිම කරන ලද අතර 17 වන සියවසේදී කැසිමීර්ගේ වන්දනාව නැවත නැඟිටීමක් දක්නට ලැබුණි. විල්නියස් හි, ඔහුගේ මංගල්‍ය දිනය වාර්ෂිකව ඔහුගේ මරණයේ සංවත්සරය වන මාර්තු 4 ට ආසන්න ඉරිදා පැවැත්වෙන Kaziuko mugė (වෙළඳ ප්‍රදර්ශනයක්) සමඟින් දක්වා ඇත.
ලිතුවේනියාවේ සහ පෝලන්තයේ ශු. කැසිමිර්ගේ නමින් දේවස්ථාන 50කට වැඩි ප්‍රමාණයක් ඇත. ශාන්ත කැසිමීර්ගේපැවීදි සහෝදරියන්ගේ නිකාය 1908 දී පිහිටුවන ලද අතර එය ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රියාකාරීව පවතී.
0 Comments