පළමුවන කියවීම ද්වීතීය නීති සංග්‍රහය 26:16-19
16“මෙදින දෙවි සමිඳාණන් වහන්සේ මේ නීති හා නියෝග පිළිපැදීමට ඔබට අණ කරන සේක. එබැවින් ඔබ, ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු සිතින් ද ඒවාට අවනත වී පිළිපැදිය යුතු ය. 17ඔබ, සමිඳාණන් වහන්සේ ඔබේ දෙවියන් වහන්සේ බව අද පිළිගෙන, දෙවි මඟ යාමටත්, උන් වහන්සේගේ නීති, නියෝග සහ අණපනත් පිළිපැදීමටත්, උන් වහන්සේට කීකරුවීමටත් පොරොන්දු විය යුතු ය. 18ඔබ උන් වහන්සේගේ අණපනත් සියල්ල පිළිපදින්නහු නම්, උන් වහන්සේ පොරොන්දු වූ ප්‍රකාර, ඔබ තමන් වහන්සේගේ විශේෂ සෙනඟක් මෙන් අද දින පිළිගන්න බව ප්‍රකාශ කරන සේක. 19තවද, දෙවි සමිඳාණන් වහන්සේ වදාළ ප්‍රකාර, ඔබ උන් වහන්සේට කැප වූ ජනතාවක් වන පිණිස, තමන් මැවූ අන් සියලු ජාතීන්ට වඩා කීර්තියෙන් ද මහිමයෙන් ද ගෞරවයෙන් ද ඔබ උසස් කරන සේක.”
පිළිතුරු ගීය ගීතාවලිය 119:1-2, 4-5, 7-8
පිළීතුර
1නිදොස් දිවියක් ගත කරන අය, සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව අනුව හැසිරෙන අය භාග්‍යවන්ත ය.
2එතුමාණන්ගේ ශික්ෂා පද පවත්වන අය, මුළු සිතින් එතුමාණෝ සොයන අය භාග්‍යවන්ත ය.
4අප ඔබේ නියෝග අනලස් ව පවත්වන පිණිස ඔබ ඒවා අපට නියම කළ සේක.
5ඔබේ පනත් පිළිපැදීමෙන් මාගේ චර්යාව ස්ථිර ව පැවතේ වා!
7ඔබේ දැහැමි අණපනත් මා දැනගත් විට අවංක සිතින් ඔබට ස්තුති කරන්නෙමි.
8ඔබේ පනත් පිළිපදින්නෙමි;
මා කිසි දා අත් නොහැරිය මැනව.
සුබාරංචියට පෙර 2 කොරින්ති 6:2B
සුබාරංචිය මතෙව් 5:43-48
0 Comments