පළමුවන කියවීම ජෙරමියා 20:10-13
10කසුකුසුව මට
ඇසේ,
අවට ඇත්තේ
භීතියකි;
‘අපි ඔහු ප්‍රතික්ෂේප
කරමු.
ප්‍රතික්ෂේප කරමු’ කියා මාගේ හිත මිතුරෝ පවා කියති.
මාගේ වැටීම ද ඔව්හු බලා සිටිති.
‘සමහර විට ඔහු
රැවටෙනු ඇත;
එවිට ඔහු පරාජය කොට ඔහුගෙන් පළිගන්නට අපට පුළුවනැ’යි ඔව්හු කියති.
11එහෙත්
සමිඳුනි,
ඔබ තුමාණෝ
මහා යුද වීරයෙකු සේ මා සමඟ සිටින සේක.
එබැවින් මාගේ පීඩාකාරයෝ පැකිළෙන්නෝ ය;
ඔව්හු ජය නොගන්නෝ ය;
ඔවුන්ට ජය ගැනීමට බැරි නිසා ඔව්හු ලජ්ජාවට පත් වන්නෝ ය.
එය කවදාවත් අමතක නොවන සදාකාල අවනම්බුවක් වන්නේ ය.
12සව් බලැති
සමිඳුනි,
සැදැහැවතුන්
පිරික්සන,
මාගේ
සතුරන්ගේ සිත හද විනිවිද දකින ඔබ තුමාණන් මාගේ සතුරන්ගෙන් පළිගනු දැකීමට මට වර දුන
මැනව.
මම මාගේ විනිශ්චය ඔබ අතට පවරන්නෙමි.
13සමිඳුන්ට ගී
ගයන්න;
එතුමාණන් පසසන්න.
මන්ද,
එතුමාණෝ
නපුරු මිනිසුන්ගේ අතින් පීඩිත වූවන් මුදාලන සේක.
පිළිතුරු ගීය ගීතාවලිය 18:2-3A, 3BC-4, 5-6, 7
පිළීතුර මාගේ විපතේ
දී සමිඳුන්ට මොරගැසීමි. එතුමාණෝ සිය
මාලිගාවේ සිට මා හඬට සවන් දුන් සේක.
2 සමිඳාණෝ මාගේ
පර්වතය ය;
බලකොටුව ය;
මිදුම්කාරයාණෝ ය.
ඔබ මා දෙවිඳාණෝ ය;
පර්වතය ය.
මම ඔබ සරණකොට ගනිමි.
ඔබ මට පලිහ ය;
ගැළවීමේ බලය ය;
උස් කොටු පවුර ය.
3සියලු
පැසසුම්වලට හිමිකම් ඇති සමිඳුනි, මම ඔබට අයැද සිටිමි.
මෙසේ මාගේ සතුරන්ගෙන් මම ගැළවෙන්නෙමි.
4මරහුගේ
රැහැන් මා වෙළාගත්තේ ය;
වනසන ජලධාරා මා ගිලගත්තේ ය;
5පාතාල රැහැන්
මා වෙළාගති;
මරණයේ මලපත් මට අටවා තිබිණි.
6මාගේ විපතේ
දී සමිඳුන්ට අයැදීමි,
මාගේ
දෙවිඳුන්ට මොරගැසීමි.
එතුමාණෝ සිය මාලිගාවේ සිට මා හඬට සවන් දුන් සේක.
මා යාදිනි එතුමාණෝ වෙත නැඟිණි.
7එවිට මිහිකත
සෙලවී කම්පා වූවා ය;
කඳුවල පදනම් දෙදරා සෙලවුණේ ය;
මන්ද,
එතුමාණෝ
උදහස් වූ සේක.
සුබාරංචියට පෙර ජොහන් 6:63C, 68C
මා ඔබට වදාළ වචන ආත්මය ද ජීවනය ද වෙයි. සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙත ය.
සුබාරංචිය ජොහන් 10:31-42
31උන් වහන්සේට
ගසන්නට ජුදෙව්වරු නැවත ගල් අතට ගත්හ. 32එවිට ජේසුස් වහන්සේ කතා කොට, “පියාණන්
වහන්සේ කරණකොටගෙන බොහෝ යහපත් ක්‍රියා ඔබට දැක්වීමි. එයින් කවර ක්‍රියාවක් නිසා ඔබ
මට ගල් ගසන්නහු දැ”යි ඇසූ සේක. 33 ජුදෙව්වරු උන් වහන්සේට පිළිතුරු දෙමින්, “අප ඔබට ගල් ගසන්නේ යහපත් ක්‍රියාවක් නිසා
නොව,
ඔබ කළ
දේවාපහාසය නිසා ය;
මිනිසෙකු වන
ඔබ දෙවියන් වහන්සේ වෙන්නට බලන නිසා ය”යි කී හ.
34 ජේසුස්
වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ ‘ඔබ දෙවිවරු ය’යි කීමි යි ඔබේ ව්‍යවස්ථාවලියේ ලියා තිබෙනවා නොවේ ද? 35එය ප්‍රතික්ෂේප
කළ නොහැකි ය. ඒ ශුද්ධ ලියවිල්ලේ කියා ඇති පරිදි, දෙවියන් වහන්සේගේ වචනය දෙනු ලැබූවන්ට
දෙවිවරු යයි උන් වහන්සේ වදාළ සේක. ඒ ශුද්ධ ලියවිල්ල ප්‍රතික්ෂේප කළ නොහැකි ය. 36එසේ නම්, දෙවියන්
වහන්සේ විසින් කැප කරනු ලැබ ලොවට එවන ලද තැනැත්තා වන මා ‘මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා’යි
කී නිසා,
‘ඔබ දේවාපහාස
කරන්නෙහි ය’යි මා ගැන කියන්නහු ද? 37මම මාගේ පියාණන් වහන්සේගේ ක්‍රියා නොකරම්
නම්,
මා විශ්වාස
නොකරන්න. 38එහෙත් මම ඒවා
කරම් නම්,
ඔබ මා
විශ්වාස නොකරතත්,
මාගේ ක්‍රියා
විශ්වාස කර පියාණන් වහන්සේ මා තුළ ද, මා පියාණන් වහන්සේ තුළ ද සිටින බව අවසාන
වශයෙන් දැනගන්නැ”යි වදාළ සේක.
39නැවතත් ඔව්හු
උන් වහන්සේ අල්ලාගන්නට උත්සාහ කළහ. එහෙත් උන් වහන්සේ ඔවුන් අතින් මිදී ගිය සේක.
40 උන් වහන්සේ
ජොර්දානෙන් එගොඩ ජොහන් පළමුවෙන් බව්තීස්ම-ස්නාපනය කරමින් සිටි ස්ථානයට යළිත් ගොස්, එහි නැවතී
සිටි සේක. 41බොහෝ දෙනෙක්
උන් වහන්සේ වෙතට පැමිණ: “ජොහන් කිසි හාස්කමක් නොකළ නමුත් ජේසුස් වහන්සේ ගැන ජොහන්
කී සියල්ල ම සැබෑ ය”යි කී හ. 42එහි දී බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගත්හ.
0 Comments