කාලය හරහා අප වෙත එන දෙවිඳුන්ගේ මහා ප්‍රේමය

 


තවත් වසරක් අවසන් ව නව වසරක් උදා වී ඇත. අපි ජේසු බිළිඳුන් ඉපදුණු දිළිදු ගව ඔරුව අබියසට විරාමයක් තබා දෙවියන් වහන්සේගේ ත්‍යාගශීලීත්වයේ සියලු ආශිර්වාදයන් අපගේ ජීවිත සාක්ෂි තුළින් අත්දැකීමට මේ වසරේ අදිටන් කර ගනිමු.

දෙවිදුන් අපට දැක්වූ ඒ මහා ආදරයේ ජීවමාන සිහිවටනය වූ ජේසුස් වහන්සේ තුළින් , දෙවියන් වහන්සේ අප සමඟ සිටින බව අප දන්නා නිසා මේ වර්ෂය පුරාවටම උන්වහන්සේගේ මගපෙන්වීම, ආදරය, රැකවරණය අපි ඉල්ලා සිටිමු. 'එම්මානුවෙල්' දෙවියන් වහන්සේ අප සමඟ ය. ඒ පණිවිඩය මේ වසර පුරාවටම අපේ ජීවිතයෙන් අපි අත් දකින්නට උත්සහ දරමු.

එලෙසම දෙවියන් වහන්සේගේ වචනය අපට විශේෂ ආකාරයකින්, කාලය යන අර්ථය හඳුන්වා දෙයි. කාලය දෙවියන් වහන්සේට පරිබාහිර යථාර්ථයක් නොවන බව තේරුම් ගැනීමටත්, උන්වහන්සේ උන්වහන්සේවම අනාවරණය කිරීමට සහ ගැලවීමේ ඉතිහාසය තුළ අපට විමුක්තිය ලබා දීමට කාලය උපයෝගී කර ගත් සේක. කාලය සමහර විට තාවකාලිකත්වයක් පෙන්නුම් කළත්, මොහොතක ක්ෂණික බවක් නිරූපණය කළත් දෙවියන් වහන්සේගේ මහා අභිරහස සහ උන්වහන්සේගේ අසීමිත ප්‍රේමය ප්‍රකාශ කිරීමේ අවස්ථාවන් උදාවන්නේත් මේ 'කාලය' තුළිනි...

Post a Comment

0 Comments