✟✯✯ ශා. ජුසේ වාස් මුනිතුමා ✯ ✯ ✟

 



වන්දනීය වූ පූජනීය වූ..

ජුසේ වාස් ධම්ම දූත පුදැදුරාණනේ..

ධීර වීර වූ ඔබේ දහම් සේවයේ අනුහසින්..


මෙ ලක්බිම අපේ එළිය වේ…

දරුවන් හයදෙනෙකුගෙන් යුතු පවුලක තුන්වන දරුවා ලෙස 1651 අප්‍රේල් 21 දින ඉන්දියවේ බෙනුවාලීම් නැමැති ගමේ ක්‍රිස්ටෝපර් වාස් සහ මරිය මිරැන්ඩා යන බ්‍රාහ්මණ පවුලට දාව ජෝශප් නයික් වාස් නමින් මෙතුමා උපත ලැබීය. එතුමා පවුලේ තෙවන දරුවා වුයේය. උපතින් දින 8කට පසුව බෙනවෙලුම්හි ස්නාවක ජුවාම් තුමන්ගේ දෙව්මැදුරේදි ජසින්කෝ පෙරෙයිරා පියතුමන් අතින් බව්තීස්ම කරන ලදි. එතුමාගේ ළදරු අවධිය පිළිබද දත් තොරතුරු එතුමාගේ දක්ෂතා හා මහත් වූ භක්තිය හෙළි කරයි. එතුමාගේ සම වයසේ දරුවන් කෙළිදොලන් කාලය ගත කරද්දී එතුමා වඩාත් ප්‍රිය කළේ නිසල ස්ථානයකට වී යාච්ඤා කරන්නටය. දිනපතා දේව මෙහෙයට සහභාගි වූ එතුමාපූජාප්‍රසාදිතුමා දිව්‍ය සත්ප්‍රසාදීන් වහන්සේ රෝගීන් වෙත ගෙන යන අවස්ථාවලටද සහභාගි විය. එසේම මළවුන් සොහොන් භූමිය වෙත ගෙන යන අවස්ථාවලට සහභාගි වීම වඩාත් ප්‍රියකල මොහුරාත්‍රී කාලයේ දැන හදුනන සියල්ලන් වෙත ගොස් ඔවුන්ගේ යාච්ඤා වලටද විශේෂයෙන් මළවුන් වෙනුවෙන් යාච්ඤා ඔප්පු කරන මෙන් ඉල්ලා සිටියේය. යාච්ඤාවේ නිරත වීමට එතුමාණන්ට වේලාවක් නොවීය. ඇතැම් අවස්ථා වලදී රාත්‍රී කාලයේ පවා දේව ලැදියාව නිසාම මෙතුමා තම පියාගේ නිවසට යාබද කෝර්ටාලිම් ගමේ පිහිටි ශු. පිලිප් හා සිමියොන් යන අපෝස්තුඵවරුන්ට කැපවූ දේවස්ථානයට ගියේය. මෙතුමා මෙම දේවස්ථානයට යන කල්හි එහිදී වසා තිබූ දේවස්ථානය මෙතුමා අතතැබූ සැනින්ම විවෘත වූ බව සදහන් වේ. දිළිදුන් හට ත්‍යාගශීලී වූ කුඩා ජුසේ බොහෝවිට තම දෙමව්පියන්ට රහසේ තම රාත්‍රී ආහාරය දන් දුනි.

එකල සැන්කෝලයේ විසූ වයස්ගත පුද්ගලයෙකු වූ අන්තෝනියෝ කර්ඩෝසෝ කුඩා ජෝශප් පිළිබදව නිතර පැවසූ දෙයක් නම් "අහෝ සැන්කෝලයනුඹට උරුම වූ වූ ආශිර්වාදය පිළිබදව නුඹ නොදන්නෙහිය. එහෙත් උතුම් වූ දෙව්පියාණන් වහන්සේ විසින් විසින් ඔහුගේ දෙමව්පියන් වෙත දුන් පොරොන්දුව ඉටුකරන දිනයක් පැමිණෙනු ඇත" යන්නයි. ඔහුට මහත් ආදරයක් දැක්වූ ගැමියෝ ඔහු ඇමතුවේ "ශුද්ධ වූ ළදරුවා" යන නමිනි. (පුංචි සාන්තුවරයා ) සැන්කෝලේහි හි පෘතුග්‍රිසි පාසැලකට ගිය ජුසේ ගේ මව් බස වූයේ කොන්කාණි බසයිි. තම දරුවා පිළිබද ශුභාරංචිය කල්තියා දැනගත් එතුමන්ගේ දෙමාපියන්ගේ එකම බලාපොරොත්තුව වූයේ ඔහු පැවිදි දිවියට ඇතුලත් කරවීමය.

සැන්කොවාලේ ප්‍රාථමික පාසලෙන් මූලික අධ්‍යාපනය හැදෑරු මෙතුමා එහිදී පෘතුගීසි භාෂාව පිළිබඳ අධ්‍යාපනය ලැබීය. පසුව බෙනවෙලුම්හි මහා විදුහලෙන් ලතින් භාෂාව පිළිබඳ ඉගෙන ගැනීමට එතුමාට හැකිවිය. ජෝශප්ගේ දක්ෂකම් දුටු ඔහුගේ පියා වැඩිදුර අධ්‍යාපනය සඳහා ගෝව විශ්වවිද්‍යාලයට යවනු ලැබීය. තවද ජේසු නිකායික පාසලක්වු සා.පාවුලු විද්‍යාලයෙන් අලංකාර විද්‍යාව හා සමජ විද්‍යාව දගෝවේ ඇක්වයිනාස් දෙව්සත්හලට ඇතුලුව දර්ශනවාදය හා දේව ධර්මය පිළිබඳව හැදෑරීය. 1675 දී පැවිදි දිවියට ඇතුලත්වු මෙතුමා 1676 වසරේ අප්‍රේල් මාසයේදී එවකට ගෝව අගරදගුරු අති උතුම් අන්තෝනියෝ බ්‍රන්ඩාඕ අගරදගුරුතුමන් අතින් පූජකවරය ලැබීය.

පූජකවරය ලබා කෙටි කලකින් සිගන්නකු ආකාරයෙන් පයට පාවහන් නොමැති හිස් දෙපතුලෙන්ම ජීවත් වන්නට විය. එහි දී එතුමා දක්ෂ ලෙස ධර්මය දේශනා කරමින් දජනතාවට පාපොච්ඡාරණය වැනි ප්‍රසාද නිධාන දානය කරමින් ද සිදුකල සේවය නිසා ඉතා කෙටි කලකින් සැමගෙම ගෞරවාදරයට පාත්‍ර වන්නට විය. තවද එතුමා සෙන්කොලේ ප්‍රදේශයේ අනාගත පුජක පුතුන්ගේ ප්‍රයෝජනය සඳහා ලතින් බසද ඉගැන්විය.

සහය මීසම් පියතුමකු ලෙස යම් දේවස්ථානයක සේවය කිරීමට ආශාවෙන් පසු වුවදඑවැනි කිසිවක් නොලැබීම නිසා අධෛර්යට පත් නොවූ තරුණ ජුසේ වාස් පියතුමා කලේ තමා සතුව තිබු කාලයෙන් ප්‍රයෝජන ගනිමින් තමා හැඳි වැඩුන ගම වූ සැන්කෝලයේපුජකවරයා ලැබීමට සුදානම්ව සිටි තරුණයන්ට ලතින් භාෂාව ඉගැන්වීමයි තමාගේම සොහොයුරියගේ පුත්‍රයා වූ ජෝශප් කරවල්ලෝ ජුසේ වාස් පියතුමන්ගෙන් ලතින් භාෂාව ඉගෙනගත් මුල්ම ශිෂ්‍යයා විය. තම මයිලනුවන් අනුගමනය කරමින් පුජකවරයා ලබා ඔරතොරියානු නිකායට බැඳී ශ්‍රී ලංකාවටද පැමිණි කරවල්ලෝ පියතුමා මහනුවර වසුරිය රෝගීන්ට උපස්ථාන කරමින් සිටියදී මරණයට පත් වුයේ ය. ජෝශප් මෙනසිස් ද තවත් එවැනි ලතින් භාෂාව හැදෑරු මුල් ශිෂ්‍යයකු වූ අතරඑතුමාද පුජකවරය ලබා ඔරතොරියානු පියතුමකු ලෙස ශ්‍රී ලංකාවට පැමිණියා පමණක් නොව ශේෂ්ඨ පියතුමා ලෙස ජුසේ වාස් පියතුමාගේ පළමු අනුප්‍රාප්තිකයා වීමටද භාග්‍ය ලැබි ය.

මේ සමයේදි ලක්දිව ලන්දෙසීන් විසින් කතෝලික ජනයාට ඇතිකරන පීඩනය පිලිබඳව මෙතුමාට දැනගැනීමට ලැබුනි. ජුසේ වාස් පියතුමා ලක්දිවට පැමිණීමට ශේෂ්ඨයින්ගෙන් අවසර ඉල්ලු නමුත් එතුමාට යෑමට අවසර ලබුනේ ඊට අසල පිහිටි කැනරාවටය.මෙලෙස ජුසේවාස් පියතුමාව කැනරාව වෙත යොමුකරනු ලබන්නේ පෘතුගීසින් යටතේ බිහිවූ ධර්මදූත කණ්ඩායමත් (පද්‍රෝආදු) වතිකානයේ පාප්තුමාගේ ධර්මදූත කණ්ඩායමත් (ප්‍රොපගැන්ඩා ෆිඩේ) අතර ඇතිවූ ගැටුමක් විසදීම සඳහාය. එම වකවානුවේදී ශුද්ධාසනය විසින් අලුතෙන් සොයාගන්න ලද රටවල ධර්මදූත කටයුතු කෙරෙහි යම් යම් බලතල ඔවුන්ටම ලබාදී තිබුනි. මෙම ක්‍රමය පූද්‍රෝආදු ක්‍රමය ලෙස හැදින්වේ. මෙම ගැටලුව ඇතිවන්නේ වතිකානයෙන් තෝමස් ද කස්ත්‍රො යන රදගුරුතුමාට මීසම් කිහිපයක නායකයෙකු ලෙස උසස්වීමක් ලැබීමත්එම උසස්වීම පළාතේ අගරදගුරුතුමා ප්‍රතික්ෂේප කිරීමත් සමඟය. එහි පැමිණි ජුසේවාස් පියතුමාට දැකගත හැකිවන්නේ දෙකඩවී වෙන්වීගිය කතෝලික සභාවක්ය.නීතිමය පියවරක් ගැනීමේ අරමුණින් ජුසේ වාස් පියතුමාව කැනරාවට එවනු ලැබූවත් එතුමා යොමුවන්නේ සාමකාමී විසඳුමක් ලබාගැනීම සඳහායි.

1681 සිට 1684 දක්වා කැනරාවේ සේවයේ යෙදි සිටි මෙතුමා ලක්දිව තත්ත්වය සොය බලමින් ලංකාවට පය තැබිය හැකි ක්‍රමයක් සොයමින් සිටියහ. වසර ගණනක් පුරාවට පියාතුමකුගේ අධ්‍යාත්මික ආධාරය ලබා නොතිබු ලංකික කතෝලික ජනතාව වෙත ජුසේ වාස් පියතුමාගේ දයාව හා කරුණාව හිමි විය. පාවහන් රහිතවවැරහැලි ඇදගත් යාචකයකු විලාශයෙන් 1687 මාර්තු මස අගදී ඉන්දියාවෙ තූත්තූකුඩියට ජුසේ වාස් පියතුමා පැමිණියේ ලංකාව බලා පැමිණීමේ අරමුණ ඇතිවය. නැවක නැගී ලන්කාවට පැමිනි මෙතුමා මුහුද මැදදී කුනාටු තත්ත්වයකට මුහුණ දී දින 3ක මුහුදු ගමන දින 30ක් දක්වා දීර්ඝ විය. අවසානයේ 1687දී ජුසේ වාස් පියතුමා සහ එතුමන්ගේ සහයක ජෝන් ශ්‍රි ලංකාවේ මන්නාරම් වෙරලට ගොඩබසින ලදි.

මේ වන විට ලක්දිව තුළ පෘතුගීසි ආදිපත්‍ය බිඳවැටී වසර 40ක් පමණ ගතවී තිබුණි. පෘතුගීසීන්ගෙන් පසුව ලක්දිව මුහුදුබඩ පළාත් සියල්ලක්ම පාහේ පාලනය කරනු ලැබුවේ ලන්දේසීන් විසිනි. ලන්දේසීන්ගේ පරම අභිප්‍රාය වී තිබුනේ තම වෙළද කටයුතු සිදු කරනවාත් සමඟ පාලන ප්‍රදේෂ පුරාවට කැල්වින් ආගම ප්‍රචලිත කිරීමය. මේ සඳහා ඔවුන් දැඩි ආක්‍රමණශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට විය. කැල්වින් දහමට ජනතාව බලෙන් හරවාගන්නා ලද අතර කැල්වින් දහම හැර වෙනත් ආගම් අදහන්නන්ට විරුද්ධව දැඩි ක්‍රියාමර්ග අනුගමනය කරන්නට විය. මෙහිදී වඩිපුරම දුක්ගැහැට විදින්නට සිදු වූයේ කතෝලිකයන්ටය. කතෝලික ආගම ඇදහීම තහනම් කරන්නට විය.කතෝලික දහම අදහන්නකුට දඩුවම් ලෙස මියයනතුරු ලන්දේසි බලකොටුවල වැඩ කිරීමට සිදුවිය.කතෝලික පියතුමකුට රැකවරනය දුන් අයගේ දේපල රාජසන්තක කරන ලදුව එම පුද්ගලයන්ට විරුද්ධව දඩුවම් ක්‍රියාත්මක කරන්නට විය.දේවස්ථාන ගිනිබත් කරන ලදි. ප්‍රතිමා ප්‍රසිද්ධියේම කඩාබිද දමන ලදි. පාරම්පරික කතෝලිකයන්ව බලෙන් ඔවුන්ගේ දේවස්ථානවලට රැගෙනයන ලදි. ඔවුන්ගේ දරුවන්ට රෙපරමාදු පාසල්වල බලෙන් කැල්වින් දහම උගන්වන්නට විය. මේ කාලයේදි යාපනය මන්නාරමපුත්තලම මීගමුව හා කොළඹ ප්‍රදේශවල කතෝලිකයන්ට විශ්වාසය වෙනුවෙන් තම ජීවිත පූජා කරන්නට සිදුවිය. ප්‍රාණ පරිත්‍යාගීන්ගේ රුධීරයෙන් ශුද්ධවූ කතෝලික සභාව තව තවත් ශක්තිමත් වන්නට විය. ලේඛනවලට අනුව පෘතුගීසි සමය අවසාන වන විට ශ්‍රී ලංකාව තුළ කතෝලිකයන් 200,000 පමණ ජීවත්ව සිට ඇත. නමුත් ජුසේවාස් පියතුමා ශ්‍රී ලංකාවට පයතබන විට ඉන් 10,000ක් පමණක් සොයාගත හැකිව තිබුණි. බෝහෝ කතෝලිකයන් පිරිසක් වනාන්තරවලට පලාගොස් තිබුණි. තවත් පිරිසක් රහසින් ආගම අදහා ඇත. තවත් පිරිසක් ලන්දේසි පාලනයට බියෙන් කැල්වින් ආගම වැලදගෙන ඇත.

ක්‍රි.ව. 1687 මැයි මාසයේ දී කුලීකාරයෙකුගේ වෙස්ගනිමින් ජුසේ වාස් පියතුමා හා සේවක ජෝන් මන්නාරම් වෙරළට ගොඩබැස්සේ මේ ස්ථානයට ය.

1687 අප්‍රේල් මාසයේ ජුසේවාස් පියතුමා යාපනයට සේන්දු විය .ඒ යාපනයේ කොළඹතුරෙයි නම් ස්ථානයෙනි. අදටත් එම ස්ථානයේ ජුසේවාස් පියතුමාගේ පිළිරුවක් පිහිටා ඇත. එසේ පැමිණි එතුමා ගෙයක් අසල මඩුවක ලගුම් ගත්තේය. එතැන් පටන් ජපමාලයක් (කොන්තයක්) කරේ දමාගෙන රහසින් කතෝලිකයන් සොයා ගමන්ගත්තේය. ජපමාලයක් (කොන්තයක්)කරේ දමගෙන යන බැවින් ලන්දේසි බටයන් විටක සිතුවේ එතුමන් මානසික ලෙඩෙකු කියාය. විටක සන්නාසියකු විලසින්දවිටක කරවල වෙළෙන්දකු විලසින්ද විටක කත්කරුවකු විලසින්ද විවිධ වෙස් ගනිමින් ජුසේ වාස් පියතුමා හා හිතවත් ජෝන් ගෙයින් ගෙට ගමන් කළෝය. ඔවුන්ගේ අරමුණ ලන්දේසි පාලනයට බියෙන් සැඟවී සිටින කතෝලිකයන් සොයාගැනීම විය. කිතුණු පවුලක් ලෙස නොපැහැදිලිව අවධාරණය කරහත් පසු ඔවුන්ටද ළකුණක් වන ලෙස ජුසේ වාස් පියතුමා තම ඉනෙහි සඟවාගත් කුරුසිය ප්‍රදර්ශණය කරයි. තමා ඉදිරියේ සිටින්නේ අන් කවරකුත් නොව කතෝලික පියතුමකු බව දැනගත් ඔවුන් ප්‍රීතියෙන් පිනා යයි. ඔවුන් සමඟ මද වෙලාවක් නැවතී යාච්ඤාකොට ඔවුන්ට අවශ්‍ය අධ්‍යාත්මික පෝෂණය ලබාදී එනම් දිව්‍ය සත්ප්‍රසාදයපාපොච්ඡාරණය වැනි ප්‍රසාධ නිධාන දානය කොට එම ස්ථානයෙන් නික්ම යයි.

මේ වන විට යාපනයේ ලන්දේසි අණ දෙන්නා ලෙස කටයුතු කරන ලද්දේ ඒඩ්‍රියන් වෑන් රීඩ් නම් පාලකයෙක්. ඔහු යාපනයේ කතෝලිකයන්ට විරුද්ධව කෲර පාලනයක් ගෙන ගිය පාලකයෙක් විය.

මේ අයුරින් දින ගතවන්නට විය. ජුසේවාස් පියතුමා ශ්‍රී ලංකාවේ ගතකරන පළමු නත්තල උදාවිය. ඒ වර්ෂ 1689දිය. යාපන කතෝලිකයන්ගේ ධෛර්‍ය කොපමණද කියතොත් යාපනය පුරා ස්ථාන 8ක දෙව මෙහෙයන් සංවිධානය වන්නට විය. දිව්‍ය පූජාව ආරම්භ කිරීමට පෙර ජනතාව හමු වී ඔවුන් සමඟ සුහදව කතා කිරීමටත් දහම් කරුණු සාකච්ඡා කරන්නටත් එතුමා කාලය වැය කළේය. ඔවුන් හට පාපෝච්ඡාරනය අතුලු ප්‍රසාද නිධාන දානය කිරීමටත් එතුමා අමතක කළේ නැත.පසුව නත්තල් දිව්‍ය යාගය ආරම්භවිය. වසර ගනනාවකට පසුව දිව්‍ය පූජාවකට සහභාගිවන මෙම ජනතාව තුල තිබුනේ දැඩි භක්තියකි. වැඩිහිටියන් පියතුමකු දකින්නේ වසර තිහකටත් අධික කාලයකට පසුවය. කුඩා දරුවන්ට මෙය ආගන්තුකනුපුරුදු අත්දැකීමක් විය. වසර ගණනකට පසුව තමන් ලැබූ මෙම ප්‍රීතිමත් නත්තල පිළිබඳව සියල්ලෝම දෙවියන්ට ප්‍රසංසා කළහ. කෙසේ නමුත් සුදුවූයේ නොසිතු සිදුවීමකි. ද්‍රෝහියකුගේ පාවාදීමකට අනුව හදිසියේම ලන්දේසීන් එම ස්ථානය වටලන්නට විය. ඔවුන්ගේ අරමුණ වී තිබුනේ රහසින්ම් යාපනයේ සැරිසරන පූජකතුමන් අල්ලා ගැනීමය. කිසිවකුටත් එතනින් පැනයාමට නොහැකි විය. ජනතාවගේ විලාප හඬ මැද ඔවුන් පූජාසනයත් එම ස්ථානයේ තිබුනු සියලු දෙත් විනාශ කරන්නට විය. කාන්තාවන්ගේ ඇදුම් ඉරාදමා ඔවුන් නිරුවත් කරන ලදි. මෙසේ අල්ලගත් 300කට අධික පිරිස යාපනය කොටුව වෙත රැගෙන යන ලදි. නමුත් ඔවුන් සෙවූ පුද්ගලයා ඔවුන් හමු වුනේ නැත. ජුසේවාස් පියතුමා එම ස්ථානයෙන් ගැලවීගෝස් තිබුණි.

අල්ලාගන්නා ලද කතෝලිකයන් යදම්වලින් බැද මුගුරුවලින් පහරදී යාපනය බලකොටුව වෙත රැගෙන යන ලදි. ජුසේවාස් පියතුමන්ට රහසින් නවාතැන් දුන් පේද්‍රොට නැවතත් කැල්වින් ආගමට හැරෙන ලෙස ලන්දේසීන් ඉල්ලූහ. ඔහුට කේක් හා වයින් ලබාදී තව තවත් ඔහුට පෙරැත්ත කළද එකම කතෝලික ශුද්ධවු සභාව කෙරෙහි තම විශ්වාසය පේද්‍රො නොබියව ප්‍රකාශ කළේය. කෝපයට පත් ලන්දේසීන් ඔහුට මැරෙන්තුරු පහරදෙන්නට විය. ඔවුන්ගේ පහර දරාගතනොහැකි පේද්‍රෝ මිය ගියේය. තවත් 4දෙනෙකු යදම්වලින් බැද යාපනය බලකොටුව ප්‍රතිසංස්කරණය කිරීමේ බරපතල වැඩවලට යොදවන ලදි. අවසානයේ ඔවුන්ද මිය ගියෝය. ලන්දේසීන් පියතුමන් සොයා ගම් නියම්ගම් පීරන්නට විය. මේ අයුරින් තත්වය කෙමින් කෙමින් දරුණු වත්ම යාපනයේ කතෝලිකයෝ ජුසේවාස් පියතුමාවත් ජෝන්වත් පුත්තලමට පිටත් කර හරින ලදි. ඒ වන විට පුත්තලම කන්ද උඩරට රජ්‍යට අයිතිව පැවතුනි. එබැවින් පුත්තල්මේ වාසය කිරීම වාස් පියතුමාගේ ආරක්ෂාවට හේතු විය

ජුසේ වාස් පියතුමා වසර 2ක කාලයක් තම ධර්මදුතික මෙහෙවර ආරම්භ කරන ලද්දේ මෙහිදීය. එම නිසා ලක්දිව සභා නවෝදයේ මුල් ග්‍රාමය වන්නේ ද මේ ග්‍රාමයයි.  තවද මෙරටට කොඩිගස හදුන්වා දුන් අතර සහ එතුමාණන්ගේ දෑතට දිව්‍ය බිලිදාණන් වැඩම කරන  ලද්දේ ද මෙහිදීය.එතුමාණන් සැගවී සිටි නිවස පිහිටා තිබු ස්ථානයේ අද ස්මාරකයක් පිහිටා තිබේ.

වර්ෂ 1640 කතෝලිකයින්ගේ කේන්ද්‍රස්ථානය වන මීගමුව ලන්දේසි අතට පත්වීමෙන් පසු පනස් වසරක් පුරාවට කතෝලික පූජකයකු නොමැතිකමින් පුත්තලමේ කතෝලික වැසියො පීඩා විදින්නට විය. ජේසු නිකායික පියතුමන්ලා පුත්තලමේ කතෝලිකයන්ගේ සහයට පැමිණියත් එලෙස පැමිණි පියවරුන්වත් ලන්දේසීන් විසින් මරාදමා තිබුණි. එසේ නැතහොත් පිටුවහල් කර තිබුණි. බොහෝ කතෝලිකයන් ප්‍රසාද ස්නාපනය (බව්තීස්මය) ලබා තිබුනද දිව්‍ය පූජවකට සහභාගි වූ කාලයක් මතක නැති තරම් විය. එවැනි සමයක් තුළ ඔවුන් අතරට පැමිණි ජුසේවස් පියතුමන්ව ඉතාමත් ආදරයෙන් ඔවුන් අතරට පිළිගන්නා ලදි.

1690 දී පුත්තලමේ පදිංචියට ගිය ජුසේ වාස් පියතුමාට වසරක් තුළදී පුත්තලමේ කතෝලික ජනතාව නගා සිටුවීමෙහිලා විශාල වැඩ කොටසක් ඉටු කිරීමට හැකිවිය. පුත්තලම ප්‍රදේශයේ ජේසු නිකායික පියවරුන් ගොඩනැගූ දේවස්ථාන මෙතුමාගේ සේවාව සඳහා මනා පිටුවහලක් විය. තවද කතෝලික පියතුමකු නොමැති අවස්ථාවලදී අධ්‍යාත්මික කටයුතු කරගෙන යෑම සඳහා අන්නාවිවරුන් පත්කරන ලදි. විශේෂයෙන්ම කල්පිටියහලාවතමුන්නේෂ්වරම්කම්මලමාදම්පේමාරවිලකටුනේරියඇටියාවලමාකඳුර හා මැටියන්ගහ යන ප්‍රදේශවලට එතුමන්ගේ සේවය වඩාත් ඵලදායි විය. ජුසේවාස් පියතුමන් 1690 අගෝස්තු 15 වැනි දින ඔරතෝරියානු නිකායේ ප්‍රධාන පියතුමා වෙත ලිපියක් යවමින් ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන ඛේදනීය තත්වය පිළිබඳව දැනුවත් කරන ලදි.

එතුමන් පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති කල්පිටිය අර්ධද්වීපයේ ග්‍රාමීය පෙදෙස්වලටද තම සේවය ලබා දෙන්නට අමතක නොකලේය. විශේෂයෙන්ම මුක්කුවාර්වරු ජීවත්වූ මාන්තිව්නාවක්කුඩාහා මාන්පුරි ප්‍රදේශවලටද එතුමන්ගේ සේවය හිමිවිය.වන්නි ප්‍රදේශයේ ගල්ගමුව ග්‍රාමයේ ජීවත්වන මිනිසුන් වනඅලින්ගෙන් හා සර්පයන්ගෙන් සිදුවන කරදර හේතුවෙන් බොහෝ දුක්ගැහැට විඳින්නට සිදුවිය. ජුසේවාස් පියතුමා එම ස්ථානයේ ලි කුරුසියක් සිටවූ අතර අදටත් එම ග්‍රාමය වන සතුන්ගෙන් ආරක්ෂාවී තිබෙන බව ගම්මුන් විශ්වාස කරයි. එදා ජුසේ වාස් මුනිතුමා මෙලෙස පලු ගස යට කළුවර කුරුසිය සිටවන විට තවත් ප්‍රාර්ථනයක් කළේය. එනම් අනාගතයේදීවත් කිසිම කතෝලික පූජක තුමකු සර්ප දෂ්ටනයකින් මිය නොයේවා කියාය. සර්ප දෂ්ටනයකින් මියගිය කතෝලික පියතුමකු ගැන අද වනතුරුත් වාර්තා වී නැත. සියවස් ගණනාවක් ජනතාව එම කුරුසිය අසල ඉටිපන්දම් දැල්වීම නිසා එය අර්ධ වශයෙන් පිළිස්සි කළු පැහැවී තිබුණි. එවකට කුරුණෑගල රදගුරුතුමන් මෙම කුරුසිය සංරක්ෂණයට පියවර ගෙන ඇති අතර ජුසේවාස් පියතුමන්ගේ ප්‍රතිමාවක් එම ස්ථානයේ ස්ථාපිත කර ඇත. එම පෙදෙස දැන් හඳුන්වන්නේ “ජුසේ වාස් පුරය” යනුවෙනි. මේවන විට එම කුරුසිය විශේෂ කුටියක පිහිටුවා ඇත. කුරුණෑගල රදගුරු පදවියේ ජනතාව අද දවස දක්වා මෙම දේවස්ථානයේ ජුසේවාස් පියතුමාගේ වාර්ෂික මංගල්‍යය ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබයි. පුත්තලමේ සිට කම්මල දක්වා විහිදී ඇති සත්කෝරළය එවකට ලන්දේසි පාලනයට අයිතිව තිබූ ප්‍රදේශයකි. සත්කෝරළය පුත්තලමට වඩා බහුලව කතෝලිකයන් ජීවත්වූ ප්‍රදේශයකි. ජුසේවාස් පියතුමා මහනුවර බලා යෑමට පෙර මෙම ප්‍රදේශවලටද පැමිණ ඇත. ඒ වසර 40කට පසු මෙහි පැමිණි ප්‍රථම පියතුමා ලෙසය. මීට පෙර පුත්තලමට සේවය සඳහා පැමිණි කතෝලික පියවරුන් මෙම ප්‍රදේශවලට පමිණියත් ලන්දේසින් විසින් ඔවුන්ව වධබන්ධනවලට පමුණුවා රටින් පිටුවහල් කොට තිබුණි. කොළඹ කොමාන්ඩරිය යටතේ පාලනය වූ මෙම ප්‍රදේශවල පවතින අවදානම තේරුම්ගත් ජුසේවාස් පියතුමා සහ ජෝන් කන්ද උඩරට බලා යාමට සූදානන්ම් විය.

17වන සියවස වන විට ශ්‍රී ලංකාවේ අගනගරය වූයේ කන්ද උඩරට ප්‍රදේශයයි. ලන්දේසි පාලන ප්‍රදේශවල තිබුණු අවදානම හැරුනුකොට කන්ද උඩරට යෑම සඳහා බලපැ අනෙකුත් හේතුව වන්නේ ඇන්ටෝනියෝ සූසා නම් පෘතුගීසි ජාතිකයකුගෙන් එතූමාට ආරාධනාවක් ලැබීමයි. ඇන්ටෝනියෝ සූසා නුවර ප්‍රදේශයේ ජීවත්වූ පුද්ගලයෙක් විය.ඔහු නිතරම වෙළදාම් කටයුතු සඳහා පුත්තලමට ආ ගිය කෙනෙකි. ඔහු ජුසේවාස් පියතුමා මුණගැසී කන්ද උඩරට විශාල කතෝලික බැතිමතුන් පිරිසක් සිටින බවත් ජනතාවගේ ආගමික කටයුතු ඉටුකර දීමට උඩරට සැපත්වන ලෙස ඉල්ලා සිටියේය. එමෙන්ම ඔහු උඩරට රාජකීය අධිකරණයේ නිලධාරියෙකු හඳුනන බවත් ඔහු හරහා උඩරට පමිණීමට රජුගේ අවසරය ලබාගත හැකි බවත් පවසන ලදි.

මෙම කාල වකවානුව වන විට ජුවාම් ද බ්‍රැගන්සා නම් පියතුමෙක් පුත්තලමේ මුක්කුවාර්වරු ජීවත්වූ ප්‍රදේශවල සේවය කර ඇත. ජුසේවාස් පියතුමාගේ අරමුණ වූයේ එතුමන්ව යවා කන්ද උඩරට ආරක්ෂාකාරීව අතුල්විය හැකි ක්‍රමයක් සෙවීමයි. හදිසියේම එතුමන් රෝගාතුර වූ බැවින් ජුසේවාස් පියතුමන්ට වෙනත් විකල්පයක් නොවීය. එතුමන් 1690 අගෝස්තු මස ගෝවේ තම ප්‍රධානීන්ට යවන ලද ලිපියකත් මෙය වැඩිදුරටත් සඳහන් වේ. පුත්තලමේ සිට නුවරට සැතපුම් 80ක් පමණ වෙයි. එලෙස ගමන්කළවිට හමුවන වෑඋඩ ප්‍රදේශයේ උඩරට රාජධානියට ඇතුල්වීම සඳහා වන කඩවතක් පිහිටා ඇත. එතැන් සිට තවත් සැතපුම් 18ක් නුවරට ළඟා වීම සඳහා ගමන් කළ යුතුව තිබුණි. ඇන්ටෝනියෝ සූසාගේ නිවස පිහිටියේද වෑඋඩ බැවින් පියතුමාට එහිදී ඔහු හමුවිය. තමන්ගේ නිවසට ජුසේ වාස් පියතුමන්ව ආදරයෙන් පිලිගන්නා සුසා එතුමන්ට තම නිවසේ නවාතැන් පහසුකම් සලස්වා උඩරට අධිකරණයේ සේවය කරන තම හිතවතා සොයා මහනුවරට පියත්විය. ඒ පියතුමාට නුවරට ඇතුළුවීමට අවසර ලබාගැනීම පිළිබඳව එම නිලධාරියා සමඟ සකච්ඡා කිරිම. ජුසේවාස් පියතුමා එහි සිටියදී පෘතුග්‍රීසි ඔත්තුකරුවෙකු යැයි සිතා කන්ද උඩරට දෙවන විමලධර්මසූරිය රජුගේ භටයන් ඔහුව අත් අඩංගුවට ගන්නා ලදී. ඉන්පසුව මහනුවර මහා හිරගෙදර එතුමාව ඔවුහු සිරගත කළහ.

1696දි මහනුවර ප්‍රදේශය පුරාම දැඩි නියං තත්වයක් ඇතිවන්නට විය. ගොවි ජනතාව බොහෝ දුක් මහන්සියෙන් කළ වගාවන් පාළුවන්නට පටන්ගත්තේය. සතුන්ට බීමට ජලය නොමැතිව මිය යන්නට විය. ඉඩෝර කාලය එන්න එන්නම දරුනු වන්නට විය. එය කෙතරම් දරුණුවුවාද කියතොත් මහනුවර රජතුමාටද මෙය මහත් ගැටලුවක් විය. රජතුමාද මේ නියඟයෙන් රට බේරාගැනීමට හැකි හැමදේම සිදුකරන ලෙස තම නිලධාරීනට උපදෙස් දෙන්නට විය. සිදුකල කිසිදු කටයුත්තක් සාර්ථක නොවීය. එන්න එන්නම ඉඩෝරය දරුනු වන්නට විය. රජුට තම හිර භාරයේ සිටින ජුසේවාස් පියතුමා ගැන කණ වැකුණි. ‍රජතුමා ඔහු කැඳවා තමන් අදහන දෙවියන්ට යාච්ඤාකර වර්ෂාව ලබාදෙන ලෙස වාස් පියතුමාගෙන් රජතුමා ඉල්ලා සිටියේය. රජුටත් ජනතාවටත් දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන ලෙස උපදෙස් දුන් වාස් පියතුමා අධික මර්ධන ක්‍රියාවලින් පසු රජමාලිගාව ඉදිරිපිට කුරුසියක් තැබු පීඨයක් තබා දනින් වැටී සියල්ල කළ හැකි දෙවියන් වහන්සේට යාච්ඤා කරන්නට පටන් ගත්තේය. මද වෙලාවකට පසු එම ස්ථානයට මහා වර්ෂාවක් ඇද හලෙන්නට විය. නමුත් එතුමාට හෝ පූජාසනයට හෝ එකදු වැහි බින්දුවක් පතිත නොවැටුනේය. මෙම සිද්ධිය 1745දී ලිස්බන් නඟරයේ පලකරන ලද වාර්ථාවකද සඳහන් විය. මෙම සිදුවීමෙන් පසු රජතුමාත් ජනතාවත් වාස් පියතුමා කෙරෙහි දැඩි ගෞරවයක් හා කරුණාවක් දක්වන්නට විය. එපමනකදු නොව ජුසේවාස් පියතුමා නිදහස් කොට මහනුවර ප්‍රදේශයේ ආගමික කටයුතු නිදහස්ව කරගෙන යෑමට එතුමාට පූර්ණ අනුග්‍රහය හිමිවිය. රජුගේ අවසරය ඇතිව ගෝවෙන් තව පියතුමන්ලා කන්ද උඩරටට ගෙන්වා ගැනීමටත් වාස් පියතුමාට හැකිවිය.

යාපනය සිල්ලාලෙයි ග්‍රාමයෙන් සිය ධර්මදූත මෙහෙවර ඇරඹූ ජුසේ වාස් පියතුමා ලක්දිව පුරා හිස් දෙපතුලින් ඇවිදිමින් කතෝලිකයින්ගේ භක්තිය රැක ගත්තා. එතුමා ඇදුම් අතර සඟවා තබාගත් කුරුසියක් පෙන්වා කතෝලිකයන් හදුනාගත් බව පොත පතෙහි සඳහන් වේ. කුසට අහර පවා නොමැතිවදිවා රෑ නොතකා තම සගයින් සමඟ මෙහෙවරේ යෙදුනි.. ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමන් හා එක්ව සිංහල හා දෙමළ කිතුනු සාහිත්‍යයට අනුපමේය මෙහෙයක් ඉටුකළේය. එතුමන් මහනුවර වසූරිය වසංගතය පැතිරුන සමයේ ජාතිආගම්කුල භේද නොසලකා රෝගීන්ට ඇප උපස්ථාන කළේය. මෙවන් වූ අමිල සේවාවන් රැසක් ඉටුකල ජුසේ වාස් පියතුමා වර්ශ 1711 ජනවාරි 16 වන දින මහනුවරදී ස්වර්ගස්ථ විය. උන්වහන්සේව වර්ෂ 1995 දී ශු.දෙවන ජුවාම් පාවුළු පාප්තුමා විසින් භාග්‍යවරයට ඔසවනු ලැබූ අතර 2015 ජනවාරි මස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා විසින් ශුද්ධවරයට ඔසවනු ලැබීය. ජනවාරි 16 වනදා එතුමාගේ මංගල්‍යය ලක් කිතුනු සභාව මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.

Post a Comment

0 Comments