✟✯🌷ශු. ‌ටටියානා මුනිවරිය 🌷✯ ✟

 


ශුද්ධවූ ටටියානා මුනිවරිය තුන්වන ශතවර්ෂයේ ඇලෙක්සැන්ඩර් සෙවරුස් අධිරාජ්‍යයාගේ පාලන සමයේ බිහිවූ ප්‍රාණ පරිත්‍යාගීවරියක් වූ අතර මුල් කිතුනු සභාවේ තේවවාචාර්යවරියක් හැටියට ද කටයුතු කළේය.

පුරාවෘත්තයන්ට අනුව ඇගේ පියා රෝම සිවිල් සේවකයෙකු වූ නමුත් රහසිගතව කිතුනු දහම ඇදහූ අතර දියණියව ද අතර, තම  ඇදහිල්ල තුළ ඇතිදැඩි කළේය. දිනක්  උල්පියන් නම් නීතිවේදීයෙක් ටටියානා තේවාචාර්‍යවරියක් ලෙස සේවයේ නියුතුව සිටියදී අල්ලාගෙන ඇපලෝ දෙවියන් හට පූජාවක් කිරීමට ඇයට බල කිරීමට උත්සාහ කළේය. එවිට ඇය තම විශ්වාසය රැක ගනිමින් යාච්ඤා කළ අතර ආශ්චර්යමත් ලෙස භූමිකම්පාවක් ඇති වී ඇපලෝ දෙවියන්ගේ පිළිමය සහ දේවමාළිගාවේ කොටසක් විනාශ විය.

ඉන් පසු ඇයගේ දෙනෙත් අන්ධ කර දින දෙකක් පුරා පහර දී සර්කස් සංදර්ශනයක් සදහා ගෙනවිත් සිටි කුසගින්නෙන් පෙළෙන සිංහයෙකු සමඟ වට විසි කළ නමුත් සිංහයා ඇයට කිසිදු අනතුරක් නොකර ඇගේ පාමුල වැතිර සිටියේ ය. අවසනයේ දී ඇයට බොහෝ සේ වධහිංසා පැමිණවීමෙන් පසු ක්‍රි.ව. 225 හෝ 230 දී පමණ ජනවාරි 12 වන දින කඩුවකින් හිස ගසා දමා මරණයට පත් කරන ලදී.

ටටියානා සාන්තුවරියක් ලෙස ගෞරවයට පාත්‍ර වන අතර ඇයගේ මංගල්‍ය දිනය ජනවාරි 12 දින සමරනු ලබයි. ශාන්ත ටටියානා විසින් සිදු කරන ලද ප්‍රාතිහාර්යයන් අතර බොහෝ මිනිසුන් කිතුනු ආගමට හරවා ගත් බව කියනු ලැබේ. ඇගේ හිස් කබල 1955 දී Bistrita ආරාමයේ සිට රුමේනියාවේ Craiova හි Saint Demetrius ආසන දෙව්මැදුරට ගෙන යන ලදි.

ශාන්ත ටටියානා සිසුන්ගේ නාම සාන්තුවරයා ලෙස ගෞරවයට පාත්‍ර වේ. බෙලාරුස්, රුසියාව සහ යුක්රේනයේ ටටියානාගේ මංගල්‍යය දිනය "ශිෂ්‍ය දිනය" ලෙස නම් කර  ඇත.  

Post a Comment

0 Comments