✟✯🌷ශු. ජෙනිවීව් මුනිවරිය 🌷✯ ✟

 



ජෙනීවිව් (Genevieve ක්‍රි ව. 419/422 AD - 502/512 දක්වා) යනු රෝමානු කතෝලික සහ නැගෙනහිර ඕතඩොක්ස් සම්ප්‍රදායන්හි පැරිසියේ නාම සාන්තුවරිය වේ. (පැරිස් නගරය සඳහා නාම සාන්තුවරයන් තිදෙනෙක් නම් කොට ඇත. සාන්ත ඩෙනිස් තුමා, සාන්ත මාර්සේල්තුමා සහ සාන්ත ජෙනවිව් මුනිවරිය) ඇගේ මංගල්‍යය ජනවාරි 3 වැනිදා සමරනු ලබයි.

ජෙනීවීව් නැන්ටෙරේ හි උපත ලබා පැරිසියට (එවකට ලුටේෂියා ලෙසින් පැරිස් නගරය හඳුන්වා ඇත) පැමිණ ඇති අතර අවුක්සර් හි ජර්මන් සහ ට්‍රෝයිස්හි ලූපස් හමුවීමෙන් පසු ක්‍රිස්තියානි ජීවිතයකට කැප වූවාය. ක්‍රි ව. 451 දී ඇය "යාච්ඤා මැරතන්" නමින් දීර්ඝ යාච්ඤාවක යෙදෙමෙින් හන්ස් ගෝත්‍රික අටිල්ලාගෙන් පැරිස් නගරය බේරා ගැනීමට කටයුතු කළාය. ඇය විසින් හන්ස් ‌නායක අටිල්ලා නගරයෙන් ඉවතට හරවා පැරිසිිය බේරා ගත් බව කියනු ලැබේ. ක්‍රි ව. 464 දී පළමුවන චිල්ඩ්‍රෙරික් මොරවින්ජියානු රජු නගරය වටලන විට, මෙතුමිය නගරය සහ එහි වටලන්නන් අතර අතරමැදියෙකු ලෙස ක්‍රියා කළාය. ආහාර එකතු කිරීම  සහ සිරකරුවන් නිදහස් කරන ලෙස රජුට ඒත්තු ගැන්වීමට ඇය කටයුතු කළාය. 

ඇයගේ අනුගාමිකත්වය සහ පැරිසියේ අනුශාසක සාන්තුවරයා ලෙස ඇය නම් කරන ලද්දේ සාන්ත ක්ලොටිල්ඩා තුමිය විසිනි. සාන්ත ක්ලොටිල්ඩා තුමිය ෆ්‍රෑන්ක්වරුන්ගේ රැජිනක් වේ. ක්ලොටිල්ඩා තුමිය විසින් සාන්තුවර චරිතාපදානයක් ලියා ඇති අතර එය බොහෝ දුරට ලියා ඇත්තේ ටුවර්ස්හි දීය. ක්ලෝටිල්ඩාතුමිය සිය සැමියාගේ මරණයෙන් පසු විශ්‍රාම ජීවිතයකට ගිය අතර මෙම චරිතාපදානය එම කාලයේදී ලියන්නට ඇති බව විශ්වාස කෙරේ.

සමකාලීනයෙකු විසින් ලියන ලද්දක් යැයි සිතිය හැකි තොරතුරු ඇතත්, ජෙනීවිව්ගේ ඉතිහාසය ඇගේ සාන්තුවර චරිතාපදානයෙන් වෙන් කළ නොහැක. ඇයව එහි විස්තර කරනු ලබන්නේ නැන්ටෙරේ හි සෙවෙරස් (ගාලෝ-රෝම ජාතිකයෙකු) සහ ජෙරොන්සියා (ග්‍රීක සම්භවයක් ඇති) ට දාව උපන් ගොවි දැරියක් ලෙසය.

බ්‍රිතාන්‍යයට යන අතරමගදී, ඇක්සෙරේ හි ජර්මනස් නැන්ටෙරේ හි නතර වූ අතර, ජිනීවීව් ඔහුට පැවසුවේ දෙවියන් වහන්සේ වෙනුවෙන් පමණක් ජීවත් වීමට අවශ්‍ය බවයි. ඔහු ඇයව දිරිමත් කළ අතර වයස අවුරුදු පහළොවේදී ජිනීවිව් තම ජීවිතය දෙවිදුන්ට කැප කළ කන්‍යාවක් බවට පත්විය. ඇගේ දෙමව්පියන්ගේ මරණයෙන් පසු, ඇය පැරිසියේ ඇගේ ඥාන මව සමඟ ජීවත් වීමට ගියාය. එහිදී තරුණ ජෙනිවිව් ඇයගේ භක්තිවන්තකම සහ පුණ්‍ය ක්‍රියාවන් කෙරෙහි ඇති භක්තිය නිසා ප්‍රශංසාවට පත් වූ අතර, සතියකට දෙවරක් පමණක් මාංශ අනුභවයෙන් වැළකීම සහ නිරාහාරව සිටීම ඇතුළුව නිරාහාරව ශීලය රක්ෂා කළාය. "ඇයගේ කර්තව්‍යය අඩු කිරීම ඔවුන්ගේ යුතුකම ලෙස සභාවේ ඉහළ නිලධාරීන් සිතන තුරු ඇය වසර තිහකට වැඩි කාලයක් මෙම ක්‍රියාවන් දිගටම කරගෙන ගියාය." 

ජෙනීවිව්ට ස්වර්ගීය සාන්තුවරයන් සහ දේවදූතයන් පිළිබඳ නිතර දර්ශන දක්නට තිබුණි. ඇගේ සතුරන් ඇයව විලක ගිල්වීමට කුමන්ත්‍රණය කරන තෙක් ඇය ඇගේ දර්ශන සහ අනාවැකි වාර්තා කළාය. පැරිසියේ රදගුරුතුමා අනෙකුත් අභිෂේක ලත් කන්‍යාවන්ගේ සුභසාධනය සඳහා ඇයව පත් කරන ලද අතර, ඇයගේ උපදෙස් හා ආදර්ශයෙන්, ඇය ඔවුන්ව උසස් ශුද්ධත්වයකට ගෙන ගියාය.

ක්‍රි ව. 451 දී පැරිසියට හන්ස් ‌ගෝත්‍රිකයන්ගේ  ප්‍රහාරය එල්ලවීමට ටික වේලාවකට පෙර, ජිනීවිව් සහ ජානුස් පැරීසියේ භීතියට පත් වූ ජනතාවට පලා යාමට නොව යාඥා කිරීමට පොළඹවන ලදි. ඇයගේ යාච්ඤාවේ මැදිහත් වීම නිසා අටිල්ලා ගේ හමුදාව ඔර්ලියන්ස් (Orléans) වෙත යාමට හේතු වූ බව කියනු ලැබේ. ක්‍රි ව. 464 දී මොරවින්ජියානු රජු වූ චිල්ඩ්‍රෙරික් විසින් පැරිසිිය වටලෑම සහ අවහිර කිරීම කරන අතරතුර, ‌ජෙනිවිව් වටලෑම මධ්‍යයේ බෝට්ටුවකින් ට්‍රෝයිස් වෙත ගොස් නගරයට ධාන්‍ය රැගෙන ආවාය. ඇය යුධ සිරකරුවන්ගේ සුභසාධනය සඳහා චිල්ඩරික් වෙත ආයාචනා කළ අතර යහපත් ප්‍රතිචාරයක් ලබා ගත්තාය. 

ජිනීවිව් ශාන්ත ඩෙනිස් කෙරෙහි විශේෂ භක්තියක් දැක්වූ අතර, එතුමාගේ ධාතු තැන්පත් කිරීම සඳහා එතුමාට ගෞරවය පිණිස දේවස්ථානයක් ඉදිකිරීමට සූදානම් විය. ක්‍රි ව. 475 දී පමණ ජිනීවිව් සාන්ත ඩෙනිස් භූමදානය කළ ස්ථානයේ ඉඩමක් මිලදී ගත් අතර අසල්වැසි පූජකයන්ට ඔවුන්ගේ උපරිම උත්සාහය භාවිත කරන ලෙස උපදෙස් දුන්නේය. ඔවුන් සතුව ප්‍රමාණවත් හුණුගල් නොමැති බවට ගොඩනැගිලි සාදන්නන් පිළිතුරු දුන් විට, ඇය ඔවුන්ව පැරිසියේ පාලම වෙත යැවූ අතර, සූකරයන් බලන්නන් දෙදෙනෙකුගේ සංවාදයෙන් මෙම ද්‍රව්‍ය විශාල ප්රමාණවලින් තිබෙන තැන් කොහිදැයි ඔවුන් දැනගන්නා ලදි. මෙයින් පසු, ගොඩනැගිල්ල සාර්ථකව ඉදිරියට ගොඩනගා ගෙන යන ලදි. මෙම කුඩා දේවස්ථානය පස්වන සහ හයවන සියවස් වලදී ප්‍රසිද්ධ වන්දනා ස්ථානයක් බවට පත්විය.

ජෙනිවිව් නිරෑපණය කරනු ලබන්නේ  දැල්වූ ඉටිපන්දමක්, පාන්, යතුරු, රංචුවක්, ගව පට්ටියක්, කොස්සක්  සමගය. සමහර විට ජෙනීවිව් ද යක්ෂයා සමඟ චිත්‍රණය කර ඇති අතර, ඇය රාත්‍රියේ දේවස්ථානයට යාච්ඤා කිරීමට ගිය විට යක්ෂයා දේවස්ථානය පුපුරවා හැර ඇති බව කියනු ලැබේ.

ඇගේ සොහොන



Post a Comment

0 Comments