✟✯✯ ශු.ජොහන් අපෝස්තුළුතුමා ✯ ✯ ✟




 ශුද්ධවු ජොහන් අපෝස්තුළුතුමා ලියු යැයි සැළකෙන සුබාරංචිය නිසා එතුමාව සුබාරංචි කතුවර ශුද්ධවූ ජොහන් තුමා වශයෙන් ද හැඳින්වේ.මෙතුමා අන්තිම රාත්‍රී භෝජනයේ දී ජේසුස් වහන්සේගේ ගේ හදවත මත හිස තබා ගන්නට තරම් වාසනාවන්ත විය.ජේසුගේ ප්‍රේමවන්ත ගෝලා වශයෙන් ද එතුමාව හඳුන්වනු ලැබේ.  උන්වහන්සේ තම දේවරාජ්‍යය, සුබාරංචිය පතල කිරීමේ බලය සියලුම අපෝස්තුළුවරුන් ට දුන්න ද පේදුරු තුමාට නායකත්වයේ ,සේවයේ බලය පැවරුවද,තම දේව අම්මව ශුද්ධවූ ජොහන් තුමා ට භාර කළ සේක. ගලීලයේ වෙරළ ආසනයේ හැදුණු වැඩුණු ජොහන් තුමා සහ මහා ජාකොබ් තුමා සෙබදීගේ පුත්‍රයන් විය .ඔවුන් ධීවර පවුලකට අයත් වූ අතර දේව රාජ්‍යය පතුරවා ලීම සඳහා ඔවුන් දෙපළ කැඳවා අපෝස්තුළුවරුන් ලෙස ජේසුස් වහන්සේ පත්කළ සේක . ජොහන්තුමා සහ ජාකොබ්තුමා  ගර්ජනාවේ පුත්‍රයන් ලෙසද සැලකේ.

පේදුරු, ජොහන්, ජාකොබ් තිදෙනා සුවිශේෂී වූ අපෝස්තුළුවරු තිදෙනෙකු ලෙස සලකා ඇති බව පෙනේ. ජයිරස්ගේ ගේ දුව සුව කිරීම, අන්‍ය රූප විලාශ වීම, මල් උයනේ දී ජේසුස් වහන්සේ ළගින්ම මෙම තිදෙනා සිට ඇත. ජොහන් තුමාට අනුව එතුමා කයිපාස්ගේ මාලිගාවට පහසුවෙන්ම ගොස් ඇත. ජොහන් තුමා දෙව් මව්, මරිය මදලේනා, සහ විශ්වාසවන්ත ස්ත්‍රීන් කිහිප දෙනෙක්,සමග කල්වාරිය දක්වා ජේසුස් වහන්සේ පසුපසින් ගියේය. ජොහන් ද ජේසුස් වහන්සේ සොහොන ළඟට දිව ගිය අය අතර සිටියේය.. උත්ථානය ට පසු ජේසුස් වහන්සේ දර්ශනය වන විට ජොහන් ද එහි සිටින  ලදි.උත්ථානය ට පසු පේදුරුතුමා ජේසුස් වහන්සේගෙන් ජොහන් ගැන යමක් ඇසූ විට උන්වහන්සේ දුන් පිළිතුර වූයේ “මා එනතෙක් ඔහු සිටිනවාට මා කැමැති නම් ඔබට මොක ද? ඔබ මා අනුව එන්නැ”යි වදාළ සේක. එහෙයින් ඒ ශ්‍රාවකයා නොමැරෙන්නේ ය යන කීම සහෝදරයන් අතර පතළ විය. එසේ වී නමුත් ජේසුස් වහන්සේ, ‘මා එන තුරු ඔහු සිටිනවාට මා කැමැති නම් ඔබට මොක දැ’යි කීවා මිස, ‘ඔහු නොමැරෙන්නේ ය’යි නොවදාළ සේක.

 ක්‍රිස්තුන් වහන්සේගේ අහස් නැගීමට පසු ජොහන් හා පේදුරු චතුර ලෙස ජෙරුසෙලමේ දේශනා කළහ.ජනප්‍රවාදයට අනුව ශුද්ධවූ ජොහන් තුමා මරියතුමී ව එෆසස් නගරයට කැඳවා ගෙන ගොස් ඇත.වන්දනාකරුවන් එතුමිය නැවතී සිටි එම ස්ථානය බැලීමට යාමට පුරුදුව ඇත. ක්‍රිස්තු වර්ෂ 108 දී මිය ගිය අන්තියෝකයේ ඉග්නාසියුස් මුනිතුමා ජොහන් තුමාගේ ගෝලයන් අතර කෙනෙක්ව විසූ ව විසූ බව සඳහන් වේ. මුල් සභා පියවරුන් ජොහන් තුමා ගැන සමහර කරුණු හෙළිදරව් කර ඇත. ප්‍රාණ පරිත්‍යාගී ජස්ටින් තුමා දක්වන ලෙස ජොහන් තුමා එෆෙසස් හී ජීවත් ව සිටියේ ය. ජොහන් තුමා විසින් සත්‍ය ආගමට හරවාගත් ගත් ශුද්ධවූ ඉරනේයුස් සහ ශුද්ධ වූ පොලිකාප් තුමන්ලා දක්වන පරිදි ජොහන් තුමා තම සුබාරංච් ග්‍රන්ථය එෆෙසස් හි දි ලියා ඇත .ටර්ටුුුලියන් ධර්මධරයා ට අනුව ඩොමිසියන් අධිරාජයා විසින් ජොහන් තුමා ව උණුවන තෙල් කටාරමක දැමූ විට ප්‍රාතිහාර්යම මෙය ලෙස එතුමා ඉන් බේරී ඇත. ශු. ජෙරොම් තුමාට අනුව ජොහන් තුමා මහලු වියේදී මියගොස් ඇත.ඩොමිසියන් අධිරාජයාගේ සමයේදී ජොහන් තුමා ඒ්ජියන් මුහුදේ පිහිටි පැත්මෝස් Patmos දූපතට පිටු හල් කර ඇත.එහි ගුහාවක සිටි ජුවාම් තුමා එළිදරව්ව පොත ලියා ඇති බව සැලකේ. අවුරුදු 94ක් පමණ ආයු වළඳා ක්‍රිස්තු වර්ෂ 100දී  ජොහන් තුමා මිය යන්නට ඇති බව සඳහන් වේ.එතුමා නමට සුබාරංචි ග්‍රන්ථයක් ද එළිදරව් පොත සහ ලිපි තුනක්ද නම් කොට ඇත.අපෝස්තුළුවරුන් අතර ප්‍රාණ පරිත්‍යාගී නොවු එකම තැනැත්තා ජොහන් තුමා බව සඳහන් වේ.

Post a Comment

0 Comments