සිලෝස් හි ඩොමිනික් තුමා

 



සිලෝස් හි ඩොමිනික් තුමා බෙනදිකානු පූජකවරයෙකි, OSB. 

ස්පාඤ්ඤයේ ලා රියෝජා හි කැනාස් හි ගොවීන්ගේ පවුලක උපත ලැබූ මෙතුමා, සැන් මිලන් ඩි ලා කොගෝලා ආරාමවල බෙනදිකානු පැවිදි පූජකයෙක්ක්ෂු වීමට පෙර එඬේරෙකු ලෙස සේවය කළේය. ඔහු පූජකයෙකු ලෙස පැවිදි වූ අතර ඉක්මනින්ම ආධුනිකයන්ගේ ප්‍රධානියා බවට පත් වූ අතර පසුව, තාපසාරාමයේ ඉඩම් ඈඳා ගැනීමට ඔහුගේ අභිප්‍රායයට විරුද්ධ වීම නිසා නවාරේහි III වන ගාර්ෂියා සැන්චෙස් රජු විසින් ඔහුගේ සහෝදර පූජකවරුන් දෙදෙනෙකු සමඟ මෙතුමාව නෙරපා හරින ලදී.

ලියොන්හි I ෆර්ඩිනන්ඩ් රජුගේ ආරක්ෂාව යටතේ, 1041 දී, ඔවුන් සිලෝස් නගරයේ දිරාපත් වෙමින් පවතින ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ රැකවරණය සොයා ගත් අතර, පැවිදිවරුන් හය දෙනෙකු පමණක් එහි වාසය කළහ. (මෙතුමාගේ මරණයෙන් පසු, ආරාමය සහ නගරය යන දෙකම ඔහු වෙනුවෙන් නැවත නම් කරන ලදී.)

ඩොමිනික්තුමා සංඝයේ ආරාමාධිපති ලෙස පත් කරන ලද අතර, ක්ලූනිගේ ප්‍රතිසංස්කරණවලින් ආනුභාව ලත්, ආධ්‍යාත්මිකව හා භෞතිකව තාපසාරාමය නැවත ගොඩනැඟීමට කටයුතු කළේය. ඔහු රෝමනෙස්ක් ශෛලියේ කුළුණු ගොඩනඟා, ස්ක්‍රිප්ටෝරියම් පිහිටුවා, රන් හා රිදී වැඩමුළුවෙන් ලැබෙන ආදායම තුළින් ආරාමය පොත් සැලසුම්, ශිෂ්‍යත්වය සහ සැලකිය යුතු පුණ්‍ය කටයුතුවල මධ්‍යස්ථානයක් බවට පත් කළේය. පසුව ඩොමිනික්තුමා සුව කිරීමේ ක්‍රියා සඳහා ප්‍රසිද්ධියට පත් විය. තාපසාරාමය මොසරාබික් පූජනීය මධ්‍යස්ථානයක් බවට පත් වූ අතර පුරාණ ස්පාඤ්ඤයේ Visigothic අක්ෂර මාලාවද මෙහි ආරක්ෂා විය.

ධනවත් අනුග්‍රාහකයන් තාපසාරාමයට පරිත්‍යාග කළ අතර, ඩොමිනික් මුස්ලිම්වරුන් විසින් සිරකර ගනු ලැබූ ක්‍රිස්තියානුවන් බේරාගැනීම සඳහා කප්පම් දීම සඳහා අරමුදල් රැස් කළේය. 1073 දෙසැම්බර් 20 වන දින මෙතුමා මිය වන විට තාපසාරාමයේ පැවිදි පූජකවරුන්ත හතළිස් නමක් සිටින ලදි.

1076 ජනවාරි 5 වන දින ඩොමිනික්ගේ ශුද්ධවු ධාතු තාපසාරාම පල්ලියට ගෙනෙන ලදී. 1085 තරම් මුල් කාලයේ දේවස්ථාන සහ තාපසාරා මෙුතමාට කැප කර ඇත. ඔහුගේ වාර්ෂික මංගල්‍ය දිනය දෙසැම්බර් 20 දින සමරනු ලැබේ.

ගුස්මාන් හි ශාන්ත ඩොමිනික්තුමාගේ මව, ආසාහි ආශිර්වාද ලත් ජොආන්, ඔහු වෙනුවෙන් නම් කළ පුත්‍රයා පිළිසිඳ ගැනීමට පෙර මෙතුමාගේ සිද්ධස්ථානයට පැමිණ යාඥා කළ බව කියනු ලැබේ.

සිලෝස් හි ශාන්ත ඩොමිනික් සිරකරුවන්ගේ, ගර්භනී කාන්තාවන්ගේ සහ එඬේරුන්ගේ අනුශාසක සාන්තුවරයා වේ.


Post a Comment

0 Comments