✟✯✯ ශු. ඩැම්සස් පාප්තුමා ✯ ✯ ✟



 ඩැම්සස් I පාප්තුමා ක්‍රි ව. 366 ඔක්තෝබර් සිට ඔහුගේ මරණය දක්වා රෝමයේ රදගුරුතුුු ලෙස කටයුතු කළේය. මෙතුමා ක්‍රි ව. 382 රෝම කවුන්සිලයේ මුලසුන දැරූ අතර එහි දි ශුද්ධ ලියවිල්ලේ නිල ග්‍රන්ථාවලිය තීරණය කරන ලදි. මෙතුමා සභාවේ ප්‍රධාන මිථ්‍යාදෘෂ්ටීන්ට එරෙහිව කතා කළේය (ඇපොලිනේරියන්වාදය සහ මැසිඩෝනියානුවාදය ඇතුළුව) ජෙරොම්තුමාට මෙතුමා සහයෝගය ලබා දී වල්ගේට් බයිබලය රචනා කිරීමට දිරිමත් කළේය. ඒලෙසම රෝම සභාව සහ අන්තියෝකියේ සභාව අතර සබඳතා සමථයකට පත් කිරීමට සහය පළ කළ අතර දිවි පිදූවන්ට ගෞරව කිරීම දිරිමත් කළේය.

මෙතුමා සිව්වන සියවස ආරම්භයේදී රෝමයේ උපත ලැබීය. වැන්දඹු පුරුෂයෙක් වූ ඔහුගේ පියා එහි ශුද්ධ නියෝග ලබා ශාන්ත ලෝරන්ස් දේවස්ථානයේ පූජකයෙකු ලෙස සේවය කර ඇත. 

ක්‍රි ව. 355 දී ශාන්ත ලයිබීරියස් පාප් වහන්සේ බර්ඩා වෙත පිටුවහල් කරන විට දමසස් රෝමානු පදවියේ අගරදගුරුවරයා විය. පාප්තුමා  පිටුවහල් කිරීමේ දී එතුමා පසුපස ගිය ඩැම්සස් පසුව නැවත රෝමයට පැමිණියේය. 366 දී ශාන්ත ලයිබීරියස්ගේ මරණයෙන් පසු, හැට දෙහැවිරිදි වියේ පසුවූ මෙතුමාව පාප්තුමා ලෙස තෝරා ගන්නා ලදී. ඔහුගේ තේරී පත්වීමට ඊර්ෂ්‍යා කළ උර්සිනස් ට එම තනතුර තමාටම අවශ්‍ය වූ අතර, ඔහුගේ අනුගාමිකයන් විසින් පාප් වහන්සේ ලෙස උර්සිනව ප්‍රකාශයට පත් කරන ලද අතර, රෝමයේ ඩැමසස්ට එරෙහිව කැරැල්ලක් ඇති කළ අතර, එයින් 137 දෙනෙක් මිය යන ලදි. පාප් තුමා වූ ඩැම්සස් සන්නද්ධ ආරක්‍ෂාවට යොමු වීම තෝරා නොගත් නමුත්, වැලන්ටිනියන් අධිරාජ්‍යයා, ඔහුව ආරක්ෂා කරන ලදි. කැරලිකරුවන් ටික කලකට රෝමයෙන් පලවා හරින ලද නමුත් පසුව ඔහු ආපසු පැමිණි අතර, ඔහුගේ නපුරු චේතනාවන් සඳහා හවුල්කරුවන් සොයා, පාප් වහන්සේට අභූත චෝදනා කළේය. ඩැම්සස් ඇදහිලිවන්තයන්ගේ පොදු පියා බවට පත් ව යහපත් ක්‍රියාමාර්ගයක් පමණක් තෝරා ගත්තේය. ඔහු බිෂොප්වරුන් හතළිස් හතර දෙනෙකුගෙන් යුත් සිනොඩ් එකක් රැස් කරන ලදි. අවසානයේ දී පීඩකයන් නෙරපා හැැරපිටුවහල් කරන ලදි. 

මෙම නව භේදයෙන් සභාව නිදහස් කිරීමෙන් පසු, ඩැඩැම්ස් බටහිරින් ඒරියන්වාදය සහ නැගෙනහිරින් ඇපොලිනේරියන්වාදය තුරන් කිරීම කෙරෙහි අවධානය යොමු කළ අතර මේ සඳහා සභා කිහිපයක් කැඳවීය. වැලන්ස් අධිරාජ්‍යයා විසින් කුරිරු ලෙස පීඩාවට පත් කර තිබූ ඇදහිලිවන්තයන් සනසාලීම සඳහා ඔහු 381 දී ෆ්ලෝරන්ස් හි බිෂොප්වරයා වූ ශාන්ත සෙනොබියස් කොන්ස්තන්තිනෝපල් වෙත යැවීය. වල්ගේට් ලෙස හැඳින්වෙන බයිබලයේ නිවැරදි ලතින් අනුවාදයක් සකස් කරන ලෙස ඔහු ශාන්ත ජෙරොම්ට උපදෙස් දෙන ලදි. වර්තමානයේ  දමසෝහි ශාන්ත ලෝරන්ස් ලෙස හඳුන්වන ශාන්ත ලෝරන්ස් දේවස්ථානය නැවත ගොඩනඟා අලංකාර කළේය. 

ලතින් සභාවේ '' දිව්‍ය කරුණාවේ ප්‍රධාන සභා ආචාර්යවරයා" ලෙස මෙතුමාව තියඩෝරෙට්  විසින් ප්‍රශංසා කරනු ලැබේ. චැල්සිඩොන් හි මන්ත්‍රණ සභාව මෙතුමාව හඳුන්වනු ලැබුවේ "රෝමයේ ගෞරවය සහ මහිමය" ලෙසයි. අවුරුදු දහඅටකුත් මාස දෙකක් පාප් තනතුර දැරූ මෙතුමා ක්‍රි ව. 384 දෙසැම්බර් 10 වැනි දින මිය යන විට අවුරුදු අසූවකට ආසන්න විය. අටවන ශතවර්ෂයේදී, ඔහුගේ හිස හැර, ශාන්ත පීතර බැසිලිකාවේ සංරක්ෂණය කරන ලද ඔහුගේ ධාතූන් දමසෝහි ශාන්ත ලෝරන්ස් දේවස්ථානයේ නිශ්චිතවම තැන්පත් කරන ලදී. ඔහු 382 රෝම මන්ත්‍රණ සභාවේ මුලසුන දැරූ අතර එය ශුද්ධ ලියවිල්ලේ නිල ග්‍රන්ථාවලිය තීරණය කළේය.


Post a Comment

0 Comments